ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ KENT RO එක්වෙයි

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

891

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමත් සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ‘Back of Jersey Branding’ (ටී-ෂර්ටයේ පිටුපස කොටසේ සන්නාම සහකරු) ලෙස ඉන්දීය Healthcare සමාගමක් වන KENT RO සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්ව සිටිනවා.

ඉන්දියාව පදනම් කර ගත් KENT RO යනු ජල පිරිපහදු යන්ත්‍ර සහ වෙනත් Healthcare නිෂ්පාදන සඳහා සිය පාරිභෝගිකයින්ට හොඳම විසඳුම් ලබා දීම සඳහා තාක්ෂණයන් ඉදිරියෙන් සිටින ආයතනයක්.

තවත් ක්‍රිකට් පුවත්:

මෙම තරගාවලියේ ICC සුපර් ලීගයේ එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවල දී පැවැත්වෙන අතර විස්සයි විස්ස තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවල දීයි. ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා – ඉන්දීය තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජූලි 13
  • දෙවැනි එක්දින තරගය – ජූලි 16
  • තුන්වැනි එක්දින තරගය – ජූලි 18
  • පළමු විස්සයි විස්ස තරගය – ජූලි 21
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 23
  • තුන්වැනි විස්සයි විස්ස තරගය – ජූලි 25

තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන දිවා/රාත්‍රි තරග ලෙසත් (පස්වරු 2.30 සිට), විස්සයි විස්ස තරග රාත්‍රි තරග (පස්වරු 7 සිට) පැවැත්වෙනවා.

මේ තරග සියල්ල ප්‍රේක්ෂකයින් නොමැතිව ජෛව ආරක්ෂිත පරිසරයක් (Bio-Secure Environment) තුල පැවැත්වෙන අතර නවීකරණය කරන ලද කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ වසර දෙකකට ආසන්න කාලයකට පසුව වීමත් විශේෂත්වයක්.

තරගාවලියේ තොරතුරු වගේම තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<