ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද (26) පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් Pink Ribbon Day ලෙස නම් කර තිබෙනවා.
පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම සඳහා වෙන් කර ඇති ඔක්තෝබර් මාසය සංඛේතවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද තරගයේ දී රෝස පැහැති රිබන් පටියක් පැළඳ ක්‍රීඩා කරනු ඇති.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
මෙමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පියයුරු පිළිකා වළක්වාලීම සඳහා සිදුකරන ක්‍රියාමාර්ග වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් දක්වන සහයෝගය පිළිබිඹු වනු ඇති.
දෙරට අතර තෙවැනි එක්දින තරගය මේ වන විට ආරම්භ වී ඇති අතර, තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
මෙම තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<