ආනන්ද සහ මහින්ද සම ශූරතා දිනා ගනී

ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය 2023

299
Colonel Henry Steele Olcott Memorial Cricket Tournament 2023

දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් 8ක් වාර්ෂිකව සහභාගී වන ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ කුසලාන, පාසල් ආදි ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පැවැති 8 සාමාජික තරගාවලියේ සම ශූරයන් ලෙසින් කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අභිශේක ලැබුවා.

මෙම තරගාවලියට සමගාමීව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් සහභාගී වූ සය සාමාජික තරගාවලියක් ද පැවැති අතර එම තරගාවලියේ අවසන් තරගයට ද වර්ෂාව හරස් වූවා. ඒ අනුව එම තරගාවලියේ කුසලානය ද ගාල්ල මහින්ද විද්‍යාලයට සහ මහනුවර ධර්මරාජ අතර බෙදී ගියා.

1999 වසරේ සිට ආරම්භ වූ මෙම තරගාවලිය මෙවර, මහනුවර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැතියේ ධර්මරාජ විද්‍යාලයීය ක්‍රිකට් පදනමේ සත්කාරකත්වයෙන්.

සහභාගී වූ පාසල් ආදි ක්‍රිකට් කණ්ඩායම්:

A කාණ්ඩය: මහනුවර ධර්මරාජ විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය.

B කාණ්ඩය: කොළඹ ආනන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය.

22 වැනි වරටත් පැවැති මෙම තරගාවලියේ අවසන් තරගය සඳහා ආනන්ද විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය සුදුසුකම් ලබා ගත්ත ද වර්ෂාව හේතුවෙන් එම තරගය අතහැර දැමීමට  සංවිධායකයන්ට සිදු වූවා.

  • තරගාවලියේ ගමන් මඟ
Team 1 Team 2 Results
1 ආනන්ද විද්‍යාලය මහින්ද විද්‍යාලය මහින්ද විද්‍යාලයට කඩුලු 8ක ජයක්.
2 ධර්මරාජ විද්‍යාලය නාලන්දා විද්‍යාලය ධර්මරාජ විද්‍යාලයට ලකුණු 10ක ජයක්.
3 මලියදේව විද්‍යාලය ධර්මපාල විද්‍යාලය ධර්මපාල විද්‍යාලයට කඩුලු 10ක ජයක්.
4 ධර්මාශෝක විද්‍යාලය රාහුල විද්‍යාලය ධර්මාශෝක විද්‍යාලයට ලකුණු 16ක ජයක්.
5 ධර්මපාල විද්‍යාලය නාලන්දා විද්‍යාලය ධර්මපාල විද්‍යාලයට කඩුලු 8ක ජයක්.
6 ආනන්ද විද්‍යාලය රාහුල විද්‍යාලය ආනන්ද විද්‍යාලයට ලකුණු 17ක ජයක්.
7 ධර්මරාජ විද්‍යාලය මලියදේව විද්‍යාලය මලියදේව විද්‍යාලයට කඩුලු 8ක ජයක්.
8 ධර්මාශෝක විද්‍යාලය මහින්ද විද්‍යාලය ධර්මාශෝක විද්‍යාලයට ලකුණු 11ක ජයක්.
9 රාහුල විද්‍යාලය මහින්ද විද්‍යාලය මහින්ද විද්‍යාලයට ලකුණු 8ක ජයක්.
10 නාලන්දා විද්‍යාලය මලියදේව විද්‍යාලය නාලන්දා විද්‍යාලයට ලකුණු 2ක ජයක්.
11 ධර්මරාජ විද්‍යාලය ධර්මපාල විද්‍යාලය ධර්මරාජ විද්‍යාලයට ලකුණක ජයක්.
12 ධර්මාශෝක විද්‍යාලය ආනන්ද විද්‍යාලය ආනන්ද විද්‍යාලයට කඩුලු 10ක ජයක්.
අවසන් පූර්ව වටය
13 මහින්ද විද්‍යාලය ධර්මපාල විද්‍යාලය මහින්ද විද්‍යාලයට ලකුණු 32ක ජයක්.
14 ධර්මරාජ විද්‍යාලය ආනන්ද විද්‍යාලය කාසියේ තීරණය අනුව ආනන්ද විද්‍යාලයට ජය.
අවසන් මහා තරගය
15 මහින්ද විද්‍යාලය ආනන්ද විද්‍යාලය වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමුණා.

