ෂේන් වෝන් වෙනුවට සංගක්කාර විස්තර විචාරක පුටුවට

1203

හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන් වෙනුවට හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඉදිරි මාස කිහිපය තුල එංගලන්තය සත්කාරකත්වය දරන තරගාවලි සඳහා විස්තර විචාරකයෙකු ලෙස සහභාගී කරවා ගැනීමට එම තරගාවලිවල මාධ්‍ය අයිතිය හිමි ‘ස්කයි ස්පෝර්ට්ස් (Sky Sports)’ ආයතනය තීරණය කර ඇත.

මහේලගේ පිතිකරණ ලැයිස්තුව බිඳ දමමින් මුරලිගේ දඟපන්දුව ජය ගනී

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ හත්වන තරගය ඊයේ (12) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩයම අතර හයිද්‍රාබාද් හී රජීව් ගාන්ධි ජාත්‍යන්තර…

එංගලන්තයේ ක්‍රිකට් වසන්තය ලෙස සැලකෙන එළඹෙන ගිම්හාන සමයේ (ජුනි-අගෝස්තු) පාකිස්තානය හා ඉන්දියාව සම්පූර්ණ තරගාවලි සඳහාත්, ඕස්ට්‍රේලියාව සීමිත පන්දුවාර තරගාවලි සඳහාත් එංගලන්තයේ සංචාරය කරන අතර එම සියලු තරගාවලි සඳහා කුමාර් සංගක්කාර විස්තර විචාරකයෙකු ලෙස සහභාගී වනු ඇත.

කුමාර් සංගක්කාර එංගලන්තයේ පැවති 2017 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද විස්තර විචාරක කාර්යය ඉටු කරන ලදි. ඒ වන විට කුමාර් සංගක්කාර එංගලන්තයේ සරේ ප්‍රාන්තය මෙන්ම කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ද නියෝජනය කළ නිසා ඔහුට විස්තර විචාරකයෙකු ලෙස එතරම් කටයුතු කිරීමට අවස්ථාව හිමි නොවුනත්, දැන් කුමාර් සංගක්කාර පළමු පෙළ තරගවලින් විශ්‍රාම ගෙන ඇති බැවින් පෙරට වඩා විස්තර විචාරක කුටියේ රැඳීමට ඉඩ හිමි වනු ඇත.  

ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් වෙනත් රටකට

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ලබා දීමට ICC තීරණය…

කෙසේ වුවත් එංගලන්තයේ විස්තර විචාරක කටයුතු භාර ගතහොත් සංගක්කාර හට එළඹෙන අගෝස්තු 18 සිට සැප්තැම්බර් 10 දක්වා පැවත්වෙන ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය (LPL) අහිමි වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් කුමාර් සංගක්කාරගේ පැමිණීම මහත් අපේක්ෂාවෙන් යුතුව සිටින නමුත් ඉන්දියාවේ එංගලන්ත සංචාරය සැප්තැම්බර් 11 වැනිදා තෙක් දිවයන නිසා සංගක්කාරගේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ආගමනය අවිනිශ්චිත වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<