වාර්තා පිට වාර්තා තැබූ හේරත් තියුණු ජයකට මඟපාදයි

2089
Sri Lanka v Pakistan 1st test day 5

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අබුඩාබි හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (2) අවසන් වූයේ, ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 21ක තියුණු ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. එහි දී රංගන හේරත් වමතින් දඟපන්දු යවමින් කඩුලු 400ක් ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා බවට පත්විය.

සිව්වැනි දිනය අවසානයේ ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අබුඩාබි හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය..

පස්වන දිනය වෙනුවෙන් තරගය ආරම්භ කරන විට, පාකිස්තානු කණ්ඩායම පිටියට පිවිසියේ කෙසේ හෝ ශ්‍රී ලංකා පිතිකරුවන් ඉක්මනින්ම දවා ගැනීමේ අරමුණ ඇතිවයි. දකුණත් පිතිකරු කුසල් මෙන්ඩිස් හා එක්වූ සුරංග ලක්මාල් උදෑසන කාලයේ මුල් මිනිත්තු කිහිපය තුළ ඔවුන්ගේ පදනම තවදුරටත් සකස් කර ගැනීමට වෑයම් කළත්, එය සාර්ථක කර ගැනීමට මොහොමඩ් අබ්බාස් අවස්ථාව ලබා දුන්නේ නැත. එහි දී මෙන්ඩිස් පන්දු 72ක් තුළ ලකුණු 18ක් ලබාගෙන සිටිය දී කඩුල්ල මුවාකිරීමේ වරදට හසු විය. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 73ක් ලෙස සටහන් විය.

අනතුරුව පිටියට පැමිණි දිල්රුවන් පෙරේරා ලක්මාල් සමඟින් එක්ව 6 වන කඩුල්ල සඳහා ගොඩනැංවීමට හැකි වූයේ ලකුණු 13ක සබඳතාවයක් පමණි. වේගපන්දු යවන ක්‍රීඩක ලක්මාල් 4 පහර දෙකක් සමඟින් ලකුණු 13ක් ලබාගෙන පිතිකරුවෙකුගේ වගකීම් ඔහුට හැකි පමණින් ඔහු ඉටු කළේය. දිල්රුවන් හා දික්වැල්ල 7 වන කඩුල්ලට ලකුණු 15ක සබඳතාවයක් ගොඩනැංවා තිබිය දී ලකුණු 6ක් ලබාගෙන සිටි  දිල්රුවන්ගේ කඩුල්ල දවා ගැනීමට යසීර් සමත් වූයේ, මෙම ඉනිමේ සිය තෙවන කඩුල්ල ද ලබා ගනිමිනි. දඟපන්දුවේ විශිෂ්ටතම ක්‍රීඩක රංගන හේරත් යසීර් එවූ පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවාකිරීමේ වරදකට හසුවී දැවී ගියේ, ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට ඇති පීඩනය තවදුරටත් වැඩි කරමිනි.

දික්වැල්ල හා ලක්ෂාන් සඳකැන් දිවා ආහාරය දක්වා ශ්‍රී ලංකා දෙවන ඉනිම ඇදගෙන යාමට වෑයම් කළත් යසීර් සිය අත්දැකීම් උපයෝගී කරගෙන සඳකැන්ව පහරකට යොමු කරමින් බැක්වර්ට් පොයින්ට් කලාපයේ සිටි මොහොමඩ් අමීර් වෙත පහසු උඩ පන්දුවක් ලබා දෙමින් දවා ගැනීමට සැලසුම් කළේය. සඳකැන් දැවී ගියේ ලකුණු 8ක් ලබා ගෙනයි. එය යසීර්ගේ පස්වන කඩුල්ල විය.

සටන්කාමී ඉනිමක් දියත් කරමින් 4 පහර 4ක් සමඟින් එක් අන්තයක් රැකගෙන ක්‍රීඩා කළ දික්වැල්ල නොදැවී ලකුණු 40*ක් ලබාගෙන සිටිය දී, අනෙක් අන්තයේ ක්‍රීඩා කළ නුවන් ප්‍රදීප් ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම සිය කඩුල්ල හසන් අලී හට පූජා කළේය. පන්දු යැවීමේ දී යසීර් ලකුණු 51ක් තුළ කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

දිවා ආහාරයට පසුව පිටියට පැමිණි පකිස්තානු කණ්ඩායමට සිය ජයග්‍රහණය සඳහා ලකුණු 136ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන්ගේ පළමු කඩුලු 3 දවා ගැනීමට ලක්මාල්, දිල්රුවන් හා හේරත් සමත් විය. එහි දී සමී අස්ලාම් ලකුණු 2කට දැවී යන විට, ශාන් මසූඩ් ලකුණු 7කට දැවී යන ලදි. පළමු ඉනිමේ දී අලංකාරවත් පිතිකරණයක නිරත වූ අසාර් අලී ලකුණු නොලබාම පිටියෙන් ඉවත් ගියේ, ශ්‍රී ලංකා ජයග්‍රහණය පිළිබඳව යම් බලාපොරොත්තුවක් ඉතිරි කරමිනි. ලකුණු 36ක් වන විට පකිස්තානු දෙවන ඉනිමේ කඩුලු 5ක් දැවී තිබුණි. ඒ අතර ලකුණු 20ක් ලබාගෙන සිටි අසාද් ශාෆික්ගේ කඩුල්ල ද විය.