තරගාවලියේ වඩාත් උණුසුම් කාණ්ඩය වූයේ  B කාණ්ඩයයි. එහි සාමාජියන් වූ කොළඹ ආනන්ද විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ප්‍රසාද ලකුණු 4ක් බැගින් ලබා ගනිමින් සම ස්ථාවලට තේරි පත්ව සිටියා.

පළමු වටයේ තරග අවසන් වෙද්දී ආනන්ද විද්‍යාලය, රාහුල විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය පරාජය කරමින් ද, මහින්ද විද්‍යාලය, ආනන්ද විද්‍යාලය සහ රාහුල විද්‍යාලය පරාජය කරමින් ද සහ ධර්මාශෝක විද්‍යාලය, මහින්ද විද්‍යාලය සහ රාහුල විද්‍යාලය පරාජය කරමින් ද ලකුණු අතර සිටියා.

ලකුණු ලබා ගැනීමේ වේගය මත අවසන් පූර්ව වටයට කණ්ඩායම් තෝරා ගැණුන අතර ඒ අනුව ලකුණු 1.676ක් ලබා ගත් ආනන්ද විද්‍යාලය ද සහ ලකුණු 0.387ක් ලබා ගත් මහින්ද විද්‍යාලය ද එම වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

A කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේ මලියදේව විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය පරාජය කරමින් ප්‍රසාද ලකුණු 4ක් ලබා ගත් ධර්මපාල විද්‍යාලය ද සහ නාලන්දා විද්‍යාලය සහ ධර්මපාල විද්‍යාලය පරාජය කරමින් ප්‍රසාද ලකුණු 4ක් ලබා ගත් ධර්මරාජ විද්‍යාලයයි.

ඒ අනුව පැවැති පළමු වැනි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 32ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් මහින්ද විද්‍යාලය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. පැවැති 2 වැනි අවසන් පූර්ව තරගයේ දී ධර්මරාජ විද්‍යාලය අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්ත ද දෙවැනියට පන්දුවට පහර දීමට සිටි ආනන්ද විද්‍යාලයේ ඉනිම වර්ෂාව විසින් වලකාලනු ලැබුවා.

ඒ අනුව එම තරගයේ තීරණය කාසියේ වාසියට බාර වූවා. එහි දී එහි වාසිය ආනන්ද විද්‍යාලය සතු වූවා.

1 වැනි අවසන් පූර්ව තරගය, අස්ගිරිය, 09-10, දෙසැම්බර් 2023, Colonel Henry Steele Olcott Memorial Past Cricketers Tournament 2023

  • කාසියේ වාසිය – ධර්මපාල විද්‍යාලය

මහින්ද විද්‍යාලය – කඩුලු 2ක් දැවී 61 (6.0) තුසිත පල්වත්ත 30, සමන් විජේරත්න 1/6

ධර්මපාල විද්‍යාලය – කඩුලු 4ක් දැවී 29 (6.0) චමිල ජයසිංහ 12, තරංග මහරඹ 2/01, හරින්ත විජේසිංහ 1/00

මහින්ද විද්‍යාලයට ලකුණු 32ක ජයක්.

2 වැනි අවසන් පූර්ව තරගය, අස්ගිරිය, 09-10, දෙසැම්බර් 2023, Colonel Henry Steele Olcott Memorial Past Cricketers Tournament 2023

  • කාසියේ වාසිය – ආනන්ද විද්‍යාලය

ධර්මරාජ විද්‍යාලය – කඩුල්ලක් දැවී 64 (6.0) චමිල අඹගස්පිටිය 32, උපේෂ් විජේසිරි නොදැවී 16, චන්දිමාල් රත්නායක 15

තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන ලද අතර කාසියේ තීරණය අනුව ආනන්ද විද්‍යාලයට ජය

  • තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා – නලින් තේනුවර (ධර්මාශෝක විද්‍යාලය)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – උපේන්ද්‍ර විජේසිරි (ධර්මරාජ විද්‍යාලය)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – මුතුමුදලිගේ පුෂ්පකුමාර (ආනන්ද විද්‍යාලය)
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – තුසිත පලිවත්ත (මහින්ද විද්‍යාලය)

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<