උෂාන් සුපිරි පිම්මකින් 2022 අරඹයි

171

ඇමරිකාවේ පැවති ගෘහස්ථ තරගාවලියකට සහභාගී වූ උෂාන් තිවංක එහි දී මීටර් 2.25ක කැපී පෙනෙන දස්කමක් දක්වමින් 2022 තරග වාරය සාර්ථකව ආරම්භ කිරීමට සමත් වී තිබෙනවා.

මෙය උෂාන් ආබාධයකට ලක්ව ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව සහභාගී වූ පළමු තරගය වූ අතර ඔහු වාර්තා කළ උස ප්‍රමාණය NCAA දෙවැනි කාණ්ඩයේ මෙම වසරේ මෙතෙක් වාර්තා වූ හොඳම දක්ෂතාවය මෙන්ම, NCAA හී මෙම වසරේ වාර්තා වූ දෙවැනි හොඳම දක්ෂතාවය ලෙස ද සටහන් වීම විශේෂත්වයක්.

එමෙන්ම එය NCAA දෙවැනි කාණ්ඩයේ මෙතෙක් වාර්තා වූ හත්වැනි හොඳම දස්කම ලෙස සටහන් වූ අතර එය මෙවර ගෘහස්ථ තරග වාරයේ මෙතෙක් වාර්තා වූ 11 වැනි හොඳම දස්කම ද වුනා.

ඇමරිකාවේ වාසය කරමින් මලල ක්‍රීඩාවේ නිරත වන උෂාන් පසුගිය වසරේ දී උස පැනීම ඉසව්වේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර ඔහු මීටර් 2.30ක දස්කමක් පෙන්නුම් කරමින් එහි ජාතික වාර්තාව බිඳ හෙළීමට ද ඔහුට හැකි වුනා.

ආසියානු ක්‍රීඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවය වැනි ප්‍රධාන පෙළේ තරග රාශියක් පැවැත්වීමට නියමිතව ඇති මෙම වකවානුවේ උෂාන් සුපුරුදු දස්කම් අතර සිටීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ඉතාමත් සුබ ලකුණක්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<