Jaiswal සහ Gill වාර්තා අලුත් කරයි

ඉන්දීය කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2023

2043

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති සිව්වැනි විස්සයි විස්ස තරගයේ දී Yashasvi Jaiswal සහ Shubman Gillගේ අගනා ශතක සම්බන්ධතාව නිසා වාර්තා කිහිපයක් අලුත් කිරීමට ඔවුන්ට සහ ඉන්දීය කණ්ඩායමට හැකි වුනා.  

ලකුණු 179ක ඉලක්කයක් ඔවුන් මෙම තරගයේ දී සාර්ථකව හඹා ගිය අතර එය කොදෙව් හී Lauderhill ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් සාර්ථකව හඹා ගිය වැඩිම ලකුණු ගණන වීම ද විශේෂත්වයක්. 

ඉන්දීය පළමු කඩුල්ල සඳහා ලකුණු 165ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට ඔවුන් දෙදෙනාට හැකි වූ අතර ඒ සමඟ පළමු කඩුල්ල සඳහා (විස්සයි විස්ස) ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු ගොඩ නැගූ හොඳම සම්බන්ධතාව සම කිරීමට ද ඔවුන්ට හැකි වුනා. 

Rohit Sharma සහ KL Rahul විසින් පළමු කඩුල්ල සඳහා හොඳම සම්බන්ධතාව පිහිටුවා තිබෙන අතර Yashasvi Jaiswal සහ Shubman Gill වාර්තා කළ මෙම සම්බන්ධතාව විස්සයි විස්ස පිටියේ ඕනෑම කඩුල්ලක් සඳහා ඉන්දීය ක්‍රීඩකයින් වාර්තා කළ තෙවැනි හොඳම සම්බන්ධතාව වීම ද විශේෂත්වයක්.  

Rohit Sharma සහ KL Rahulගේ සම්බන්ධතාව එහි දෙවැනි ස්ථානයේ සටහන් වන අතර අයර්ලන්තයට එරෙහිව ලකුණු 176ක සම්බන්ධතාවක් පිහිට වූ Deepak Hooda සහ Sanju Samson එම සටහනේ පෙරමුණේ පසු වෙනවා.  

සිය දෙවැනි විස්සයි විස්ස තරගයට සහභාගී වූ Jaiswal පන්දු 51ක් ක්‍රීඩා කරමින් ලකුණු 84ක් ලබා ගැනීමට සමත් වූ අතර ඒ අනුව විස්සයි විස්ස අර්ධ ශතකයක් වාර්තා කළ සිව්වැනි ළාබාලතම ඉන්දීය ක්‍රීඩකයා වීමට ද ඔහුට හැකි වුනා. 

එම අර්ධ ශතකය වාර්තා කරන විට ඔහුගේ වයස අවුරුදු 21යි දින 227ක් වන අතර මෙම වාර්තා සටහනේ පෙරමුණේ පසු වන සුපිරි ක්‍රීඩක Rohit Sharma සිය මංගල විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කරන විට ඔහුගේ වයස අවුරුදු 20යි දින 143ක් ලෙස දැක්වුණා.  

එමෙන්ම Lauderhill ක්‍රීඩාංගණයේ දී ලකුණු 95කට වැඩි ඉලක්කයක් සාර්ථකව හඹා ගිය පළමු කණ්ඩායම බවට පත් වීමට ද ඉන්දීය ක්‍රීඩකයින්ට හැකි වූ අතර මීට පෙර සාර්ථකව හඹා ගිය වැඩිම ලකුණු ගණන ලෙස දැක්වුණේ කොදෙව් කණ්ඩායමට එරෙහිව ඉන්දීය ක්‍රීඩකයින් හඹා ගිය ලකුණු 95ක ඉලක්කයයි. 

පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායමට වැඩි වාසි හිමි වන මෙම ක්‍රීඩාංගණයේ හඹා ගොස් තරගයක් ජය ගත් අනෙක් රට ශ්‍රී ලංකාව වන අතර නවසීලන්ත ක්‍රීඩකයින් 2010 වසරේ ලකුණු 81කට සීමා කරමින් ඔහු මෙම ජයග්‍රහණය ලබා ගත්තා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

Hindustan Timesඇසුරිනි. 

>>තවත්ක්‍රිකට්පුවත්සඳහාපිවිසෙන්න<<