Home Sinhala සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්!

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්!

Zimbabwe Tour of Sri Lanka 2024

108
Zimbabwe Tour of Sri Lanka 2024

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (11) දිනයේ දී සමත් වුනා.

තරගාවලියේ තෙවන තරගය ලෙස අද ක්‍රියාත්මක වුන තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කළ අතර මාස ගණනකට පසු නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ වනිඳු හසරංග විශේෂ වාර්තාවක් ද සමඟින් තරගයේ වීරයා බවට පත් වීමට සමත් වුනා.

>>Photos – Sri Lanka vs Zimbabwe | 3rd ODI | Zimbabwe tour of Sri Lanka 2024

ශෙවෝන් එක්දින වරම් ලබද්දී, වනිඳුගෙන් විශිෂ්ට ආගමනයක්

මෙම තරගයේ කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායම විසින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. මෙහි දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් ද්විත්වයක් සමඟ තරගයට අවතීර්ණ වූ අතර පෙර තරගය ක්‍රීඩා කළ දසුන් ශානක සහ ජෙෆ්‍රි වැන්ඩසේ වෙනුවට වනිඳු හසරංග සහ සිය මංගල තරගය ක්‍රීඩා කරන ශෙවෝන් ඩැනියෙල් කණ්ඩායමට ඇතුළත් වුනා.

සිම්බාබ්වේ පිතිකරුවන් විසින් සිය ඉනිම ආරම්භ කරමින් ලකුණු 43ක ආරම්භක කඩුල්ලේ සබඳතාවක් පිහිටුවීමට සමත් වූ නමුත් වනිඳු හසරංග පන්දු යැවීමට පිවිසීමත් සමඟින් සියල්ල වෙනස් වීමට පටන් ගත්තා. වනිඳුගේ පැමිණීමට පෙර තරගයට වර්ෂාවෙන් ද බාධා එල්ල වූ අතර මේ නිසා තරගය සැලකිය යුතු කාලයක් නතර කර තැබීමට ද සිදු වුනා.

වර්ෂාවෙන් පසුව වනිඳු විසින් ඉක්මනින් සිම්බාබ්වේ ඉනිමේ කඩුලු තුනක් බිඳ හෙළීමට සමත් වූ අතර ඉන් පසුව නැවතත් වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වුනා. අවසානයේ නැවතත් තරගය ආරම්භ කරන විට වේලාව රාත්‍රි 8.00 කණිසමට එළඹී තිබූ අතර තරගය පන්දුවාර 27කට සීමා කෙරුණා.

ඉන් පසුව නැවතත් වනිඳු සිය කඩුලු දඩයම නොකඩවා සිදු කිරීමට සමත් වූ අතර එහි අවසන් ප්‍රතිඵලය වුනේ සිම්බාබ්වේ ඉනිම ලකුණු 96කට සීමා වීමයි.

මෙහි දී වනිඳු හසරංග විසින් පන්දුවාර 5.5ක් තුළ ලකුණු 19ක් පමණක් ලබා දෙමින් කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් වුනා.

මෙය තරගය පැවැත්වුණු ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක්දින තරගයක දී පන්දු යවන්නකු විසින් දැක්වූ හොඳම පන්දු යැවීම ලෙසයි සටහන් වුනේ.

මේ අතර මෙම පන්දු යැවීම ශ්‍රී ලංකා ක්‍රීඩකයකු විසින් එක්දින ජාත්‍යන්තර තරගයක දැක්වූ දෙවැනි හොඳම පන්දු යැවීම (චමින්ද වාස්ට පමණක් දෙවැනි වෙමින්) ලෙස ද සටහන් වුනා.

එමෙන්ම මෙය ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නකු විසින් දැක්වූ පස් වැනි හොඳම පන්දු යැවීම ලෙසත් වාර්තා අතරට එක් වීම විශේෂත්වයක්.

