2022 පොදුරද මඩුලු පදක්කමක සෙවණැලි පිළිබඳව ශ්‍රී ලංකාවට ඉඟියක්?

503

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල රටවල් 71ක සහභාගිත්වයෙන් 2022 වසරේ ජූලි මස 27 වැනිදා සිට අගෝස්තු මස 7 වැනිදා දක්වා එංගලන්තයේ බර්මින්හැම් හිදී පැවැත්වීමට නියමිතය.

එහි දී කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉසව්ව ඇතුළත් කරන ලෙස පසුගිය නොවැම්බර් මාසයේ දී ICCය හා එංගලන්ත ක්‍රිකට් බලධාරීන් තරග සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම යෝජනාව සම්මත කරගැනීම වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය කවුන්සිලය වෙත යොමු කර ඇත.

ජෝ රූට්ගෙන් එංගලන්ත නායකයාට අමුතු විදියක ප්‍රශංසාවක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගිය ………

මේ යෝජනාව සම්මත වීමට නම් පොදුරාජ්‍ය මණ්ඩලීය කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල් 71න් 51%ක් අනුමත කළ යුතු අතර මේ විමසීම විද්‍යුත් ඡන්දයකින් පැවැත්වේ. එහි දී මේ යෝජනාව සම්මත වුවහොත් 2022 පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ  ක්‍රිකට් තරග කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් යුතුව එඩ්ග්බැස්ටන් හිදී පැවැත්වෙනු ඇත.

මීට පෙර 1998 වසරේ දී ද එම ක්‍රීඩා උළෙලේ ඉසව් අතරට පිරිමි එක්දින ක්‍රිකට් තරග ඇතුළත් කර තිබුණු අතර එහි රන් පදක්කම දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූයේ ඕස්ට්‍රේලියාව කඩුලු 4කින් පරාජයට පත් කරමිනි. එමෙන්ම එම ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම් වෙනුවෙන් පැවති තරගයක දී නවසිලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 51කින් පරාජයට පත්වෙමින් සිව්වැනි ස්ථානය දිනාගෙන තිබේ.

2018 වසරේ අප්‍රේල් මස 15 වැනිදා නිමා වූ මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 5ක් සමඟ සමස්ත පදක්කම් 6ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණේ සමස්ත පදක්කම් සටහනේ 31 වැනි ස්ථානය දිනා ගෙනයි. අනාගතයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් යම් හෙයකින් අන්තර්ගත වුවහොත් යම් පදක්කම් බලාපොරොත්තුවක් තබා ගැනීමට ද ශ්‍රී ලංකා වාසී ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව උදා වෙනු ඇත.

“චන්දිමාල් හා දික්වැල්ල නැති එක ගැන පුදුමයි” – හිටපු පුහුණුකරු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පසුගිය වසර ……….

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව හා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අතර සබඳතාවයක් ඇති කිරීම මඟින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තරුණයින් අතර හා ලෝකය පුරාවට විශාල ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකි වනු ඇති බව  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි මනූ ස්වොන්වානි මහතා පවසන ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<