Home Sinhala අසලංකගේ සටන්කාමී ශතකය වැස්සට යට වෙයි

අසලංකගේ සටන්කාමී ශතකය වැස්සට යට වෙයි

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2024

322
සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2024

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (6) ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. කෙසේ නමුත් එම තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වුනේ වර්ෂාවෙන් එල්ල වුනු බාධාවන් නිසයි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නව එක්දින නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. මේ තරගයේ දී ජනිත් ලියනගේ එක්දින ජාත්‍යන්තර වරම් දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත් 211 වැනි ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වුනා. එසේම තුන් ඉරියව් ක්‍රීඩක Faraz Akram සහ දඟපන්දු Tapiwa Mufudza සිම්බාබ්වේ වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත්තා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් (නායක), සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, චරිත් අසලංක, සහන් ආරච්චිගේ, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, දුෂ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක

සිම්බාබ්වේ – Takudzwanashe Kaitano, Tinashe Kamunhukamwe, Craig Ervine (c), Milton Shumba, Sikandar Raza, Ryan Burl, Clive Madande †, Faraz Akram, Richard Ngarava, Blessing Muzarabani, Tapiwa Mufudza

පැතුම් නිස්සංක ඩෙංගු රෝගය වැළදීම නිසාවෙන් එක්දින සංචිතයෙන් ඉවත්වීම නිසා අවිශ්ක සමඟ නායක මෙන්ඩිස් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට අවතීර්ණ වුනා. වසරක කාලයකට පමණ පසුව නැවතත් ජාතික එක්දින කණ්ඩායම සමඟ එක්වුණු අවිශ්කහට අද දිනයේ දීද සාර්ථක වීමට නොහැකි වුනු පසුබිමක නායක මෙන්ඩිස් සමඟ එක්වුණු සධීර 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ ස්ථාවර කළා. සධීර පන්දු 31ක් තුල 4 පහර 8ක් එල්ල කරමින් වේගවත් ලෙස ලකුණු රැස්කරමින් ලකුණු 41ක් ලබාගත් නමුත් Ngaravaගේ පන්දුවක් හමුවේ ඔහු ස්ලිප් කලාපයට උඩපන්දුවක් දෙමින් දැවී ගියා.

>>Photos – Zimbabwe tour of Sri Lanka 2024 | 1st ODI<<

ලකුණු 63කට කඩුලු 2ක් දැවී ගොස් තිබුණු අවස්ථාවේ දී සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ජනිත් සහ මෙන්ඩිස් එක්ව ලකුණු 48ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු සටහනේ අඩිතාලම තවදුරටත් ස්ථාවර කළා. කෙසේ නමුත් ශ්‍රී ලංකා මැදපෙළ කඩුලු 4ක් ලකුණු 97ක් තුල බිඳ වැටීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවාර 20 තුල පවත්වාගෙන පැමිණි 5.65ක දළ ලකුණු ලබාගැනීමේ වේගය 21 -40 පන්දුවාර තුල යම් කඩා වැටීමකට ලක්වුනා.

පන්දුවාර 40ක් අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 199ක් ලබාගෙන සිටියේ තරමක් පසුපසින් සිටිමින් වුවත්, අසලංක සමඟින් එක්වුණු මහීෂ් ලකුණු 23ක සබඳතාවයක් ගොඩනංවමින් ඉනිම නැවතත් යම් මට්ටමකට ස්ථාවර කළා. අනතුරුව චමීර සමඟින් එක්වුණු අසලංක 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව සාර්ථක අවසානයකර රැගෙන ගියා.

ඉනිමේ අවසන් පන්දුවාර 10 දී පන්දු 27ක් තුල ලකුණු 44ක් ලබාගනිමින් අසලංක සිය පිතිකරණය සහ ලකුණු ලබාගැනීමේ වේගය වේගවත් කරමින් සිය ශතකය වෙත ගියා. සටන්කාමීත්වය උපරිම ලෙස පෙනුන එම ශතකය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ ලබාගත් 3 වැනි ශතකය බවට පත්වුණු අතර 2024 නව වසරේ වාර්තා වුනු පළමු එක්දින ශතකය ද මෙයයි.

