Yashasvi ඉන්දීය ප්‍රිමියර් ලීග් වාර්තා පොත් අලුත් කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

622

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ ජාතික කණ්ඩායම නියෝජනය නොකළ ක්‍රීඩකයෙකු (uncapped) වාර්තා කළ ඉහළම ඉනිම වාර්තා කිරීමට Rajasthan Royals ක්‍රීඩක Yashasvi Jaiswalට හැකි වුනා.

Mumbai Indians කණ්ඩායමට එරෙහිව ඊයේ (30) පැවති තරගයේ දී ඔහු මෙම ඉනිම දියත් කළ අතර එය ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ 1000 වැනි තරගය වීම ද විශේෂත්වයක්.

Jaiswal පන්දු 62ක් තුළ ලකුණු 124ක් ලබා ගැනීමට සමත් වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 16ක් සහ හයේ පහර 8ක් ඇතුළත් වූ අතර ඔහුගේ ප්‍රහාරාත්මක වේගය දැක්වුනේ 200.00ක් ලෙසයි.

මෙලෙස ඔහු බිඳ හෙළුවේ අවුරුදු 12ක් පැරණි වාර්තාවක් වන අතර මීට පෙර ජාතික කණ්ඩායම නියෝජනය නොකළ ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළම ඉනිම වුනේ Paul Valthaty නොදැවී ලබා ගත් ලකුණු 120යි.

ඔවුන්ට පෙර ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් අතරින් ඕස්ට්‍රේලියා ක්‍රීඩක Shaun Marsh, 2008 වසරේ දී ලකුණු 115ක් සහ ඉන්දීය ක්‍රීඩක Manish Pandey, ලකුණු 114ක් වාර්තා කර තිබෙනවා.

එමෙන්ම මෙම ශතකය සමඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ශතකයක් රැස් කළ සිව්වැනි ළාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වීමට ද Yashasvi Jaiswalට ඊයේ හැකි වුනා.

2023 IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. IPL තරගාවලියේ උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<