එළඹෙන පාසල් ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් කාණ්ඩගත කරයි

පාසල් ක්‍රිකට් තරගාවලිය 2021

622

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මූලික අඩිතාලම වෙමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඔප් නැංවූ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරගාවලියේ 2021 අදියර ඇරඹීමේ පළමු පියවර ලෙස එළඹෙන මාර්තුවේ දී 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සැලසුම් සකසමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව මේ තරගාවලිය එළඹෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) පරීක්‍ෂණයෙන් පසුව ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

19න් පහළ පළමු කාණ්ඩයේ (Division 1) තරගාවලිය පළමු සහ දෙවන ලෙස (Tier A & B) කොටස් දෙකක් යටතේ පැවැත්වේ. එක් කොටසකට (Tier) පාසල් 18ක් අයත්වන අතර ඒ ඒ කොටස් දෙක අනු කාණ්ඩ 3 (Group) බැගින් Tier A සහ B තුල අනු කාණ්ඩයම් 6කට බෙදෙනු ඇත.

තවත් ක්‍රිකට් පුවත්: 

සෑම අනුකාණ්ඩයක් තුළම පාසල් 6ක් එකිනෙකා සමඟින් තරග වදිනු ඇති අතර එක් පාසලකට පළමු වටයේ උපරිම වශයෙන් තරග කිරීමට ලැබෙන්නේ තරග 5ක් පමණි. සෑම අනුකාණ්ඩයන් තුළම මූලික වටයේ තරග පැවැත්වීමෙන් අනතුරුව ඒ ඒ අනුකාණ්ඩයේ (Group) ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින හොඳම කණ්ඩායම් දෙක ඒ ඒ කොටසේ (Tierහි ) අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

අර්ධ අවසන් පූර්ව වටයේ කණ්ඩායම් 6ක් ඉහත ආකාරයෙන් තෝරාගැනීමෙන් අනතුරුව ඉතිරි කණ්ඩායම් දෙක, ඒ ඒ අනුකාණ්ඩයන්ගේ තුන්වැනි ස්ථාන (3rd Place) ගත් පාසල් තුනෙන් “වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගත් හෝ ප්‍රසාද ලකුණු (Points) සම වී පැවතියහොත් දල ලකුණු පවත්වා ගැනීමේ වේගය (NRR) මත ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනු ඇත.

අර්ධ අවසන් පූර්ව වටයේ සිට මේ තරගාවලිය ක්‍රියාත්මක වන්නේ පිළිමළුන් පිටුදැකීමේ ආකාරයටයි. එසේම මේ තරගාවලිය සම්මත එක්දින ක්‍රිකට් නීති රීති වලට අනුකූලව පැවැත්වෙනු ඇති අතර කාණ්ඩයන්ගේ (Divisions) සහ කොටස් අතර (Tiers) උසස්වීම් සහ පසුබැසීම් සිදුවන ආකාරය පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.

දෙවැනි කාණ්ඩයට පාසල් කණ්ඩායම් 35ක් ඇතුළත් වන අතර ඉන් කණ්ඩායම් 18 ක් ‘A’ කාණ්ඩයේ ද, සෙසු කණ්ඩායම් 17 ‘B’ කාණ්ඩයේ ද තරග වැදීමට නියමිතය. මෙම සියලුම කණ්ඩායම් තෝරාගනු ලැබ ඇත්තේ ඉකුත් වසරේ පැවති තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් පදනම් කරගෙනයි.

මීට සමගාමීව වයස අවුරුදු 19න් පහළ තෙවැනි පෙළ තරගාවලිය පළමු මට්ටම සහ දෙවැනි මට්ටම ලෙස මට්ටම්/කාණ්ඩ (Level) දෙකක් යටතේ පැවැත්වේ. එහි පළමු මට්ටමේ දී පාසල් 57ක් අනු කාණ්ඩ 10 කට බෙදී තරග වදිනු ඇත. මූලික වටය අවසානයේ සෑම අනු කාණ්ඩයකින්ම කණ්ඩායම් දෙක බැගින් (කණ්ඩායම් 20ක්) තෝරාගෙන පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට අනුව අවසන් වටය පවත්වනු ලැබේ.

