Rinkuගෙන් බැට කෑ Dayalට තවත් ප්‍රශ්නයක්!

1972

නිමා වූ IPL තරගාවලියේ දී Gujarat Titans කණ්ඩායම නියෝජනය කළ Yash Dayalගේ නම මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් කතා බහට ලක් වෙමින් පවතිනවා.

මීට පෙර IPL තරගාවලියේ Kolkata Knight Riders සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවති තරගයක දී Rinku Singh විසින් පිට පිට ම හයේ පහර පහක් එල්ල කිරීම නිසා Yash Dayalගේ නම සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් කතා බහට ලක් වුනා.

මෙවර නැවතත් Dayal පිළිබඳ කතා බහක් නිර්මාණය වී ඇත්තේ ඔහු සිය Instagram ගිණුමේ පළ කළ සටහනක් (Story) නිසායි.

පසුගිය දිනක ඉන්දියාවේ දිල්ලි හිදි වයස අවුරුදු 16ක් වූ Sakshi නැමති තරුණියක් ඇයගේ පෙම්වතා විසින් පිහි ඇනුම් 20කට ලක් කර, පසුව තවත් කොන්ක්‍රීට් කුට්ටියකින් ද පහර දී ඝාතනය කර තිබුණා. මේ පිළිබඳ පරීක්ෂණ තවමත් සිදු කෙරෙමින් පවතින අතර Yash Dayal විසින් ඊයේ මේ පිළිබඳ යම් සටහන් Instagram හි පළ කර තිබුණා. නමුත් තරමක් සංවේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් එවැනි සටහනක් පළ කිරීම ඉන්දීය සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ සතුටට හේතු වුනේ නැහැ.

පසුව Dayal විසින් අදාළ සටහන සිය ගිණුමෙන් ඉවත් කරමින්, අදාළ සටහන වෙනුවෙන් සිය කනගාටුව පළ කර තිබුණා.

” Story එක වෙනුවෙන් සමාවෙන්න. ඒක වැරදීමකින් පළ වුනේ. කරුණාකරලා වෛරය පතුරන්න එපා, ස්තුතියි.

මම සෑම ප්‍රජාවකට ම සහ සමාජයකට ම ගරු කරනවා.”

නමුත් මේ සටහන Dayalගේ පෙර වරද නිවැරදි කර ගැනීමට ප්‍රමාණවත් නොවූ බවක් සමාජ මාධ්‍ය පිරික්සීමේ දී දැක ගත හැකියි.

” සෑම දෙයක් ම විහිළුවකට ගැනීමට උත්සාහ කරනා කෙනෙක් ආගම් වාදය සහ වෛරී ප්‍රකාශ දේශපාලන මතයන්ට සමාන කිරීමට උත්සාහ කරනවා.(Instagram හි Yash Dayal විසින් පළ කළ වෛරී සටහනට අදාළ ව) “

“යහළුවනේ Yash Dayalට සමාව දෙන්න, Rinku Singh විසින් ඔහුගේ පන්දු වාරයකට හයේ පහර 5ක් එල්ල කළ දිනයේ පටන් ඔහු මානසික ව අස්ථාවරයි.”

Dayal හට මේ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුලින් ඔහුට යම් විවේචන එල්ල වන අතරේ ම ඔහුගේ පාර්ශවය වෙනුවෙන් ද පිරිසක් ඉදිරිපත් වී සිටිනවා.

විශේෂයෙන්ම Rinku Singhගේ ප්‍රහාරයෙන් පසුව Gujarat කණ්ඩායම සමඟ පවා නැවත එක් වීමට ඔහුට ඉඩක් ලැබුණේ නැහැ. එමෙන් ම අදාළ කාලයේ වෛරසයක් ආසාදනය වීම නිසා රෝගී වූ Dayalගේ ශරීර බරෙන් කිලෝ 7-8ක ප්‍රමාණයක් අඩු වී ඇති බවත් තරගාවලිය අතර මැද දී Gujarat නායක Hardik Pandya විසින් හෙළිදරව් කර තිබුණා.

එමෙන්ම මෙම හයේ පහර පහේ සිදුවීමෙන් පසු Dayalගේ පවුලේ සාමාජිකයින් පවා තරමක් අපහසු කාලයක් ගෙවා දැමූ බවයි ඉන්දීය මාධ්‍ය මගින් වාර්තා කළේ.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<