ප්‍රසාදිනී සහ නිලක්ෂිගේ ප්‍රහාරයෙන් Greys අපරාජිත කිරුළ ගිලිහේ

කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2022

337
Women’s Super Four T20 Tournament 2022
Image Credits - Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන 2022 කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනය අද (5) කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා.

අද පැවති Greens සහ Blues අතර තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගන්නට Blues සමත් වුනු අතර, Reds සහ Greys අතර තරගය අවසන් වුනේ Reds කණ්ඩායමට ලකුණු 22ක ජයක් හිමිකර දෙමින්.

>>Photos – Blues vs Greens – Women’s Super Four T20 Tournament 2022<<

දිනයේ පැවති පළමු තරගය වුනු Blues සහ Greens තරගයේ ඉනිමක් පන්දුවාර 5කට සීමා වුනා. ඒ පෙරදින රාත්‍රියේ පැවති අයහපත් කාලගුණ තත්වය නිසා තණතීරුව අවට ප්‍රදේශය ක්‍රීඩාව සඳහා උචිත මට්ටමක නොතිබුණු නිසයි.

කාසියේ වාසිය දිනා ගත් Greens පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 5 තුල කඩුලු 4ක් දැවී ලකුණු 46ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම දියත් කළ Blues පන්දුවාර 4කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 2ක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.

එහි දී වේගවත් පිතිකරණයක නිරත වුනු Blues නායිකා චමරි අතපත්තු පන්දු 16ක දී 6 පහර 3ක් සහ 4 පහරක් එල්ල කරමින් එම ලකුණු ප්‍රමාණය ලබා ගත්තා.

දිනයේ දෙවැනි තරගය පැවැත්වුනේ Reds සහ අපරාජිත Greys අතරයි. කාසියේ වාසිය දිනා ගත් Reds නියමිත පන්දුවාර 20 තුල කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 123ක් ලබා ගත්තා. ප්‍රසාදිනී වීරක්කොඩි 4 පහර 3ක් සහ 6 පහරක් එල්ල කරමින් පන්දු 49ක දී වේගවත් සහ නොදැවුණු ලකුණු 60*ක් ලබා ගත්තා.

>>Photos – Greys vs Reds – Women’s Super Four T20 Tournament 2022<<

ලකුණු 36කට කඩුලු 2ක් දැවී තිබුණු Reds ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71ක් තුල ලකුණු 87ක සබඳතාවයක් ගොඩනැංවූ නායිකා නිලක්ෂි (ලකුණු 46*) සහ කඩුලු රකින පිතිකාරිනි ප්‍රසාදිනී Reds ඉනිම තරගකාරී ලකුණකට රැගෙන ගියා.

එයට පිළිතුරු දුන් Greys කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 101ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වුනු විශ්මි ගුණරත්න ලකුණු 29ක් ලබා ගන්නා විට, හංසිමා කරුණාරත්න ලකුණු 24ක් ලබා ගත්තේ දවා ගත් කඩුල්ලට අමතරවයි. පන්දු යැවීමේ දී මදුෂිකා මෙත්තානන්ද කඩුලු 2ක් දවා ගත්තා.

ඒ අනුව Greys කණ්ඩායමේ අපරාජිත බව අහිමි කළ Reds මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Blues සහ Greens තරගය

Greens – 46/4 (5): කාව්‍යා කාවින්දි 12, අනුෂ්කා සංජීවනී 12, ඉනෝක රණවීර 2/20.

Blues – 47/2 (4.4): චමරි අතපත්තු 34*

Blues කණ්ඩායමට කඩුලු 8ක ජයක්

Greys සහ Reds තරගය

Reds – 123/2 (20): ප්‍රසාදිනී වීරක්කොඩි 60*, නිලක්ෂි සිල්වා 46*, හංසිමා කරුණාරත්න 1/31.

Greys – 101/7 (20): විශ්මි ගුණරත්න 29, හංසිමා කරුණාරත්න 24, මදුෂිකා මෙත්තානන්ද 2/18.

Reds කණ්ඩායමට ලකුණු 22ක ජයක්

තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<