සිම්බාබ්වේ විස්සයි විස්ස තුන්කොන් කිරුළ පාකිස්තානයට

172

සිම්බාබ්වේ, පාකිස්තානය  සහ ඕස්ට්‍රේලියාව අතර පසුගිය දා ආරම්භ වූ තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය ඊයේ (8) දින ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර හරාරේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. මෙහි දී ලකුණු 187ක් ලබා පන්දු 4ක් අතැතිව කඩුලු 6කින් තරගය ජය ගැනීමට පාකිස්තානය සමත් විය.

කොදෙව්වන්ගේ වේගපන්දු හමුවේ බංගලාදේශය අසරණ වෙයි

පසුගිය දා ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3කින් යුතු තරගාවලියකට..

පළමු වටයේ දී සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට නොලැබීම නිසා ඔවුන් හට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. තරග 3 බැගින් ජය ගෙන අවසන් තරගය සඳහා  පාකිස්තානයත්, ඕස්ට්‍රේලියාවත් සුදුසුකම් ලබා තිබූ අතර ලොව ප්‍රබලම කණ්ඩායම් දෙකක් ලෙස නම් දරා ඇති ඔවුන් අතරින් කවුරු ශූරතාවය දිනා ගනු ඇති දැයි නිසැකවම පැවසීමට විචාරකයින් අපොහොසත් විය.

ඒ අනුව ඊයේ දහවල් ආරම්භ වූ තරගය සඳහා සහභාගී වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩක ලැයිස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවී තිබුණු අතර පාකිස්තානය පසුගිය තරගය සඳහා සහභාගි වූ කණ්ඩායමේ එක් වෙනස්කමක් සහිතව තරගයට අවතීර්ණ විය. ඒ ආරම්භක පිතිකරු සහිබ්සාදා ෆර්හාන් තම කණ්ඩායම වෙත කැඳවීමෙනි. මෙය ඔහුගේ ප්‍රථම අන්තර්ජාතික විස්සයි විස්ස තරගය ද විය.

පැහැබර කාලගුණික තත්ත්වයක් යටතේ තරගය ආරම්භ වුන අතර කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූ ඕස්ට්‍රේලියානු නායක ඒරොන් ෆින්ච් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව සුපුරුදු පරිදි ඒරෝන් ෆින්ච් සමඟින් ඩී. එම්. ෂෝර්ට් ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා හට පළමු කඩුල්ල සඳහා ලකුණු 95ක සබඳතාවයක් පවත්වා ගැනීමට හැකි විය. ෆින්ච් හා ෂෝර්ට් එක්ව පළමු ‘පවර් ප්ලේ’ අවස්ථාව තුළ ලකුණු 54ක් ලබා ගැනීම විශේෂත්වයකි.

ප්‍රශ්න ඇතිවීම සාමාන්‍යයි – අපි සූදානම් – චන්දිමාල්

පිටිය තුළ සහ ඉන් පිටත විවිධාකාර ගැටලු මතුවීම ඕනෑම ක්‍රීඩකයෙකු මුහුණ දීමට සූදානම්ව..

නායක ආරොන් ෆින්ච් පන්දු 27ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත් අතර ඩී. එම්. ෂෝර්ට් පන්දු 53ක දී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 76ක් ලබා ගන්නට සමත් විය. විශිෂ්ට ආරම්භයක් ලබා දෙමින් ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියාව ඉතා ඉහළ ලකුණු සංඛ්‍යාවක් සඳහා ගෙන යාමේ අඩිතාලම දැමූ අතර එය ඕස්ට්‍රේලියාවට තම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8කට ලකුණු 183ක් වැනි හොඳ ලකුණු මට්ටමකට යාමට ඉඩ සැලසීය. ආරම්භක පිතිකරුවන් දෙදෙනා හැර අනෙක් එකදු පිතිකරුවෙකුට ලකුණු 20කට වඩා ලබා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් ඉඩ නොතැබූවේය.

පන්දු යැවීමේ දී මොහොමඩ් ආමීර් හට පන්දු වාර 4ක දී ලකුණු 33ක් ලබා දෙමින් කඩුලු 3ක් ද, ශාදබ් ඛාන් හට පන්දුවාර 4ක් තුළ ලකුණු 38ක් ලබා දී කඩුලු 2ක් දවා ගැනීමට හැකි විය. මොවුන් දෙදෙනාට අමතරව හසන් අලී, ශහීන් ෂා සහ ෆහීම් අශ්‍රාෆ් එක කඩුල්ල බැගින් ලබා ගත්හ.

