නුවන් ප්‍රදීප්ට රතු එළියක්

434

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (19)  නිමා වූ තෙදින දිවා-රාත්‍රී පුහුණු තරගයේ දෙවන දිනයේ දී කලව ආශ්‍රිතව ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප් හට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී තිබේ.

පොඩි කුසල් අවදානමෙන් මිදෙද්දී තව කෙනෙක් ආබාධයකට

ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම ප්‍රේක්ෂකයින් ද වික්ෂිප්ත කරමින් කුසල් මෙන්ඩිස් ඊයේ (17) ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගයේ පළමු දිනය අතරතුර දී ඇඟිල්ලේ…

දකුණතින් වේගපන්දු යවන ප්‍රදීප් ආබාධයට ලක්වීමට පෙර එම තරගයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර දෙකක් පමණි. පුහුණු තරගයේ පළමු ඉනිමේ දී පන්දු යවමින් සිටිය දී ප්‍රදීප් මෙම ආබාධයට ලක්වූ අතර ඉන් අනතුරුව ඔහු පන්දු රැකීමෙන් වැළකී ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පිටියෙන් ඉවත් කළේය.

මේ දක්වා ටෙස්ට් තරග 28කට ක්‍රීඩා කර ඇති ප්‍රදීප් එහි දී කඩුලු 70ක් බිඳ හෙළා ඇත්තේ 42.90ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. ඊට කඩුලු 5 බැගින් දවා ගත් අවස්ථාවක් සහ කඩුලු 4 බැගින් දවා ගත් අවස්ථා 6ක් ඇතුළත් වේ.

මේ අතර පුහුණු තරගයේ පළමු දිනය අතරතුර පන්දු රකිමින් සිටිය දී පන්දුවක් වැදීම නිසා ඇඟිල්ලේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගිය කුසල් මෙන්ඩිස්, මේ වන විට එම ආබාධ තත්වයෙන් පූර්ණ සුවය ලබා පළමු ටෙස්ට් තරගයට සහභාගි වීමට සූදානමින් සිටියි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය තුල වේගපන්දු යවන්නන් ලෙස සුරංග ලක්මාල්, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර හා කසුන් රාජිත සිටින නිසාවෙන් නුවන් ප්‍රදීප් වෙනුවට ක්‍රීඩා කරන හෝ සංචිතයට ඇතුළත් වන ආදේශක ක්‍රීඩකයෙක් නම් කර නොමැත.

ඕස්ට්‍රේලියානු වේගපන්දු බලඇණියේ ප්‍රබල වෙනසක්

ඉන්දියාව සමඟ පැවති තරග හතරකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලියේ මිචෙල් මාර්ෂ් සමඟ සම උපනායක ධූරය හොබවමින් කණ්ඩායම මෙහෙය වූ ජොෂ් හේසල්වුඩ්‍ එම තරගාවලිය පුරාවටම…

තවද මේ තරගාවලිය සඳහා නිකුත් කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන ජොෂ් හේසල්වුඩ්‍ කොන්ද ප්‍රදේශය හට ගත් ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්ව ඇත.

පසුගිය සතියේ ඉන්දියාව සමඟ පැවති එක්දින තරගාවලිය පුරාවටම ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑමට සමත් වූ යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ජායි රිචඩ්සන් සිය මංගල ටෙස්ට් තරගාවලිය සඳහා සංචිතයට කැඳවා තිබෙන්නේ හේසල්වුඩ්ගේ හදිසි ඉවත් වීමත් සමඟ නිර්මාණය වන හිදැස පිරවීමේ අරමුණෙනි.

දෙරට අතර පැවැත්වෙන පළමු  ටෙස්ට් තරගය දිවා රාත්‍රි ටෙස්ට් තරගයක් ලෙස එළඹෙන 24 වැනිදා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් හීදී ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ සියලු තතු දැනගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<