නිලක්ෂි, ප්‍රසාදනී, තරුෂි සහ හංසිමා හැඩ කළ T20ය

කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2022

1747

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට Greys ක්‍රීඩිකාවෝ සමත් වෙද්දී, එම තරගාවලියේ දී සුපිරි දක්ෂතා දැක්වීමට නිලක්ෂි සිල්වා, ප්‍රසාදනී වීරක්කොඩි, තරුෂි රාජකරුණා සහ  හංසිමා කරුණාරත්න සමත් වුනා.

  • තරගාවලියේ ගමන් මඟ
Team 1 Team 2 Results
1 Reds Greens Reds කණ්ඩායමට කඩුලු 6ක ජයග්‍රහණයක්.
2 Blues Greys Greys කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 2ක ජයග්‍රහණයක්.
3 Greys Greens Greys කණ්ඩායමට ලකුණු 26ක ජයග්‍රහණයක්.
4 Reds Blues වර්ෂාව හේතුවෙන් තරගයේ විසඳුමක් නෑ.
5 Blues Greens Blues කණ්ඩායමට කඩුලු 8ක ජයග්‍රහණයක්.
6 Reds Greys Reds කණ්ඩායමට ලකුණු 22ක ජයග්‍රහණයක්.
7 Greys Blues Greys කණ්ඩායමට ලකුණු 48ක ජයග්‍රහණයක්.
8 Reds Greens Reds කණ්ඩායමට ලකුණු 3ක ජයග්‍රහණයක්.
9 Reds Blues Reds කණ්ඩායමට ලකුණු 25ක ජයග්‍රහණයක්.
10 Greens Greys වර්ෂාව හේතුවෙන් තරගයේ විසඳුමක් නෑ.
11 Greys Reds Greys කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 8ක ජයග්‍රහණයක්.
12 Blues Greens Greens කණ්ඩායමට කඩුලු 6ක ජයග්‍රහණයක්.
අවසන් මහා තරගය
13 Greys Reds Greys කණ්ඩායමට කඩුලු 6ක ජයග්‍රහණයක්.
  • Greys කණ්ඩායම

හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් Greys පළමු වටය නිමා කරන්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය හිමිකර ගනිමින්.

මුහුණ දුන් තරග 6න් තරග 4ක් ඔවුන් ජයග්‍රහණය කළ අතර Reds වෙතින් ලත් පරාජයක් සහ Greens සමඟ වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණ තරගයත් ඒ අතර වෙනවා.

කෙසේ වෙතත් ඔවුන් පළමු ස්ථානයට පත් වීමේ දී ලකුණු ලබා ගැනීමේ ශුද්ධ දල වේගය  උපකාරි කර ගන්නවා. ඔවුන් ලැබූ ශුද්ධ දල වේගය 0.679ක්.

කණ්ඩායම ඉහළට ගෙන ඒමේ දී පිතිකාරිනියන් අතරින් වැඩි දායකත්වයක් දක්වන්නේ ඉමල්කා මෙන්ඩිස් (113), හර්ෂිතා සමරවික්‍රම (112), හසීමා කරුණාරත්න (97) සහ විශ්මි ගුණරත්නයි (91). ඔවුන් සිව්දෙනා තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකාරියන් ලැයිස්තු ගත කිරිමේ දී සිව්වැනි ස්ථානයේ සිට 7 වැනි ස්ථානය දක්වා වූ අසුන් වෙන් කර ගන්නවා.

මේ අතරින් හංසිමා කරුණාරත්න අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද සම්මාන දිනා ගන්නවා.

 යවන්නියන් අතර පළමු ස්ථාන ද්විත්වය ම හිමි වෙන්නේ Greys කණ්ඩායමට. ඒ තරුෂි රාජකරුණා සහ ඉනෝෂි පෙරේරා වෙතයි. තරුෂි ඉනිම් 6ක දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 12ක් වන අතර ඇය මේ කඩඉමට ළඟා වෙන්නේ අවසන් මහා තරගයේ දී ලබා ගන්නා ලද කඩුලු 4ත් සමඟයි.

ලකුණු 17ක් පමණක් ලබා දෙන එම දක්ෂතාව මෙම තරගාවලියේ දී ඇයගේ හොඳම පන්දු යැවීමයි. ඇය තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය ලෙසින් ද සම්මානයට පාත්‍ර වුනා.

ඉනෝෂි කඩුලු 9ක් ලබා ගන්නා ලද අතර ඇයගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ Blues කණ්ඩායමට එරෙහිව ලකුණු 5කට ලබා ගන්නා ලද කඩුලු 3යි.