සවස 6 පමණ වින විට ක්‍රීඩාංගණය සහ ඒ අවට වාතයේ තිබුණු ආර්දතාවය තරමක් ඉහළ මට්ටමක තිබුණු නිසාවෙන් සිම්බාබ්වේ වේගපන්දු යවන ක්‍රීඩකයින්ගේ මස්පිඩු ඇදීම විටින් විට දැකගන්නට ලැබුනා. එහි ප්‍රතිඵලයක් ලෙස පන්දුවාර 6කුත් පන්දු 4ක් ක්‍රියාත්මක කරමින් දක්ෂ ලෙස පන්දු යවමින් සිටි Ngarava දකුණු පාදයේ මස්පිඩු පෙරලීමක් නිසාවෙන් පිටියෙන් ඉවතට ගිය අතර ඒ වෙනුවෙන් Ryan Burl පන්දු යැවීමට වගකීම ලබාගත්තා. ඉන් උපරිම ඵල නෙලාගනිමින් අසලංක සිය ශතක සිහිනය සැබෑ කරගත්තේ සුපිරි ප්‍රහාරයක් දියත් කරමිනි. අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 273ක් ලබාගත්තා. පන්දු යැවීමේ දී Akram, Ngarava සහ Muzarabani කඩුලු 2 බැගින් දවාගෙන දස්කම් දැක්වූවා.

ලකුණු 274ක ඉලක්කයක් හඹායාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවන් යුගලයට ප්‍රබල අභියෝගයක් දෙමින් මදුශංක සහ චමීර ඉතාමත් හොඳ පතිතයන් සහ එල්ලයන් සහිතව පන්දු යැවීම සිදුකළේ හොඳ වේගයන්ද පවත්වාගෙනයි. ඒ ගොඩනැංවූ පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස Kamunhukamwe පළමු පන්දුවෙන්ම දවාගනිමින් මදුසංක ක්‍රියාත්මක වුනා. ඉන් නොනැවතුණු ඔහු නායක Ervineගේ කඩුල්ල ද ලකුණු 0කට දවාගනිමින් සිම්බාබ්වේ මුල් පෙලට ප්‍රබල අභියෝගයක් එල්ල කළා.

කෙසේ නමුත් රාත්‍රී 7.09ට පමණ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම ආරම්භ වුනු අතර එය නොනවත්වා එකම ආකාරයකින් ක්‍රියාත්මක වුනා. ඒ අනුව රාත්‍රී 10.10ට පෙර තරගය ආරම්භ කිරීමට නොහැකි වීම සහ සිම්බාබ්වේ ඉනිමේ පන්දුවාර 20ක් ක්‍රීඩා කර නොතිබීම නිසාවෙන් තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් කටයුතු කළා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි තරගය මේ මස 8 වැනිදා දහවල් 2.30ට කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීම පැවැත්වෙනවා. තරගාවලියේ සියලුම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka
273/9 (50)

Zimbabwe
12/2 (4)

Batsmen R B 4s 6s SR
Avishka Fernando c Richard Ngarava b Clive Madande 0 5 0 0 0.00
Kusal Mendis run out (Sikandar Raza) 46 48 6 0 95.83
Sadeera Samarawickrama c Craig Ervine b Richard Ngarava 41 31 8 0 132.26
Janith Liyanage  c Sikandar Raza b Faraz Akram 24 34 1 0 70.59
Charith Asalanka run out (Clive Madande) 101 94 5 4 107.45
Sahan Arachchige c & b Faraz Akram 11 24 0 0 45.83
Dasun Shanaka c Ryan Burl b Blessing Muzarabani 8 19 0 0 42.11
Mahesh Theekshana b Sikandar Raza 10 16 0 0 62.50
Dushmantha Chameera c Ryan Burl b Blessing Muzarabani 18 23 1 0 78.26
Jeffery Vandersay not out 3 3 0 0 100.00
Dilshan Madushanka not out 3 2 0 0 150.00


Extras 8 (b 4 , lb 0 , nb 0, w 4, pen 0)
Total 273/9 (50 Overs, RR: 5.46)
Bowling O M R W Econ
Richard Ngarava 6.4 1 39 2 6.09
Blessing Muzarabani 10 1 62 2 6.20
Faraz Akram 10 0 58 2 5.80
Tapiwa Mufudza 10 0 37 0 3.70
Sikandar Raza 10 0 41 1 4.10
Ryan Burl 3.2 0 32 0 10.00


Batsmen R B 4s 6s SR
Takudzwanashe Kaitano not out 1 16 0 0 6.25
Tinashe Kamunhukamwe b Dilshan Madushanka 0 1 0 0 0.00
Craig Ervine c Sahan Arachchige b Dilshan Madushanka 0 4 0 0 0.00
Milton Shumba not out 2 3 0 0 66.67


Extras 9 (b 4 , lb 5 , nb 0, w 0, pen 0)
Total 12/2 (4 Overs, RR: 3)
Bowling O M R W Econ
Dilshan Madushanka 2 2 0 2 0.00
Dushmantha Chameera 2 1 3 0 1.50