ශ්‍රී ලංකා පන්දු යවන්නන් දකුණු අප්‍රිකානුවන් මෙල්ල කරයි

3929

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වූ දෙදින පුහුණු ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (8) නිමා විය.

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 17ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 270ක් පසුපසින් සිටිමිනි.

මැතිව්ස්, ධනුෂ්ක හා කෞශාල් අර්ධ ශතක අතරට

දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු හා එකම…

ඩීන් එල්ගාර් හා  පිටියේ එක්වූ හෂීම් අම්ලා දකුණු අප්‍රිකානු දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක සාර්ථක ආරම්භයක් ලබා දෙන ලදි. එහි දී 4 පහර 8ක් සමඟින් ලකුණු 43ක් ලබාගත් එල්ගාර්, විකුම් සංජය එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ එම ගොඩනැංවූ සබඳතාවයට තිත තබමිනි.

එයින් නොනැවතුනු දකුණු අප්‍රිකානු මැදපෙළ පිතිකරුවන් වන දකුණතින් පිත්ත හසුරුවන අම්ලා හා ටෙම්බා බවිමා තෙවන කඩුල්ල වෙනුවෙන් ද ඉතාමත් ස්ථාවර සබඳතාවයක් (ලකුණු 78) ගොඩනැංවූයේ දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කර ගැනීමේ දකුණු අප්‍රිකානු මෙහෙයුමට යම් ජවයක් එක්කරමිනි. මෙම තරගයේ දී කිසිදු දකුණු අප්‍රිකානු පිතිකරුවන් යුගලයකට ශතක සබඳතාවයක් ගොඩනැංවීමට ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායමේ පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදීම ඉතාමත් කැපීපෙණිනි.

මනරම් 4 පහර 11ක් සිය පෞද්ගලික ලකුණු පුවරුවේ සටහන් කර ගත් දකුණතින් පිත්ත හසුරුවන අම්ලා, ලකුණු 78කට හා ලකුණු 58ක් ලබා ගත් බව්මා දැවී ගිය පසුව නම් දකුණු අප්‍රිකානු පිතිකරුවන් හට  යහපත් කාලයක් උදා නොවීය. ඒ දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දක්ෂ ලෙස පන්දු යැවූ නිසාවෙනි. විටෙක දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ ලකුණු සටහන 223/4ක් ලෙස ප්‍රබල තැනක පසුවුවත් එම ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 115ක් තුල දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.

නායකත්වයේ පිතිකරණයක නිරත වූ ෆැෆ් ඩියු පෙලෙසිස් 4 පහර 13ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 79ක් ලබාගෙන දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය ඉතාමත් හොඳ පුහුණු තරගයක් බවට පත්කර ගනිමිනි. පසුපෙළින් කරළියට පැමිණි ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් 6 පහර 3ක් හා එක් 4 පහරක් සමඟ වේගවත් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් විය. අවසානයේ දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 338කට සීමා විය.

ටෙස්ට් සංචිතයෙන් උඩවත්ත හැලේ; නායකත්වය තවමත් චන්දිමාල් අතේ

ලබන 12 වැනිදා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය…

පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ලකුණු 72කට කඩුලු 3ක් දවා ගන්නා විට, ධනංජය ද සිල්වා හා ලසිත් ඇඹුල්දෙණිය අතරේ කඩුලු 2ක් බැගින් බෙදී ගියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම පළමු ඉනිම – 287/10 (78.2): ඇන්ජලෝ මැතිව්ස් 92, කෞශාල් සිල්වා 76, ධනුෂ්ක ගුණතිලක 53, තබ්‍රයිස් ශම්සි 5/45, ෂෝන් වොන් බර්ග් 2/82.

දකුණු අප්‍රිකානු  පළමු ඉනිම – 338/10 (73.5): ෆැෆ් ඩියු පෙලෙසිස් 79, හෂීම් අම්ලා 78, ටෙම්බා බව්මා 58, ඩීන් එල්ගාර් 43, වනිඳු හසරංග 3/72, ධනංජය ද සිල්වා 2/09, ලසිත් ඇඹුල්දෙණිය 2/83.

දෙරට අතර පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 12 වැනිදා ගාලු ජාත්‍යන්තර පිටියේ දී පැවැත්වෙන අතර එතැන් සිට තරගාවලිය අවසානය දක්වා එම තරගාවලියේ තොරතුරු ඔබ හමුවට ගෙන ඒමට ThePapare.com සූදානම්. එතෙක් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<