2023 LPL තරගාවලියට ලොව නන් දෙසින් සුපිරි ක්‍රිකට් තරු!

LPL 2023

2054

මෙම වසරේ ජූලි සහ අගෝස්තු මාසවල දී පැවැත්වීමට නියමිත Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියරට ලොව පුරා විසිරී සිටින සුපිරි ක්‍රිකට් තරු රැසක් එක් වීමට නියමිත බව වාර්තා වනවා.

Galle Gladiators, Dambulla Aura, Lyca Jaffna Kings, Colombo Strikers සහ Kandy Falcons යන කණ්ඩායම් පහේ සහභාගීත්වයෙන් කොළඹ සහ නුවර නගර ද්විත්වයේ දී 2023 LPL තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, තරගාවලිය මෙම වසරේ ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව මීට පෙර දැනුම් දී තිබුණා.

එමෙන් ම මෙවර තරගාවලිය සඳහා Kieron Pollard, Dwayne Bravo සහ Shakib Al Hassan වැනි විස්සයි විස්ස පිටියේ සුපිරි ක්‍රිකට් තරු රැසකගේ සහභාගීත්වය ද බලාපොරොත්තු විය හැකි බවයි මේ වන විට දැන ගැනීමට ලැබෙන්නේ.

ඊට අමතරව මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා මේ වන විටත් ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයින් අතර ඕස්ට්‍රේලියා, දකුණු අප්‍රිකා, පාකිස්තාන, බංග්ලාදේශ, නැමීබියා සහ බටහිර ඉන්දීය කොදෙව් වැනි රටවල් රැසක ක්‍රීඩකයින් සිටින බවත් LPL වෙතින් නිවේදනය කර තිබෙනවා.

  • ඕස්ට්‍රේලියාව: Shaun Marsh, Matthew Wade, D’Arcy Short, and Usman Khawaja.
  • දකුණු අප්‍රිකාව: Lungi Ngidi, Imran Tahir, and Tabraiz Shamsi.
  • පාකිස්තානය: Muhammad Nawaz, Naseem Shah, and Wahab Riaz.
  • බංග්ලාදේශය: Shakib Al Hasan, Litton Das, and Afif Hossain.
  • අයර්ලන්තය: Paul Stirling.
  • බටහිර ඉන්දීය කොදෙව්: Johnson Charles, Ashley Nurse, Dwayne Bravo, and Keiron Pollard
  • නවසීලන්තය: Mitchell Santner, Ish Sodhi, Tim Seifert, Daryl Mitchell, and Doug Bracewell.
  • නැමීබියාව: Gerhard Erasmus

නමුත් බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී පැවැත්වීමට නියමිත Caribbean Premier League තරගාවලිය නිසා Bravo සහ Pollard තරගාවලියේ මුල් භාගයට පමණක් සහභාගී වීමට සිය එකඟතාව පළ කර ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ.

එමෙන්ම මෙවර LPL තරගාවලිය සඳහා ක්‍රීඩකයින් ලියාපදිංචි කර ගැනීම මැයි මස 15 වැනිදා සිදු කිරීමට නියමිත අතර ක්‍රීඩක වෙන්දේසිය ජුනි මස 4 වැනිදා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වනන්නේ.

“මෙම වසරේ තරගාවලියට ආකර්ෂණීය ක්‍රීඩක ලැයිස්තුවක් ඇතුළත් වෙනවා. ක්‍රිකට් රසිකයින්ට ඔවුන්ගේ දිදුලන දක්ෂතා දැක බලා ගැනීමට හැකියාවක් ලැබේ වී කියලා මට විශ්වාසයි.”

LPL හි නිල ප්‍රවර්ධක ලෙස කටයුතු කරන ඩුබායි හී දැවැන්ත නිෂ්පාදන ආයතනයක් වන IPG ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිළධාරී Anil Mohan මහතා විසින් එළඹෙන තරගාවලිය පිළිබඳ පළ කරන්නේ එවැනි අදහසක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාත්‍යන්තර තරග දින දර්ශනය හා සැසඳීමෙන් පසු තරගාවලිය මෙම කාලපරිච්ඡේදයට මනා ලෙස ගැළපෙනු ඇති බව තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා මීට පෙර ප්‍රකාශ කළා.

එමෙන්ම මෙවර තරගාවලිය ඉතාම හොඳ සාර්ථකත්වයක් ද අත්කර ගනු ඇති බවට එතුමා සිය විශ්වාසය පළ කර සිටියා.

මෙවර තරගාවලියේ මූලික වටයේ දී සෑම කණ්ඩායමක් ම අනෙක් කණ්ඩායම් සමඟ තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉන්පසුව ලකුණු සටහනේ මුල් ස්ථාන හතර දිනා ගන්නා කණ්ඩායම් Play – Off තරග වටයට සුදුසුකම් ලබනු ඇත.

2023 LPL තරගාවලිය පිළිබඳ සියලු ම තොරතුරු ඔබ හා බෙදා හදා ගැනීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<