දැවැන්ත ඉලක්කයක් හිස මත තබා ගනිමින් පිටියට පිවිසියේ පාකිස්තානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල වූයේ ෆකහර් සාමන් සහ  කෝඩුකාර සහිබ්සාදා ෆර්හාන්‍ ය. ආක්‍රමණශීලී ඕස්ට්‍රේලියානුවන් පළමු පන්දුවාරය සඳහා වේගපන්දු යවන්නෙකු වෙනුවට දඟපන්දු යවන ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් කැඳවීය. මැක්ස්වෙල්ගේ ආගමනය සාර්ථක වූ අතර පළමු පන්දුවාරය තුළම ලකුණු නොලබා සිටිය දී සහිබ්සාදා ෆර්හාන්ව දවා ගැනීමට ඔහු සමත් විය. එයින් නොනවතින මැක්ස්වෙල් තම 4 වැනි පන්දුවේ දී හුසේන් තලාට් ද ලකුණු නොලබා දවා ගත්තේය. පළමු පන්දුවාරය නිමා වන විට පාකිස්තාන කණ්ඩායම ලකුණු 2 කට කඩුලු 2ක් දැවී ගොස් අසීරු අඩියකට ඇද වැටී සිටියේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් දකුණු අප්‍රිකානුවන් මෙල්ල කරයි

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර…

ඉන්පසු ෆකාර් සාමන් සමඟින් එකතු වූ නායක සෆ්රාස් අහමඩ් යම් සබඳතාවක් ඇති කරගනිමින් පාකිස්තානු ඉනිම යම් ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට උත්සාහ දැරූ නමුත් 6 වන පන්දුවාරයේ දී ඔහු ලකුණු 28ක් ලබා සිටිය දී දැවී ගියේය. ඉන් අනතුරුව ෂොයිබ් මලික් පිටියට පැමිණි අතර ෆකාර් සාමන් හා එක්ව ඉතාම හොඳ වේගවත් ලකුණු සබඳතාවක් ඇති කර ගනිමින් පාකිස්තානය ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් අසරණ කරමින් පිටිය පුරා පහරවල් එල්ල කරන්නට ආරම්භක පිතිකරු ෆකාර් සාමන් සමත් වූ අතර පන්දු 46ක දී ලකුණු 91ක් වාර්තා කරන්නට ඔහුට හැකි විය. හතරේ පහර 12කින් සහ හයේ පහර 3කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය. අනෙක් අන්තයේ නොදැවී ක්‍රීඩා කළ ෂොයිබ් මලික් ඉවසිලිවන්තව පන්දු 37ක දී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 43ක් වාර්තා කරන්නට සමත් විය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේ දී ග්ලේන් මැක්ස්වෙල් පන්දුවාර 3ක දී ලකුණු 35ක් ලබා දී කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය. තව ද ජේ. රිචර්ඩ්සන් ලකුණු 29කට එක කඩුල්ලක් ලබා ගත අතර ඒ. ටයි හා එක්ව රිචර්ඩ්සන් විසින් සෆ්රාස් අහමඩ්ව දුවද්දී දැවී යාමකට හසු කරගන්නා ලදි.

අවසාන පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා පකිස්තාන ක්‍රීඩකයින්ට ලකුණු දෙකක් පමණක් ලබා ගැනීමට තිබූ අතර ඉනිම අවසන් වීමට පන්දු හතරක් තිබිය දී ස්ටෝයිනිස්ගේ පන්දුවකට හතරේ පහරක් එල්ල කරමින් අසීෆ් අලී ජයග්‍රාහී ලකුණු සීමාව පසු කරන්නට සමත් විය. තරගාවලිය හා අවසන් තරගය පුරාවටම පිත්තෙන් දස්කම් දැක්වූ ෆකාර් සාමන් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා යන සම්මාන වලින් පිදුම් ලැබීය.

ඒත් සමඟම සිම්බාබ්වේ විස්සයි විස්ස තරගාවලියේ ජයග්‍රහණය පාකිස්තානු කණ්ඩායමට හිමි වූයේ අවසන් තරගය කඩුලු හයකින් ජය ගැනීමෙනි.

තරගයේ සහ තරගාවලියේ වීරයා : ෆකර් සාමන්

ඕස්ට්‍රේලියාව: 183 / 8 (ශෝට් 76, ෆින්ච් 47, ආමීර් 3-33)
පාකිස්තානය: 187 / 4 (ෆකාර් 91, මලික් 43* මැක්ස්වෙල් 2-35)

                                         >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<