ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයෙන් අන්තර්මධ්‍යම පුහුණු පාඨමාලාවක්

157

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා (24 සහ 25) දෙදින ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ දී අන්තර්මධ්‍යම පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු කරනු ලැබීය. 

Photos: Intermediate Coaching 2020 – Netball Federation of Sri Lanka

මෙම පුහුණුකරණ වැඩසටහන තුළ දැල්පන්දු සම්මේලනයට අනුබද්ධ සංගම්වල පුහුණුකරුවන් සහ පුහුණුකාරිනියන්ට මෙන්ම දිවයින පුරා දැල්පන්දු සංවර්ධන හා පාසල් සංවර්ධන පුහුණුකරුවන් සහ පුහුණුකාරිනියන්ට ද පැවැත්වූ දැනුම අලුත් කිරීමේ පාඨමාලාවක් ද ඇතුළත්ව තිබූ අතර ඊට සහභාගී වූ පුහුණුකාරිනියන් 40 දෙනාගෙන් 14 දෙනෙකු මෙහි දී පැවති අන්තර්මධ්‍යම පුහුණු පාඨමාලාව සඳහා සහභාගී කරගැණින. 

මෙම අවස්ථාවේ ආරම්භය සනිටුහන් කරමින් පැවති සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය සහභාගී වූ අතර ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හයසින්ත් විජේසිංහ මහත්මිය විසින් පසුගිය 2019 වසරේ කනිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ ජාතික තරගාවලිවලට අදාළ විශ්ලේෂිත වාර්තාවක් ද එහි දී ඉදිරිපත් කරනු ලැබීය.  

තවත් කියවන්න;

දැල්පන්දු සම්මේලනය විසින් ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය සමඟ එක්ව මෙවන් පුහුණු වැඩසටහනක් පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි.

මෙම පුහුණු වැඩසටහන තුළ දැල්පන්දු ක්‍රීඩාව සඳහා ශාරීරික යෝග්‍යතාවය, මානසික සූදානම, පුහුණුකරුවෙකුගේ කාර්යභාරය, දැල්පන්දු ක්‍රීඩාවේ දී සිදු වන ආබාධ, වැඩසටහන් සැලසුම, කණ්ඩායම් උපායමාර්ග සහ දැල්පන්දු ක්‍රීඩාවේ කුසලතාවයන් වැනි මාතෘකාවන්ට අදාළව විශේෂ අවධානයක් යොමුකර ඇත.   

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<