මාර්ග ධාවන ලෝක වාර්තාව අලුත් වෙයි

160
Yehualaw shatters women's 10km world record

ස්පාඤ්ඤයේ පැවති මාර්ග ධාවන තරගයකට එක්වෙමින් මීටර් 10,000 මාර්ග ධාවන ඉසව්වේ කාන්තා ලෝක වාර්තාවක් පිහිටුවීමට ඉතියෝපියානු ක්‍රීඩිකා Yalemzerf Yehualaw ඊයේ (27) සමත් වුනා.

එහි මිශ්‍ර තරගයට සහභාගී වූ ඇය මිනිත්තු 29.14ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත්ව තිබූ අතර එම කාලය සමඟින් ඇය විසින් බිඳ හෙළීමට සමත්ව තිබුණේ මිනිත්තු 29.38ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් Kalkidan Gezahegne පසුගිය වසරේ පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි.

එම ලෝක වාර්තාව පිහිටුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ Yalemzerf Yehualaw ප්‍රකාශ කර තිබුණේ,

අද මගේ සිහිනයක් සැබෑ වුනා. මම පළවෙනි කිලෝමීටර් 5 ඉතා හොඳ වේගයක් පවත්වා ගත්තත් අවසන් කිලෝමීටර් 5 තුළ තරමක පසුබෑමකට ලක්වුනා. ඒත් මට මෙම කාලය පවත්වා ගන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම මට මේ අවස්ථාව සලසා දීම ගැන එහි සංවිධායකයින්ට ස්තූතිවන්ත වෙනවා”.

ඉතියෝපියාව නියෝජනය කරමින් දිගුදුර ධාවනයේ ඉහළ දස්කම් දක්වන Yalemzerf Yehualaw 2020 වසරේ පැවති ලෝක අර්ධ මැරතන් තරගයේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර 2021 වසරේ තරගාවලියේ දී දෙවැන්නා ලෙස තරගය අවසන් කිරීමට ඇයට හැකි වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<