සයවන කඩුල්ල සඳහා පිටියේ එක්වූ නායක සෆ්රාස් අහමඩ් හා හැරිස් සොහෙයිල් පකිස්තානු කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ගෙනඑමින් ලකුණු 42ක සබඳතාවයක් ගොඩනැංවිය. නැවතත් ක්‍රියාත්මක වූ හේරත් ලකුණු 19ක් ලබා සිටි සෆ්රාස්ව ස්ටම්ප් කිරීමකට හසුකර ගත්තේය. එයින් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු තරමක් ඉහළ නැංවුනි.

අටවන කඩුල්ලට තවක් ලකුණු 20ක සබඳතාවයක් ගොඩනැංවූ සොහෙයිල් හා හසන් අලීගේ සබඳතාවයට තිත තැබූ දිල්රුවන් සොහෙයිල්ව කඩුල්ල මුවාකිරීමේ වරදකට හසුකර ගත්තේ, මෙතෙක් වේලාවක් දුරකට ශ්‍රී ලංකාවට තිබූ එකම හිසරදයට ද තිත තබමිනි. එහි දී සොහෙයිල් 4 පහර 3ක් සමඟින් ලකුණු 34ක් පකිස්තානු දෙවන ඉනිමට එකතු කළේය. ඉන් පන්දු 8කට පසුව ලකුණු 8ක් ලබාගෙන සිටි හසන් ව ද දවාලීමට හේරත් සමත් වූයේ, පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමිනි. ඒ වන විට ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 100ක් ලබාගෙන තිබුණි.

දිනෙත්, කවීන්, රුමේෂ් සහ නුවන්ට ලියැවුණ සති අන්තයක්

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන “ෆෙයාර් ඇන්ඩ් ලව්ලි” කුසලාන B කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (01දා) දවසේ කැපී පෙණෙන…

මොහොමඩ් අමීර් හා යසීර් එක්ව 9 වන කඩුල්ලට මන්දගාමී සබඳතාවයක් දියත් කරමින් තම ජයටැඹ වෙත ඇදී යන විට, දඟ පන්දුවේ විශිෂ්ටතමයෙක් වන හේරත් පකිස්තානයට එදිරිව සිය 100 වන ටෙස්ට් කඩුල්ල දවාලමින් අමීර්ගේ කඩුල්ල දවාලන ලදි. ඒ වන විට ඔවුන්ට සිය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 25ක් අවශ්‍යව තිබුණි.

යසීර් හා මොහොමඩ් අබ්බාස් අවසන් කඩුල්ල රැක ගැනීමට වෑයම් කළත්, එය සාර්ථක වූයේ නැත. අබ්බාස්ව කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගත් හේරත් වමතින් දඟපන්දු යවා කඩුලු 400ක් ලබාගත් ලොව පළමු ක්‍රීඩකයාගේ ගෞරවය ද දිනාගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 21ක තියුණු ජයග්‍රහණයක් හිමිකර දීමට විශාල ලෙස වෙහෙස මහන්සි විය. එසේම 47 වන පන්දුවාරයේ දී දිල්රුවන් යැවූ පන්දුවකට යසීර් දැවී ගියත් එය නිපන්දුවක් ලෙස සනිටුහන් විය. නොදැවී ක්‍රීඩා කළ යසීර් ලකුණු 6*ක් ලබාගෙන තිබුණි.

Photo Album – Sri Lanka vs Pakistan – 1st Test Day 5

පන්දු යැවීමේ දී  හේරත් ලකුණු 43කට කඩුලු 6ක් දවාලූ අතර, ඔහුට අනගි සහයක් දුන් දිල්රුවන් කඩුලු 3ක් දවා ගන්නා ලදි.  මෙම ජයත් සමඟින් තරගාවලිය 1–0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

තරගයේ වීරයා – රංගන හේරත්

ශ්‍රී ලංකා පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 419 (පන්දුවාර 154.5): දිනේෂ් චන්දිමාල් 155*, දිමුත් කරුණාරත්න 93, නිරෝෂන් දික්වැල්ල 83, දිල්රුවන් පෙරේරා 33, මොහොමඩ් අබ්බාස් 3/75, යසීර් ෂා 3/120, හසන් අලි 2/88.

පාකිස්තානු පළමු ඉනිම  – සියල්ලන්ම දැවී ලකුණු 422 (පන්දුවාර 140): අසාර් අලි 85, හැරිස් සොහෙයිල් 76, ශාන් මසූඩ් 59, සැමී අස්ලාම් 51, අසාද් ශෆීක් 39, රංගන හේරත් 5/93, සුරංග ලක්මාල් 2/42, නුවන් ප්‍රදීප් 2/77.

ශ්‍රී ලංකාව දෙවන ඉනිම  – සියල්ලන්ම දැවී ලකුණු 138 (පන්දුවාර 66.5): නිරෝශන් දික්වැල්ල 40*, කෞශාල් සිල්වා 25, යසීර් ශා 5/51, මොහොමඩ් අබ්බාස් 2/22.

පාකිස්තානු දෙවන ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 47.4): හැරිස් සොහෙයිල් 34, අසාද් ශාෆික් 20, සෆ්රාස් අහමඩ් 19, රංගන හේරත් 6/43, දිල්රුවන් පෙරේරා 3/46.

දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගය දිවා රාත්‍රි තරගයක් ලෙසින් ලබන 6 වැනිදා ඩුබායි නුවර දී ආරම්භ වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<