ගෙවුනු දවස: ඔක්තෝම්බර් 14 – ජේසන්ට ආබාධයක්!

575
ආබාධමය තත්වයක් නිසාවෙන් සංචිතයෙන් ඉවත්කල ජේසන් දිසානායක ආසියා සත්සමාජික රග්බි තරගාවලිය අතරතුරබටහිර ඉන්දීය කොදෙව් A සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ ඡායාරූපයක් ©ThePapare.com

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 රග්බි 

ජේසන් වෙනුවට හිරන්ත කණ්ඩායමට

ආසියානු සත්සමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයෙකු වන ජේසන් දිසානායක පුහුණුවීම් අතරතුරදි සිදුවුනු ආබාධමය තත්වයක් හේතුකොට ගනිමින් සංචිතය ඉවත් කිරීමට තීරණය කර ඇත.

ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවන අදියරේ ආරම්භයට පැය 24කටත් අඩු කාලයකදී මෙලෙස ජේසන්ව කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට ඉිසිපතන විද්‍යාලීය හිටපු රග්බි ක්‍රීඩක හිරන්ත පෙරේරා සංචිතයට කැදවීමට තේරීම් කමිටුව තීරණය කර ඇත. ඔහු මිට ප්‍රථම පැවති පළමු සහ දෙවන අදියරයන් ද නියෝජනය කල දක්ෂ ක්‍රීඩකයෙකි.

තෙවන අදියරේ ප්‍රථම තරග කොළඹ තුරඟ තරග පිටියේදී අද උදෑසන 11 ආරම්භ වනු ඇත. සියළුම තරග සජිවීව නැරඹීමට ThePapare.com සමඟ එකතුවෙන්න.

තරග සජීවීව නැරඹීමට පිවිසෙන්න


 ක්‍රිකට් 

කොදෙව්වෝ එකට එක කරයි

සංචාරක කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරඟය ඊයේ (14) අවසන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 333ක දැවැන්ත පරාජයක් හිමිකර දෙමිනි. තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාගංනයේදි පැවැත්විනි.

ශ්‍රී ලංකා A කණ්ඩායම දෙවන ඉණිම – 147/10 (48.2): ජෙෆ්රි වැන්ඩසේ 47, චරිත් අසලංක 34, අවිශ්ක ප්‍රනාන්දු 18

කොදෙව් A පළමු ඉණිම – 509/9 dec (137.4): විශාල් සිං 161, ජමාර් හැමිල්ටන් 99, රජේන්ද්‍ර චන්ද්‍රික 84, ශිම්රන් හේට්මයර් 48, චරිත් අසලංක 4/104, දිමුත් කරුණාරත්න 1/6

ශ්‍රී ලංකා A පළමු ඉණිම – 245/10 (72.5): නිරෝෂන් දික්වැල්ල 88, දිමුත් කරුණාරත්න 68, සම්පත් ගුණරත්න 46, රහකීම් කෝන්වල් 6/91

කොදෙව් A දෙවන ඉණිම  – 216/03 dec (41) : රජේන්ද්‍ර චන්ද්‍රික 68, ජමාර් හැමිල්ටන් 56*, ශම්රා බෲක්ස් 53*,  චරිත් අසලංක 1/63

සම්පූර්ණ ලිපිය: කොදෙව් මතකයන් නොමැකෙන දිනක්


ධර්මාශෝක විදුහලට පූර්ණ තරග ජයක්

වයස අවුරුදු 19න් පහළ සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) නිමාවුනු තරග රාශියක් පැවති අතර ඒ අතුරින් පූර්ණ තරග ජයග්‍රහණයක් හිමි වූයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට පමණි. තවද සාන්ත පීතර, සාන්ත ජෝසප් සහ සාන්ත ආනා විද්‍යාල මුල් දිනයේ වැඩි වාසි හිමිකර ගන්නට සමත් වූහ. රාජකීය – මහින්ද තරගයේ ප්‍රථම දිනය ගෙවී ගියේ දෙපිළටම සම වාසි හිමිකර දෙමිනි.

මොරටු විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 123 (පන්දුවාර 33.3) මදුශ්ක ප්‍රනාන්දු 55, නිමේෂ් මෙන්ඩිස් 2/29, කවිඳු නදීශාන් 3/14, ලොහාන් ද සොයිසා 2/27.

ධර්මාශෝක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 353 (පන්දුවාර 88) රවිඳු රෂාන්ත 147, දිනුක ඩිල්ශාන් 34, ලොහාන් ද සොයිසා 29*, ලසිත් කුමාර 27, සුභාෂ් ලසංග 24, නිර්මාල් විජයසිංහ 4/104, නිරාජ් කණිෂ්ක 2/29, ජනිත සෙව්මිත් 3/81.