ඊට අමතර ව විහාරා සෙව්වන්දි කඩුලු 4ක් ලබා ගනිමින් මේ ලැයිස්තුවට එක් වෙනවා.

නිලක්ෂි සිල්වාගේ නායකත්වයෙන් යුත් Reds ක්‍රීඩිකාවෝ ප්‍රසාද ලකුණු පුවරුවේ 0.625ක දල ලකුණු වේගයක් ලබා ගනිමින් ලීග් වටය නිමා කරනනේ එහි දෙවැනි ස්ථානය හිමි කර ගනිමින්.

ඔවුන් පළමු වටයේ දී තරග 6න් 4ක් ජයග්‍රහණය කරන අතර, තරගාවලිය ජය ගත් Greys වෙතින් ලත් පරාජය සහ Blues සමඟ වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණ තරගයක් ද ඒ අතර වෙනවා.

අවසන් මහා තරගයේ දී පරාජයට පත් වූව ද, Reds කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ම තරගාවලියේ පෞද්ගලික දක්ෂතාවන් ලැයිස්තු ගත කිරීමේ දී ඉහළ අසුන් වෙන්කර ගැනීම කැපී පෙනෙනවා.

ඒ අනුව කණ්ඩායමේ වඩාත් කැපී පෙනෙන ක්‍රීඩිකාව වූයේ නායිකාව වූ නිලක්ෂි සිල්වා. ඇය තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය ලෙසින් අභිශේක ලබන අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද නම් කෙරෙන්නේ ඇයයි.

ඇය ඉනිම් 7ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 245ක්. ඊට Greens සහ Blues කණ්ඩායම්වලට එරෙහිව වාර්තා කරන ලද අර්ධ ශතක 2ක් ද ඇතුළත්. Greens කණ්ඩායමට එරෙහිව පන්දු 51කට මුහුණ දෙමින් ලබා ගත් ලකුණු 62, මෙම තරගාවලියේ දී ඇයගේ මෙන් ම ක්‍රීඩිකාවක් විසින් ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.

තරගාවලියේ දෙවැනියට වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනියට හිමි අසුන ද වෙන් වෙන්නේ Reds කණ්ඩායම වෙතයි. ඒ ප්‍රසාදනී වීරක්කොඩි තරග 7ක දී වාර්තා කරන ලද ලකුණු 159 වෙනුවෙන්.

ඇය තරගාවලියේ පළමු වටයේ දී Greys කණ්ඩායමට එරෙහිව පන්දු 49ක දී නොදැවී ලකුණු 60ක් ලබා ගත් අතර එය ඇය විසින් මෙම තරගාවලියේ වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය බවට පත් වීමට ද ඇය සමත් වෙනවා.

මීට අමතර ව  Reds වෙනුවෙන් නෙත්මි සේනාරත්න ලකුණු 76ක් ලබා ගනිමින් දායකත්වය දක්වනවා.

පන්දු යැවීමේ දී Reds වෙනුවෙන් ඉහළ ම දක්ෂතා දක්වන්නේ තාරිකා සෙව්වන්දි. ඇය ඉනිම් 7ක දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 8ක්. මේ දක්ෂතාව ඇය තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නියන් අතර තෙවැනි අසුනට හිමිකම් කියන අතර ඇයගේ හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වන්නේ Greens කණ්ඩායමට එරෙහිව ලකුණු 13කට ලබා ගන්නා ලද කඩුලු 3යි.

ඊට අමතර ව මල්ෂා ශෙහානි, තාරුකා ෂෙහානි සහ මධුශිකා මෙත්තානන්ද කඩුලු 5ක් බැගින් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

  • Greens කණ්ඩායම

ඕෂදී රණසිංහගේ නායකත්වයෙන් යුත් Greens ප්‍රසාද ලකුණු පුවරුවේ හිමිකර ගන්නේ තෙවැනි ස්ථානයයි. ඔවුන් මුහුණ දුන් තරග 6න් 4ක් ම පරාජය වන අතර Blues කණ්ඩායමට එරෙහිව පමණක් ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වෙනවා. ඊට අමතරව Greys සමඟ තරගය විසඳුමකින් තොරව අවසන් කරනවා.

