රෝහිත් ඉන්දියාවට පහසු ජයක් ගෙන එයි

139

පසුගිය දා ඉන්දියානු කණ්ඩායම එක්දින තරගාවලියක් සඳහා සහභාගි වීමට එංගලන්තය කරා පැමිණියේය. ඒ අනුව එම තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (12) පළමු එක්දින තරගය පැවැත්විය. ඒ එංගලන්තයේ නොටින්හැම් හිදීය.

සුපුරුදු පරිදි එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ඉයන් මෝර්ගන් වෙතටත්, ඉන්දියානු කණ්ඩායමේ නායකත්වය විරාත් කෝලි වෙතටත් හිමිව තිබූ අතර ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.30ට පමණ තරගය ආරම්භ විය. විශිෂ්ට මට්ටමේ ක්‍රිකට් තරගයක අත්දැකීම මෙම තරගය තුළින් ප්‍රේක්ෂකයන් වෙත හිමිවූ අතර අවසානයේ දක්ෂ පිති හරඹයක නිරත වූ රෝහිත් ශර්මා ඉන්දියානු කණ්ඩායමට පහසු ජයක් අත්කර දුන්නේ කඩුලු 8කිනි.

කුසල්, දිමුත් ලකුණු පුවරුව ගොඩ දමන්නට වෑයම් කරති

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් …

කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූයේ ඉන්දියානු නායක විරාත් කෝලි ය. ඔහු පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරන අතර ඔහුගේ ආරාධනයෙන් පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරුවන් වන ජේසන් රෝයි සහ ජොනී බේස්ටොර්ව් ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 73ක සබඳතාවක් පිහිටු විය. දෙදෙනාම පන්දු 35 බැගින් වැය කරමින් ලකුණු 38 බැගින් ලබා ගන්නට සමත් විය. ඉන්දියාව වෙනුවෙන් කුල්දීප් යාදව් ඔවුන් දෙදෙනාම දවා ගන්නට සමත් විය.

ඉන් අනතුරුව කඩුලු කිහිපයක් දැවී ගිය අතර පස්වැනි කඩුල්ල සඳහා බෙන් ස්ටෝක්ස් සමඟින් ජොස් බට්ලර් පන්දු 59කින් ලකුණු 50ක සබඳතාවක් ඇතිකර ගත්තේය. බෙන් ඉතා මන්දගාමී ඉනිමක් දියත් කරමින් පන්දු 103ක දී ලකුණු 50ක් හතරේ පහර දෙකක් සමඟින් ලබා ගැනීමට සමත් විය. බට්ලර් පන්දු 51ක දී ලකුණු 53ක් හතරේ පහර 5ක් සමඟින් ලබා ගන්නට සමත් විය. ඔවුන්ට අමතරව අලි ලකුණු 24ක් සහ රශිඩ් ලකුණු 22ක් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් රැස් කළහ. ඒ අනුව පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 268ක් ලබා ගන්නට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කුල්දීප් යාදව් තම එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය .ඔහුගේ පන්දුවාර 10 තුළ එංගලන්ත පිතිකරුවන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 25ක් පමණි. පා දඟපන්දු යවන කුල්දීප් මෙහි දී නිලකුණු පන්දු 38ක් යැවීම විශේෂ සිදුවීමකි.

චන්දිමාල්, ගුරුසිංහ හා හතුරුසිංහ ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු …

ඒ අනුව 268ක ඉලක්කයක් සමඟින් රෝහිත් ෂර්මා සහ ශිකර් ධවාන් ඉන්දීය ඉනිම ආරම්භ කළේය. ලකුණු 59ක සබඳතාවක් පළමු කඩුල්ල සඳහා ඔවුන් දෙදෙනා පවත්වා ගෙන ගියේය. අලිගේ පන්දුවක් හමුවේ අටවැනි පන්දුවාරයේ දී  ධවාන් දැවී යන අතර නායක කෝලි, රොහිත් සමඟින් පිටියේ එක්කාසු වේ. පිටිය පුරා විහිදුණු මනරම් පහරවල් රැසක් මේ දෙදෙනාගේ පිතිවලින් වාර්තා විය. රෝහිත් සහ කෝලි ලකුණු 167ක සුවිසල් සබඳතාවක් ඉන්දියාව වෙනුවෙන් දියත් කළේය.

පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර පිට පහර එල්ල කරන්නට ඔවුන් දෙදෙනා සමත් වූ අතර නායක කෝලි පන්දු 82 දී ලකුණු 75ක් වාර්තා කිරීමට සමත් විය. විශිෂ්ට ඉනිමක් දියත් කළ රෝහිත් ශර්මා පන්දු 114ක දී ලකුණු 137ක් ලබා ගැනීමට සමත් විය. හතරේ පහර 15කින් සහ හයේ පහර 4කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය. 41 වන පන්දුවාරය ක්‍රියාත්මක වෙද්දී ජයග්‍රහණයේ සීමාව පසුකර යන්නට ඉන්දියාව සමත් විය. ඒ අනුව පහසු ජයක් කඩුලු 8කින් ලබා ගන්නට ඉන්දීය කණ්ඩායම ඉඩහසර වෙන් කරගත්තේ ය. එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේ දී අලි සහ රශීඩ් වශයෙන් එක් කඩුල්ල බැගින් දවා ගත්තේය. තරගයේ වීරයා ලෙස  දක්ෂ පන්දු යැවීමක නිරත වූ කුල්දීප් යාදව් නම් කෙරුණි. ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 1-0 ලෙස ඉදිරියෙන් පසුවන්නට ඉන්දියාවට හැකියාව ලැබුණි.

තරගයේ වීරයා: කුල්දීප් යාදව්

එංගලන්ත 268 (බට්ලර්  53,ස්ටෝක්ස්  50, කුල්දීප් 6 – 25)

ඉන්දියාව 269 – 2 (රෝහිත් 137*, කෝලි 75)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<