ආසියානු සහ ලෝක යොවුන් දැල්පන්දු කුසලාන අවලංගුයි

233

මෙම වසරේ Fiji හිදී පැවැත්වීමට සැලසුම් කර තිබූ ලෝක යොවුන් දැල්පන්දු කුසලාන තරගාවලිය වත්මන් කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් අවලංගු කිරීමට ලෝක දැල්පන්දු සම්මේලනය තීරණය කර ඇත. 

එමෙන්ම මෙම වසරේ කොරියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවය ද පවතින වාතාවරණය හමුවේ අවලංගු කිරීමට ආසියානු දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබේ. 

වයස අවුරුදු 21න් පහළ තරගාවලියක් ලෙස පැවැත්වෙන ලෝක යොවුන් දැල්පන්දු කුසලාන තරගාවලිය 1988 වසරේ දී ආරම්භ වූ අතර එහි 2020 තරගාවලියේ සත්කාරකත්වය Fiji දේශයට හිමි වන බව ලෝක දැල්පන්දු සම්මේලනය විසින් 2017 වසරේ පෙබරවාරි 08 වනදා නිවේදනය කළා. 

එහෙත් පසුගිය වසරේ ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොරෝනා වසංගත තත්වය නිසා එම තරගාවලිය 2020 වසරේ නොපවත්වා 2021 වසරේ දෙසැම්බර් මසදී පැවැත්වීමට එහි සංවිධායකයින් තීරණය කළා. 

මෙම වසරේ මාර්තු මසදී කොරෝනා ව්‍යාප්තිය අඩු රටක් ලෙස Fiji හඳුනාගත් අතර අන්තර්ජාතික දැල්පන්දු සම්මේලනය විසින් තරගාවලි සංවිධායකයින් සහ එයට තේරී පත්වූ රටවල් 20ක් සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කර තිබුනා. 

තවත් ක්‍රීඩා පුවත් කියවන්න

එහිදී මෙම තරගාවලියට වසංගත තත්වය නිසාවෙන් ඇති අභියෝගයන් මෙන්ම එයට සහභාගී වන තරුණ ක්‍රීඩිකාවන්ගේ සුබසාධන කටයුතු ඇතුළු ඔවුන් මුහුණ දීමට නියමිත අභියෝගයන් පිළිබඳව පුළුල් අවදානම් තක්සේරුවක් සිදුකර තිබුනා. 

එමෙන්ම මෙම වසංගත තත්වය හමුවේ රටවල් වසා දැමීම, නිරෝධායන කටයුතු සහ එහි පිරිවැය, Fiji හි ආරක්ෂාව ප්‍රමාණවත් ලෙස සැලසුම් කිරීම සහ රටවල් අතර ගමනාගමනය සීමා කිරීම වැනි කරුණු පිළිබඳව ද එහිදී වැඩි අවධානයක් ලබාදී තිබුනා. 

ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවය පිළිබඳව ආසියානු දැල්පන්දු සම්මේලනය විසින් සහභාගී වන රටවල් 12 හි අදහස් අවබෝධ කරගැනීමට ඔවුන් සමඟින් සාකච්ඡා කිරීමට කටයුතු කර තිබුනා.  

එයින් රටවල් 8ක් පිළිතුරු ලබාදීමට කටයුතු කර තිබූ අතර එක් රටක් පමණක් ඔවුන්ට සහභාගී විය හැකි නමුත් කොරෝනා එන්නත් ලබාගැනීම පිළිබඳව අවිනිශ්චිතතාවයක් තිබී ඇත. 

අවලංගු කිරීමට සලකා බැලූ කරුණු; 

  • මාලදිවයින හැර අනෙකුත් කිසිඳු රටක් ඔවුන්ගේ ක්‍රීඩිකාවන්ට කොරෝනා එන්නත් ලබාදෙන්නේ කවදාද යන්න තහවුරු කර නැත. 
  • තරගාවලිය නිමාවී ආපසු පැමිණෙන විට නිරෝධානය වීම අවශ්‍ය දැයි රටවල් වලට නිශ්විතව කීමට නොහැකි බවත්, නිරෝධායන ක්‍රියාවලි සහ පරීක්ෂණ සඳහා පිරිවැය තමන් විසින් දැරිය යුතු බවත් එක් රටක් හැර අනෙක් රටවල් සියල්ල ප්‍රකාශ කිරීම. 
  • කණ්ඩායම් තුළ එක් වෛරස ආසාදනය වීමක් පැවතියත් එහි බලපෑම ඉතා විශාල වන අතර එයින් ආසියානු වොලිබෝල් සම්මේලනයේ සහ ක්‍රීඩාවේ කීර්ති නාමයට බලපෑම් එල්ල කිරීම. 
  • ආසියාව තුළ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම නිසා සමහර රටවල් වසා දැමීමට තීරණය කිරීම.  

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<