කණ්ඩායමේ දක්ෂතා දැක්වූ පිතිකාරිනියන් අතරින් ඉහළ ම අසුන හිමි වෙන්නේ හසිනි පෙරේරා වෙතයි. ඇය තරග 5ක ඉනිම් 5ක දී වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව 89ක්. ඊට අමතරව කාව්‍යා කාවින්දි ලකුණු 54ක් ද සහ අනුශ්කා සංජීවනී ලකුණු 51ක් ලබා ගනිමින් ද ඊට දායකත්වය දක්වනවා.

පන්දු යැවීමේ දී Greens වර්ණවත් කිරීමට උදේශිකා ප්‍රබෝධනී සහ නිමාෂා මධුශානි සමත් වෙනවා. උදේශිකා තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන්ගේ සිව්වැනි අසුන හිමි කර ගන්නේ කඩුලු 7ක් ලබා ගනිමින්. Greys කණ්ඩායමට එරෙහිව ලකුණු 15කට ලබා ගත් කඩුලු 3 ඇයගේ හොඳම පන්දු යැවීමයි.

එම ලැයිස්තුවේ 5 වැනි අසුන හිමි කර ගන්නා නිමාෂා කඩුලු 6ක් ලබා ගන්නවා. මෙම තරගාවලියේ ඇයගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ Reds කණ්ඩායමට එරෙහිව ලකුණු 17කට දවා ගත් කඩුලු 2යි.

  • Blues කණ්ඩායම

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් Blues කණ්ඩායමට, ප්‍රසාද ලකුණු පුවරුවේ හිමි වෙන්නේ සිව්වැනි ස්ථානය. ඔවුන් මුහුණ දුන් තරග 6න් 4ක් ම පරාජයට පත් වන අතර ජයග්‍රහණය කිරීමට හැකි වෙන්නේ Greens සමඟ පැවති තරගය පමණයි. Reds සමඟ පැවති තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වූ තරගයක් ලෙසින් වාර්තා වෙනවා.

කෙසේ වෙතත් කණ්ඩායමේ සාමාජිකාවන් අතරින් නායිකාව වූ චමරි අතපත්තු වැඩිම ලකුණු ලැබූ පිතිකාරිනියන් අතර තෙවැනි අසුන වෙන්කර ගැනීමට සමත් වීම කැපී පෙනෙනවා. ඇය ඉනිේ 4ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 115ක් වන අතර ඇයගේ ඉහළ ම ඉනිම බවට පත් වෙන්නේ Greys කණ්ඩායමට එරෙහිව පන්දු 28ක දී ලබා ගන්නා ලද ලකුණු 49යි.

චමරිට අමතරව ලිහිනි අප්සරා ලකුණු 65ක් ද, සත්‍යා සංදීපනී ලකුණු 61ක් ලබා ගනිමින් තම කණ්ඩායම වෙනුවෙන් දායකත්වය දක්වනවා.

පන්දු යවන්නියන් අතරින් කණ්ඩායම වෙනුවෙන් ඉහළ ම දක්ෂතා දක්වන්නේ ඉනෝකා රණවීර. ඇය කඩුලු 6ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නියන් අතර 6 වැනි ස්ථානය ලබා ගන්නවා.

ඊට අමතරව අමා කාංචනා කඩුලු 4ක් ද සහ චමරි අතපත්තු කඩුලු 3ක් ද ලබා ගනිමින් කණ්ඩායම වෙනුවෙන් වැඩිම සේවය කළ පන්දු යවන්නියන් අතරට එක් වෙනවා.

  • තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනියන්.
Player Team Mat Inns Runs HS Ave 50
1 නිලක්ෂි සිල්වා Reds 7 7 245 62 61.25 2
2 ප්‍රසාදනී වීරක්කොඩි Reds 7 7 159 60* 26.50 1
3 චමරි අතපත්තු Blues 4 4 115 49 57.50 0
4 ඉමල්කා මෙන්ඩිස් Greys 6 6 113 31 18.83 0
5 හර්ෂිතා සමරවික්‍රම Greys 6 6 112 43 22.40 0
  • තරගාවලියේ වැඩිම කඩුලු ලාභිනියන්.
Player Team Mat Inns Over M Runs Wkts Best
1 තරුෂි රාජකරුණා Greys 6 6 24.0 1 101 12 4/17
2 ඉනෝෂි ප්‍රනාන්දු Greys 6 6 24.0 2 76 9 3/05
3 තාරිකා සෙව්වන්දි Reds 7 7 20.5 1 104 8 3/13
4 උදේශිකා ප්‍රබෝදනී Greens 5 5 16.1 0 84 7 3/15
5 නිමේෂා මධුශානි Greens 5 5 17.0 0 109 6 17/2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<