ජාතික දැල්පන්දුවට නව පුහුණුකාරිණියන් සොයයි

193

එළඹෙන දැල්පන්දු ලෝක ශූරතාවය ඉලක්ක කර ගනිමින් ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය හා සහය දැල්පන්දු පුහුණුකාරිණිය තෝරා පත් කර ගැනීම සඳහා අයදුම්පත් මේ දිනවල කැඳවනු ලබනවා.

අයදුම්පත් 2022/12/10 වන දිනට ප්‍රථම, අංක 33, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව – පරණ බිල්ඩිම, ටොරිංටන් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයේ පිහිටි, ජාතික දැල්පන්දු සම්මේලනයට භාර දිය යුතුයි.

ජාතික පුහුණුකාරිණිය හා සහය පුහුණුකාරිණිය තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව 2023/01/01 දින සිට සංචිත පුහුණුවීම් සිදු කිරීමට නියමිතයි.

මෙවර දැල්පන්දු ලෝක ශූරතාවය 2023 වර්ෂයේ ජූලි මාසයේ දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<