මොරටු විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 220 (පන්දුවාර 66.2) මදුෂ්ක ප්‍රනාන්දු 76, ජීවන්ත ප්‍රනාන්දු 34, ඩිලක්ෂණ ප්‍රනාන්දු 20*, උශාන් ඉමන්ත 3/64, නිමේෂ් මෙන්ඩිස් 3/52, ලොහාන් ද සොයිසා 2/41.

රාජකීය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 205 (පන්දුවාර 58.4) ගනිත් සන්දීප 52, කවිඳු චතුරංග 40, හිමේෂ රාමනායක 37, රිෂිකන් රවින්ද්‍රනාදන් 28, ‍රෙෂාන් කවින්ද 4/37, කවිඳු එදිරිවීර 3/64.

මහින්ද විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 98 (පන්දුවාර 31.5) රවිඳු හංසික 58*.

සම්පූර්ණ ලිපිය: වනිතගේ ශතකය සාන්ත ආනා විද්‍යාලයට වැඩි වාසි ගෙනෙයි


 පාපන්දු 

ත්‍රිත්ව – තෝමස් සටන ජය පරාජයෙන් තොරයි

වියළි කාළගුණික තත්ත්වයක් තුළ ඊයේ (14) කොළඹ CR & FC පිටියේ පැවති ශාන්ත තෝමස් විද්‍යාලය සහ ට්‍රිනිටි විද්‍යාලය අතර පාපන්දු තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

මීට පෙර පැවති තරග 6 තුළදී ට්‍රිනිටි විද්‍යාලය තරග 2ක්, ශාන්ත තෝමස් විද්‍යාලය තරග 2ක් ලෙස ජයගත් අතර ඉතිරි තරග ද්විත්වයම ජය පරාජයෙන් තොරව අවසන් විය.

අද පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන තෙක්ම දෙපිලටම ගෝල වාර්තා කිරීමට නොහැකිවිය. කෙසේ නමුත් අවස්ථාවන් කිහිපයකදී දෙපිලම විසින් ගෝල ලබාගැනීමට උත්සහා කළද, එ් සියලු උත්සහායන් ව්‍යර්ථ විය.

ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වන තෙක් දෙපිලටම ගෝල ලබාගැනීමට නොහැකි වු අතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ ට්‍රිනිටි විද්‍යාලය අතර පැවැත්වු  7 වන වාර්ෂික පාපන්දු තරගය  ජය පරාජයෙන් තොරව අවසන් වුණි.


 මලල ක්‍රීඩා 

පාසල් මලල ක්‍රීඩකයෝ දෙවැනි දිනයත් සාර්ථකව ජය ගනී

32 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දෙවන දිනය ඊයේ (14) ආරම්භ විය. තරගාවලියේ උද්වේගකර තරග ඉසව් රාශියක් අදින් ආරම්භ වූ නිසාම පළමු දිනට වඩා වැඩි ජවයක් හා ප්‍රබෝධයක් ක්‍රීඩකයින්ගෙන් දක්නට ලැබිණි. දිනය ආරම්භ කරමින් අවසන් මහා තරග කිහිපයක්ම ආරම්භ විය.

වයස අවුරුදු 19න් පහළ බාලිකා යගුලිය විසිකිරීම

ලෝකඩ පදක්කම පානදුර රාජකීය විද්‍යාලයේ රවිදු ශෙහාන් දිනාගත් අතර රිදී පදක්කම පානදුර රාජකීය විද්‍යාලයේම ඩී. ප්‍රනාන්දු විසින් දිනාගන්නා ලදී. එහි රන් පදක්කම දිනාගනු ලැබුවේ රත්නාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ එල්. කෙෂාන් විසිනි.

වයස අවුරුදු 21න් පහළ බාලිකා කවපෙත්ත විසිකිරීම

ලෝකඩ පදක්කම කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ අයි. කාවින්දිටත් රිදී පදක්කම සුමන බාලිකා විද්‍යාලයේ සී. වීරසිංහටත් හිමිවුනු අතර රන් පදක්කම දිනා ගත්තේ සාන්ත මරියා කන්‍යාරාමයේ ඩී. ප්‍රනාන්දු විසිනි.

වයස අවුරුදු 17න් පහළ බාලිකා රිටි පැනීම

ලෝකඩ පදක්කම චාවකචචේරී හින්දු විද්‍යාලයේ එස්. ශන්කරී විසින් දිනාගත් අතර රිදී පදක්කම පලායි මධ්‍ය මහා විද්‍යාලයේ ටී. තිවිජා දිනාගන්නා ලදී. එහි රන් පදක්කම දිනාගනු ලැබුවේ යාපනය මහජන විද්‍යාලයේ සී. හරීනාය විසිනි. මෙම ඉසව්වේ ස්ථාන තුනම උතුරු පළාත හිමි කර ගැනීම සුවිශේෂී සිද්ධියකි.

සම්පූර්ණ ලිපිය: දින දෙකක් අවසානයේ ප්‍රබල බස්නාහිර පළාත පෙරමුණේ

දිනයක නිමාව