ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා විද්‍යා සහ වෛද්‍ය කළමනාකරු ගෙදර යයි

893

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යා සහ වෛද්‍ය කළමනාකරු ලෙස වසර තුනකට ආසන්න කාලයක් කටයුතු කළ Paul Khoury මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (09) නිවේදනය කළා.

තවත් ක්‍රිකට් පුවත්:

පෞද්ගලික හේතුවක් නිසාවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති Khoury පසුගිය 31 වැනිදා ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා. ඔහු 2018 වසරේ පෙබරවාරි 15 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ සේවයේ නිරත වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<