සැලසුම් කර ඇති පරිදි තරගාවලිය පැවැත්වීමට හැකි වුවහොත් එය මාර්තු මස 15ත් 20ත් අතර ආරම්භ වන අතර අප්‍රේල් මස 9 වැනිදා වන විට එහි මූලික වටයේ තරග නිමා වනු ඇත. අවසන් වටයේ තරග සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමා වීමෙන් අනතුරුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග අප්‍රේල් මස 20 වැනිදාත්, අවසන් පූර්ව තරග 25 වැනිදාත්, අවසන් මහ තරග 30 වැනිදාත් පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය දැනට සැලසුම් කර ඇත. මූලික තරග සියල්ලම  පාසල් ක්‍රීඩාංගණවල දී පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව තරගවල සිට ඉදිරියට ඇති තරග පාසල් ක්‍රිකට් සංගමය විසින් නම් කරනු ලබන ක්‍රීඩාංගණවල දී පැවැත්වෙනු ඇත. තවද මේ තරගාවලිය සඳහා පාසල් ක්‍රිකට් සංගමය තවමත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටියි.

2021 පාසල් ක්‍රිකට් තරගාවලියේ කාණ්ඩගත කිරීම් මෙසේ සිදුව ඇති නමුත් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් තවමත් මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර නොමැත.

පළමු පෙළ (Division 1)

Tier A කොටස

X කාණ්ඩය

  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය
  • කොළඹ රාජකීය විද්‍යාලය
  • කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය
  • කැළණිය ගුරුකුල විද්‍යාලය
  • කොළඹ වෙස්ලි විද්‍යාලය

Y කාණ්ඩය

  • කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය
  • කොළඹ මහානාම විද්‍යාලය
  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය
  • කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
  • කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය

Z කාණ්ඩය

  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය
  • කොළඹ නාලන්දා විද්‍යාලය
  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය
  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය
  • කුරුණෑගල මලියදේව විද්‍යාලය
  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

Tier B කොටස

X කාණ්ඩය

  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය
  • ගාල්ල මහින්ද විද්‍යාලය
  • බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය
  • මහනුවර ධර්මරාජ විද්‍යාලය
  • ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය
  • මොරටු මහා විද්‍යාලය  

Y කාණ්ඩය

  • වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය
  • කොළඹ ඉසිපතන විද්‍යාලය
  • කොළඹ ආනන්ද විද්‍යාලය
  • කොළඹ සහිරා විද්‍යාලය
  • පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය
  • මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

Z කාණ්ඩය

  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය
  • මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය
  • රත්ගම දේවපතිරාජ විද්‍යාලය
  • වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය
  • කොළඹ ලුම්බිණි විද්‍යාලය
  • මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

දෙවන පෙළ (Division 2)

Tier A කොටස

X කාණ්ඩය

  • පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය
  • පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය
  • පානදුර සාන්ත ජෝන් විද්‍යාලය
  • මීගමුව සාන්ත පීතර විද්‍යාලය
  • කළුතර විද්‍යාලය
  • ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය

Y කාණ්ඩය

  • පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය
  • කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය
  • කළුතර සිරි කුරුස විද්‍යාලය
  • කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය
  • අංගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය
  • අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය

Z කාණ්ඩය

  • මාතර රාහුල විද්‍යාලය
  • යාපනය සාන්ත ජෝන් විද්‍යාලය
  • කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය
  • කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය
  • වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල
  • මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය

Tier B කොටස

X කාණ්ඩය

  • කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය
  • කෝට්ටේ ජනාධිපති විද්‍යාලය
  • තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලය
  • ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලය
  • කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය

Y කාණ්ඩය

  • අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විද්‍යාලය
  • මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය
  • කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය
  • හේනේගම මධ්‍ය මහා විද්‍යාලය
  • පානදුර රාජකීය විද්‍යාලය
  • කෑගලු විද්‍යාලය

Z කාණ්ඩය

  • බලපිටිය රේවත විද්‍යාලය
  • හොරණ තක්ෂිලා විද්‍යාලය
  • හලාවත සාන්ත මරියා විද්‍යාලය
  • ජා ඇල ක්‍රයිස්ට් කිං විද්‍යාලය
  • මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය
  • කොළඹ අසෝක විද්‍යාලය

තුන්වන පෙළ (Division 3)

පළමු කාණ්ඩය (Level One)

A කාණ්ඩය

  • කොළඹ කේරි විද්‍යාලය
  • රාගම කරුණාරත්න බෞද්ධ පාසල
  • කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාලය
  • නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය
  • නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල

B කාණ්ඩය

  • හංවැල්ල රාජසිංහ විද්‍යාලය
  • මොරටුව මෙතෝදිස්ත විද්‍යාලය
  • හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය
  • දෙහිවල එස්. ද. එස් ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය
  • මහරගම ජනාධිපති විද්‍යාලය
  • හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය

C කාණ්ඩය

  • කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය
  • මෝදර ද ලා සාල් විද්‍යාලය
  • මීගමුව හර්ස්චන්ද්‍ර ජාතික පාසල
  • වේයන්ගොඩ බණ්ඩාරණායක ජාතික පාසල
  • කොච්චිකඩේ ලොයලා විද්‍යාලය
  • එඬේරමුල්ල සාන්ත ජෝසප් විද්‍යාලය

D කාණ්ඩය

  • මිනුවන්ගොඩ නාලන්දා පිරිමි විද්‍යාලය
  • මාරවිල සාන්ත ශේවියර් විද්‍යාලය
  • කොටුගොඩ ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය
  • සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලය
  • කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලය
  • කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලය

E කාණ්ඩය

  • හොරණ ශ්‍රීපාලි මධ්‍ය මහා විද්‍යාලය
  • රත්නපුර වේල්ස් විද්‍යාලය
  • පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල
  • මතුගම සාන්ත මරියා විද්‍යාලය
  • මතුගම ආනන්ද ශ්‍රාස්තාලය
  • පයාගල පොතුවිල මහා විද්‍යාලය

F කාණ්ඩය

  • යාපනය Skandavarodaya විද්‍යාලය
  • යාපනය මධ්‍ය මහා විද්‍යාලය
  • යාපනය හින්දු විද්‍යාලය
  • කොකුවිල් හින්දු විද්‍යාලය
  • යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය

G කාණ්ඩය

  • මතුගම සී. ඩබ්. ඩබ් කන්නංගර විද්‍යාලය
  • බෙන්තොට ගාමිණී ජාතික පාසල
  • බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය
  • කළුතර වෙලපුර මධ්‍ය මහා විද්‍යාලය
  • ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය

H කාණ්ඩය

  • බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය
  • බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය
  • බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය
  • බලංගොඩ ආනන්ද මයිත්‍රී ජාතික පාසල
  • රත්නපුර සාන්ත ඇලෝසියස් විද්‍යාලය
  • මොනරාගල රාජකීය විද්‍යාලය

J කාණ්ඩය

  • ගාල්ල විද්‍යාලෝක  විද්‍යාලය
  • දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලය
  • වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලය
  • කුලීගොඩ මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලය
  • තිස්සමහාරාමය දෙඹරවැව ජාතික පාසල

K කාණ්ඩය

  • නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය
  • කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය
  • ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය
  • අකුරණ අසාර් විද්‍යාලය
  • මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය
  • පොලොන්නරුව රාජකීය විද්‍යාලය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<