තවත් ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු Positive වෙයි

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය

371

ඉන්දිය දඟපන්දු යවන්නන් දෙදෙනෙකු වන Yuzvendra Chahal සහ Krishnappa Gowtham දෙදෙනාම කොරෝනා ආසාදිතයින් බවට අද (30) හඳුනා ගෙන තිබෙනවා. 

දෙවැනි විස්සයි විස්ස තරගයට පෙර එනම් ජූලි 27 වැනිදා, ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය සංචිතයේ සිටි Krunal Pandya හට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනා ගත් අතර ඔහු සමඟ සමීපව ඇසුරු කළ ආශ්‍රිතයින් 8 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. Chahal සහ Krishnappa ද ඒ 8 දෙනාට ඇතුළත් ආශ්‍රිතයින්. 

Chahal, Gowtham සහ Krunal ලංකාවේ තවදුරටත් රැඳී සිටීමට නියමිත අතර සංචිතයේ අනෙකුත් ක්‍රීඩකයින් සියලු දෙනා අද නැවතත් ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතයි. 

දෙරට අතර පැවති එක්දින තරගාවලිය ඉන්දියාව 2-1ක් ලෙස ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර ඊයේ (28) අවසන් වූ විස්සයි විස්ස තරගාවලියේ ජයග්‍රහණය ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා. ඒ 2-1ක් ලෙස කඩුලු 7කින් අවසන් තරගයේ දී ඉන්දියාව පරාජය කරමින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<