Team ශ්‍රී ලංකා Melbourne Renegades ශූරතාවයේ අවසන් තරගයට

Melbourne Renegades Champions League 2023

977

ඕස්ට්‍රේලියාවේ ප්‍රකට ක්‍රීඩා සමාජයක් වන Melbourne Renegades සංවිධානය කරන Melbourne Renegades ශූරතාවයේ නොකඩවා සිව්වැනි වරට අවසන් මහා තරගයට පිවිසීමට Team ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිව තිබෙනවා.  

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයින්ට එරෙහිව තරග වැදීමට නියමිත අතර අවසන් තරගය දෙසැම්බර් 03 වැනිදා උදෑසන 8.30 පැවැත්වීමට නියමිතයි. 

  • පළමු තරගය – ශ්‍රී ලංකාව සහ නේපාලය  

නේපාල කණ්ඩායමට එරෙහි පළමු තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හශාන් වනසේකර (40) සහ විසුර ප්‍රනාන්දු (27) දියත් කළ සටන්කාමී ඉනිම් නිසා කඩුලු 7ක් දැවී ලකුණ් 132ක් කළා. 

පන්දු යැවීමේ දී ඔඩිල් ප්‍රනාන්දු ලකුණු 1ට ලබා ගත් කඩුලු 3 නිසා පළමු තරගයේ දී පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුනා. 

තරගයේ වීරයා : හශාන් වනසේකර  

  • දෙවැනි තරගය – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 

අශේන් අබේකෝන් ලකුණු 18කට ලබා ගත් කඩුලු 5 නිසා ඉන්දීය කණ්ඩායම ලකුණු 117ට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වූවත් ප්‍රබල ඉන්දීය පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19.4ක් අවසානයේ ලකුණු 114 කට සීමා වුනා. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ විහඟ ප්‍රනාන්දු ලකුණු 36ක් රැස් කළා. 

  • තෙවැනි තරගය – ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය  

ශ්‍රී ලංකා කණ්ඩායම් නායක මොහොමඩ් අල්ෆාර් නොදැවී වාර්තා කළ ලකුණු 38 නිසා නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 152ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් ලකුණු 97කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වූ අතර අගනා පන්දු යැවීමක නිරත වූ විසුර ප්‍රනාන්දු ලකුණු 7ට කඩුලු 3යි. 

තරගයේ වීරයා: මොහොමඩ් අල්ෆාර් 

  • සිව්වැනි තරගය –  ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය 

හශාන් වනසේකර නොදැවී ලබා ගත් අර්ධ ශතකය (66*) නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ ලකුණු 124ක් ලබා ගැනීමට සමත් වූ අතර බංග්ලාදේශ ක්‍රීඩකයින්ට පන්දුවාර 20 අවසානයේ ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 71ක් පමණයි.  

තරගයේ වීරයා: හශාන් වනසේකර  

  • පස්වැනි තරගය – ශ්‍රී ලංකාව සහ පාකිස්තානය  

නායක මොහොමඩ් අල්ෆාර් නොදැවී රැස් කළ ලකුණු 67 සහ අශේන් අබේකෝන් ලකුණු 12ට ලබා ගත් කඩුලු 3 සමඟ පාකිස්තානය පරාජය කරමින් පහසු ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා. 

තරගයේ වීරයා: මොහොමඩ් අල්ෆාර් 

  • අවසන් පූර්ව තරගය – ශ්‍රී ලංකාව සහ පාකිස්තානය  

බානුක කැප්පෙටිපොල වාර්තා කළ ලකුණු 36 සහ නැවත වරක් අශේන් අබේකෝන් ලබා ගත් කඩුලු 2 සමඟ පාකිස්තානය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා. 

තරගයේ වීරයා: බානුක කැප්පෙටිපොල 

අනෙක් අවසන් පූර්ව තරගය ජය3ග්‍රහණය කරමින් ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර අවසන් මහා තරගය දෙසැම්බර් මස 03 දා පැවැත්වෙනවා.  

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<