ඉමාම්ගේ ඉනිම පාකිස්තානයට ජය තහවුරු කරයි

104

පසුගිය දා පාකිස්තානය අන්තර් ජාතික ක්‍රිකට් තරගාවලියක් සඳහා සිම්බාබ්වේ දේශය කරා පැමිණියේය. පාකිස්තානය, ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය පසුගිය දා අවසන් වීමෙන් අනතුරුව ඊයේ (13) පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර එක්දින තරගාවලිය ආරම්භ විය.

රෝහිත් ඉන්දියාවට පහසු ජයක් ගෙන එයි

පසුගිය දා ඉන්දියානු කණ්ඩායම එක්දින තරගාවලියක් සඳහා සහභාගි වීමට එංගලන්තය කරා පැමිණියේය. ඒ අනුව එම තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (12) පළමු එක්දින තරගය පැවැත්විය.

ඊයේ තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය බුලවායෝ හි දී පැවැත්වූ අතර එහි දී සංචාරක පාකිස්තාන කණ්ඩායම පිත්තෙන් හා පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් පළමු තරගය ජයග්‍රහණය කළේ දැවැන්ත ලකුණු 201කිණි.

කාසියේ වාසිය දිනා ගනිමින් මුලින්ම පන්දු යැවීමට  සිම්බාබ්වේ නායකයා තීරණය කළේය. ඒ අනුව පන්දුවට පහර දීම සඳහා පාකිස්තානයේ ඉනිම  ආරම්භ කරමින් ඉමාම් උල් හක් සමඟින් ෆකාර් සාමන් පිටියට පිවිසියේ ය.

ඉතාම හොඳ ආරම්භයක් ලබා ගත් ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 113ක් රැස් කළහ. එහි දී අර්ධ ශතකයක් වාර්තා කළ ෆකාර් සාමන් පන්දු 70කට මුහුණ දෙමින් ලකුණු 60ක් ලබා ගත් අතර ඉනිම පුරාම දිවුන දිගු ඉනිමක් ක්‍රීඩා කළ ඉමාම් උල් හක් පන්දු 134ක දී ලකුණු 128ක් වාර්තා කළේය. ඔහුගේ ඉනිම සඳහා හතරේ පහර 11ක් අන්තර්ගත වී තිබුණි. මෙය ඔහුගේ ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම බවට වාර්තා පොත් අතරට එක්කාසු විය.

ශොයිබ් මලික් සහ බාබර් අසම් පිළිවෙළින් ලකුණු 22ක් සහ 30ක් ලබා ගත්හ. අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසි අසීෆ් අලි වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 25ක දී ලකුණු 46ක් ලබා ගත්තේය. හයේ පහර 2ක් සහ හතරේ පහර 4කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය. ඒ අනුව පාකිස්තානය පන්දුවාර 50 අවසානයේ දී  කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 308ක සුවිසල් ඉලක්කයක් සිම්බාබ්වේ කණ්ඩායම ඉදිරියේ දිග හැරියේ ය. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී චටාරා සහ ත්‍රිපානෝ කඩුලු 2 බැගින් දවා ගත්තේය.

අප්‍රිකානු නායකයාගේ උපන් දිනයට ලක්මාල්ගෙන් රිදෙන තෑග්ගක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (13) අවසානයේ දී දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන…

දැවැන්ත ඉලක්කයක් හඹා යාමේ යෑමේ බලාපොරොත්තු සමඟින් සිම්බාබ්වේ කණ්ඩායම පිටියට පිවිසි අතර ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් සාර්ථක වන්නට පාකිස්තාන පන්දු යවන්නන් ඉඩ හසර ලබා නොදුන්නේය.

පළමු කඩුල්ල ලෙස චාරි දැවී යන්නේ උස්මාන් ඛාන්ගේ පන්දුවක් හමුවේ ෆකාර්  සාමන් වෙතට උඩ පන්දුවක් ලබා දෙමිනි. නායක මසකන්ඩා ද ලකුණු හතකට දැවී යන අතර පකිස්තානු පන්දු යවන්නන් හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම දැඩි අසරණ තත්ත්වයකට පත් විය. ඒ අනුව පන්දුවාර 35ක් ගතවද්දී සිම්බාබ්වේ කඩුලු 10ම දවා ගන්නට පාකිස්තාන පන්දු යවන්නන් සමත් විය.

එහි ප්‍රතිඵලය ලෙස ලකුණු 107කට සිම්බාබ්වේ සීමා වූ අතර පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශාදබ් ඛාන් පන්දුවාර 9ක දී ලකුණු 32ක් ලබා දී කඩුලු 4ක් දවා ගත්තේය. ඔහුට අමතරව උස්මාන් ඛාන් සහ ෆහීම් අශ්රෆ් පන්දුවාර 5 බැගින් යවා කඩුලු 2 බැගින් දවා ගත්තේය. සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ නොදැවී ලකුණු 32ක්  ලබා ගත් ආර්.මරීය.

ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ලෙස පාකිස්තානය ඉදිරිය  ලබා ගත්තේය. තරගයේ වීරයා ලෙස විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඉමාම් උල් හක් නම් කෙරුණි.

  • තරගයේ වීරයා: ඉමාම් උල් හක්

පාකිස්තානය  308 – 7 (ඉමාම් 128, ෆකහර් 60, චටාරා 2-49)

සිම්බාබ්වේ 107/10 (මරී 32*, ශාදබ්  4-32, ෆහීම් 2-14)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<