ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක්

එක්දින ලෝක කුසලානය 2023

602
ICC World Cup 2023 tickets to go on sale

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලානයේ සංශෝධිත කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන දින පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අගෝස්තු 25 වැනිදා සිට නිකුත් කිරීමට නියමිත බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.  

ඉන්දීය කණ්ඩායමට අයත් නොවන තරගවල ප්‍රවේශ පත්‍ර අගෝස්තු 25 වැනිදා සිට මිල දී ගැනීමට හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරන අතර ඉන්දියාව සහභාගී වන සියලු තරගවල ප්‍රවේශ පත්‍ර අදියරෙන් අදියර නිකුත් කරන බව සඳහන්.  

ඉන්දියාව සහභාගී වන පුහුණු තරගවල ප්‍රවේශ පත්‍ර අගෝස්තු 30 වැනිදා සිටත්, මූලික වටයේ තරගවල ප්‍රවේශ පත් අගෝස්තු 31 වැනිදා සිටත් මිල දී ගැනීමට හැකියාව පවතින බව සහ තරගාවලියේ උණුසුම් ම තරගයක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේ ප්‍රවේශ පත්‍ර සැප්තැම්බර් 03 වැනිදා සිට ලබා ගැනීමට හැකි බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.  

සියලු ප්‍රේක්ෂකයින්ට සාධාරණයක් සිදු කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස අදියරෙන් අදියර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. 

තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ආකාරය 

  • අගෝස්තු 25 – ඉන්දියාව සහභාගී නොවන පුහුණු සහ මූලික වටයේ තරග. 
  • අගෝස්තු 30 – ඉන්දියාව සහභාගී වන පුහුණු තරග. 
  • අගෝස්තු 31 – චෙන්නයි, දිල්ලි සහ පූනේ වල ඉන්දියාව සහභාගී වන තරග.  
  • සැප්තැම්බර් 01 – ධර්මශාලා, ලක්නව් සහ මුම්බායි හී ඉන්දියාව සහභාගී වන තරග 
  • සැප්තැම්බර් 02 – බැංගලෝර් සහ කල්කටා හී ඉන්දියාව සහභාගී වන තරග. 
  • සැප්තැම්බර් 03 -පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගය. 
  • සැප්තැම්බර් 15 – අවසන් වටයේ තරග. 

2023 ලෝක කුසලානයේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ 

Hindustan Timesඇසුරිනි. 

>>තවත්ක්‍රිකට්පුවත්සඳහාපිවිසෙන්න<<