ඩිල්ෂි සහ උෂාන් ආසියාවේ පෙරමුණට

361

නිමා වූ ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ සහ විදේශයන්හි දැක්වූ දස්කම් නිසාවෙන් මෙම වසරේ (මෙතෙක්) ආසියානු මලල ක්‍රීඩා පිටියේ එක් එක් ඉසව්වෙහි හොඳම දස්කම් 10 අතරට පැමිණීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සමත්ව ඇත.

මෙම මස පැවති ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දී මීටර් 400 (තත් 53.43) සහ 800 (මිනිත්තු 2:02.52) ඉසව් ජය ගැනීමට සමත් වූ යොවුන් ක්‍රීඩිකා ඩිල්ෂි කුමාරසිංහ එම ඉසව් ද්විත්වය සඳහා ආසියානු ක්‍රීඩා පිටියේ මෙම වසරේ මේ දක්වා වාර්තා වූ හොඳම කාලයන් අතර පෙරමුණ ගැනීමට සමත් වුනා.

පසුගිය වසරේ ද ඩිල්ෂි කුමාරසිංහ මීටර් 800 ඉසව්වේ ආසියාවේ දෙවන වේගවත්ම කාලය වාර්තා කිරීමට සමත් වූ අතර ඇය විසින් එම ඉසව්වේ ජාතික වාර්තාව ද බිඳ හෙළීමට පසුගිය දා සමත් වුනා.

ඇයට අමතරව පසුගිය මාසයේ ඇමරිකාවේ දී පැවති මලල ක්‍රීඩා තරගාවලියක දී මීටර් 2.28ක දස්කමක් දක්වමින් උස පැනීම ඉසව්වේ ජාතික වාර්තාව පිහිටුවීමට සමත් වූ උෂාන් පෙරේරාගේ එම දස්කම ද මෙම වසරේ ආසියානු ක්‍රීඩකයෙකු වාර්තා වූ හොඳම දස්කම ලෙස සටහන්ව තිබෙනවා.

තවත් ක්‍රීඩා පුවත්:

ඔවුන්ට අමතරව දුර පැනීම ඉසව්වේ මීටර් 6.23ක දස්කමක් දැක්වූ අංජානි පුලවංශ සහ මීටර් 3000 කාන්තා බාධක දිවීමේ ඉසව්ව මිනිත්තු 9:57.81ක කාලයකින් අවසන් කළ නිලානි රත්නායක එම වර්ගීකරණයේ දෙවන ස්ථානයේ රැඳී සිටී.

මීට අමතරව කාලිංග කුමාරගේ ( 100M – 11.60 Sec) , අමාෂා ද සිල්වා  ( 200M – 20.85 & 400M – 45.99 Sec) , ජනිඳු ලක්විජය ( 110MH – 14.27 Sec), මොහොමඩ් සෆාන් (200M – 20.81 Sec) වැනි ක්‍රීඩකයන් නිමා වූ ජාතික තරගාවලියේ දැක්වූ දස්කම් නිසාවෙන් ආසියාවේ හොඳම දස්කම් (මෙතෙක් වාර්තා වූ) අතරට පැමිණීමට සමත්ව තිබෙනවා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<