බදූරියා හමීඩියා සිහින බොඳ කරයි

95

වයස අවුරුදු 20න් පහළ පාසල් පාපන්දු කණ්ඩායම් සහභාගී වන 2019 ThePapare පාපන්දු ශූරතාවයේ තවත් තරගයක් අද (02) කොළඹ හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය හා මාවනැල්ල බදූරියා මධ්‍ය මහා විද්‍යාලය අතර කැළණිය පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.  එම තරගය ගෝල 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

නත්තලින් පසුව Man Utd හා Liverpoolට දැවැන්ත ජයග්‍රහණ

නත්තල් විවේකයෙන් පසුව එංගලන්ත ප්‍රිමියර් ලීග් පිටිය නැවතත් ඉතා උණුසුම් වුනා.

තරගයේ මුල් මිනිත්තු කීපය තුල කණ්ඩායම් ද්විත්වයම ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ අතර ඔවුන් කරට කර සටනක නිරත වන ආකාරයක් දක්නට ලැබුණි. කෙසේ වෙතත් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට බදුරලිය කණ්ඩායම සමත් වූ අතර එය තරගයේ 19 වැනි මිනිත්තුවේ දී වාර්තා විය. එම ගෝලයට හිමිකම් කීමට එම්. එෆ්. ෆවීස් සමත් විය.

තරගයේ මුල් අවධියේ දී ම ගෝලයක් ලබා ගැනීමට බදුරලිය කණ්ඩායම සමත්වුවද, ඔවුන්ට සාර්ථක අභියෝගයක් එල්ල කිරීමට හමීඩ් අල් හුසෙයිනි කණ්ඩායම සමත් විය. පළමු ගෝලය වාර්තා වී මිනිත්තු කීපයක් ගතවත්ම තරගයේ දෙවන ගෝලය වාර්තා කිරීමට හුසෙයිනි කණ්ඩායම සමත් විය. ඒ 22 වැනි මිනිත්තුවේ දී ය. එම ගෝලය එම්. එන්. එම්. සෆ්‍රාන් විසින් වාර්තා කළේය.

තරගයේ පළමු අර්ධය නිමා වන විට කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් ලබාගෙන සම තත්වයේ පසුවිය.

පළමු අර්ධය: බදූරියා මධ්‍ය මහා විද්‍යාලය 01 – 01 හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය

දෙවන අර්ධය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වූ අතර ඔවුන්ට ලැබුණු පහසු අවස්ථා කීපයක් සාර්ථක කර ගැනීමට ඔවුන් අසමත් විය. දෙවන අර්ධය තියුණු මුහුණුවරක් ගත් අතර එම අර්ධයේ පළමු ගෝලය වාර්තා වූයේ 72 වැනි මිනිත්තුවේ දී ය. ඒ හමීඩ් අල් හුසෙයිනි කණ්ඩායමේ එම්. එන්. එම්. සෆ්‍රාන්ගේ පහරකිනි. ඒ සමඟින් හුසෙයිනි කණ්ඩායම ගෝල 1-2ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

Real Madrid හට අවාසනාවන්ත තරගයක්

එංගලන්ත Premier League තරගාවලියේ සහ ස්පාඤ්ඤ La Liga තරගාවලියේ 18 වැනි…….

තවත් ගෝලයක් වාර්තා කරමින් තරගය සමකිරීමට බදූරියා කණ්ඩායම ප්‍රබල උත්සාහයක් ගත් අතර එය සාර්ථක වූයේ තරගයේ 82 වැනි මිනිත්තුවේ දී ය. එම ගෝලය බදුරලිය කණ්ඩායමේ ඒ. එච්. එම්. හුනායින් විසින් වාර්තා කළේය.

තරගයේ නියමිත කාලය අවසන් වන විට ගෝල තත්ත්වය සමවී තිබුණි. කණ්ඩායම් ද්විත්වයම තවත් ගෝල ලබා ගැනීමට අසමත් වූ අතර තරගය නිමා වූයේ ගෝල 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරවය.

අවසන් ලකුණු තත්ත්වය: බදූරියා මධ්‍ය මහා විද්‍යාලය 02 – හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය

ගෝල ලබාගැනීම

  • බදූරියා මධ්‍ය මහා විද්‍යාලය: ඒ. එච්. එම්. හුනායින් (82′), එම්. එච්. ෆවීස් (19′)
  • හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය: එම්. එන්. එම්. සෆ්‍රාන් (22′, 72′)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<