කුසල්ගෙන් නායකත්වයේ ඉනිමක්

සිම්බාබ්වේ කණ්ඩායම විසින් ලබා දුන් පහසු ඉලක්කය හඹා යාමට නවක ක්‍රීඩක ශෙවෝන් ඩැනියෙල් සහ අවිශ්ක ප්‍රනාන්දු පිටියට පිවිසුනත් මෙම තරගයේ ද අවිශ්කට සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ. අවිශ්කගේ ඉනිම ලකුණු බිංදුවකට සීමා වූ අතර පසුව ශෙවෝන් සමඟ කඩුල්ලේ එක් වූ නායක කුසල් මෙන්ඩිස් ඉනිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක සාර්ථක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

ශෙවෝන්ගේ මංගල ඉනිම ලකුණු 12කට සීමා කිරීමට Wellington Masakadza විසින් සමත් වූ අතර ඉන් පසුව පිටියට පිවිසුණු සදීර සමරවික්‍රම, නායක මෙන්ඩිස් සමඟ එක් වී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

මෙහි දී කුසල් මෙන්ඩිස් විසින් වේගවත් ලකුණු 66ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කිරීමට සමත් වුනා.

තරගයේ වීරයා වීරයා ලෙස වනිඳු සම්මාන ලබද්දී, ජනිත් ලියනගේ සිය මංගල එක්දින තරගාවලියේ දී ම තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය එළඹෙන 14 වැනි දා (ඉරිදා) ආරම්භ වීමට නියමිතයි.

Result


Sri Lanka
97/2 (16.4)

Zimbabwe
96/10 (22.5)

Batsmen R B 4s 6s SR
Joylord Gumbie lbw b Wanidu Hasaranga 29 34 4 0 85.29
Takudzwanashe Kaitano c Dilshan Madushanka b Wanidu Hasaranga 17 24 1 0 70.83
Craig Ervine lbw b Wanidu Hasaranga 0 6 0 0 0.00
Milton Shumba lbw b Wanidu Hasaranga 2 9 0 0 22.22
Sikandar Raza st Kusal Mendis b Maheesh Theekshana 10 11 1 0 90.91
Ryan Burl b Janith Liyanage  9 13 1 0 69.23
Clive Madande b Wanidu Hasaranga 0 1 0 0 0.00
Luke Jongwe c Kusal Mendis b Dilshan Madushanka 14 17 1 1 82.35
Wellington Masakadza c Dushmantha Chameera b Wanidu Hasaranga 11 20 0 0 55.00
Richard Ngarava not out 2 2 0 0 100.00
Blessing Muzarabani lbw b Wanidu Hasaranga 0 1 0 0 0.00


Extras 2 (b 0 , lb 0 , nb 1, w 1, pen 0)
Total 96/10 (22.5 Overs, RR: 4.2)
Bowling O M R W Econ
Dilshan Madushanka 5 0 31 1 6.20
Maheesh Theekshana 5 1 15 1 3.00
Dushmantha Chameera 4 0 14 0 3.50
Janith Liyanage  3 1 17 1 5.67
Wanidu Hasaranga 5.5 1 19 7 3.45


Batsmen R B 4s 6s SR
Shevon Daniel c Milton Shumba b Wellington Masakadza 12 28 1 0 42.86
Avishka Fernando c Joylord Gumbie b Richard Ngarava 0 4 0 0 0.00
Kusal Mendis not out 66 51 9 1 129.41
Sadeera Samarawickrama not out 14 17 1 0 82.35


Extras 5 (b 0 , lb 2 , nb 0, w 3, pen 0)
Total 97/2 (16.4 Overs, RR: 5.82)
Bowling O M R W Econ
Richard Ngarava 3 0 20 1 6.67
Blessing Muzarabani 6 0 38 0 6.33
Sikandar Raza 3 0 12 0 4.00
Wellington Masakadza 2.4 0 15 1 6.25
Luke Jongwe 2 0 10 0 5.00



එම තරගාවලිය පිළිබඳ ව ද සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<