දිමුත් කලකට පසු එක්දින තරගාවලියක් සඳහා බංග්ලාදේශයට!

2022/23 Dhaka Premier Division Cricket League

7597

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න 2022/23 Dhaka Premier Division Cricket League ක්‍රිකට් තරගාවලියේ Shinepukur Cricket Club කණ්ඩායම නියෝජනය කිරීමට තෝරාගෙන තිබෙනවා.

දැනට 35 හැවිරිදි වියේ පසු වන දිමුත් අවසන් වරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකින් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ මීට වසර දෙකකට පමණ පෙර වන අතර, බංග්ලාදේශයේ පැවැත්වෙන මෙම තරගාවලිය සමඟ එක් වීමට ලැබීම ඔහුට සිය සීමිත පන්දුවාර දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට වටිනා අවස්ථාවක් වනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.

“අත්‍යාවශ්‍ය ම එක්දින තරග කිහිපයක් සමඟින් නැවත සුදු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ලැබීම අතිශයින් ම ප්‍රබෝධමත් අවස්ථාවක්. මගේ පිතිකරණය හොඳින් සිදු කිරීමට මෙන් ම, ඩකා හි සිටින මගේ කණ්ඩායම් සාමාජිකයින් සමඟ අත්දැකීම් බෙදා හදා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම මෙම කෙටි කාලය තුල මගේ ක්‍රීඩාව දියුණු කර ගන්නේ කොහොම ද කියලා ඉගෙන ගන්නත් මේ අවස්ථාව භාවිත කරන්න බලාපොරොත්තු වෙනවා.”

දිමුත් විසින් තමන්ට ලැබුණු මෙම අවස්ථාව පිළිබඳ එසේ අදහස් පළ කර තිබුණා.

මෙම තරගාවලියට කණ්ඩායම් 12ක් ක්‍රීඩා කරන අතර, තරගාවලියේ මූලික වටයේ තරග Round-robin ආකෘතිය යටතේ පැවැත්වෙනවා. ඉන් තෝරා ගැනෙනා හොඳම කණ්ඩායම් 6ක් Play-Off තරග වටයේ දී තරගාවලියේ ශූරතාව වෙනුවෙන් සටන් වැදීමට නියමිතයි.

එමෙන්ම මීට පෙර කමිඳු මෙන්ඩිස් හට ද මෙම තරගාවලියේ Mohammedan Sporting Club කණ්ඩායම සමඟින් එක් වීමට අවස්ථාව හිමි වුනා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<