ඕස්ට්‍රේලියාවේ ‘The Test’ වාර්තා වැඩසටහන ගැන ජෝ රූට් කතා කරයි

84

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තම ක්‍රීඩක විවේකාගාරය තුළ සිදුවූ සිදුවීම් කිහිපයක් අළලා වාර්තා චිත්‍රපටයක් පසුගියදා එළිදක්වා තිබිනි. එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් පවසා ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පිළිබඳ එම වාර්තා චිත්‍රපටයේ පළමු කථාංග කිහිපය නැරඹීම තමන්ට 2021/22 අළු බඳුනට පෙර අභිප්‍රේරණයක් වූ බවයි. 

සංගා, මහේල කොරෝනා සටනට එක් වෙයි

මේ දිනවල වසංගතයක් ලෙස පැතිර යන COVID-19 වයිරසය නිසා ශ්‍රී ලංකාව තුල හදිසි ඇඳිරි නීති…

2018 වසරේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය අතරතුර සිදුවූ පන්දුව පළුදු කිරීමේ සිදුවීමෙන් අනතුරුව ඔවුන් ලක්වූ අපකීර්තියේ පහත් මට්ටමේ සිට 2019 අළු බඳුන ටෙස්ට් තරගාවලිය ජය පරාජයකින් තොරව අවසන් කිරීම දක්වා ඕස්ට්‍රේලියාවේ ප්‍රගතිය ‘ද ටෙස්ට්’ නම් වූ එම වාර්තා චිත්‍රපටයේ අන්තර්ගත වේ. 

ඕස්ට්‍රේලියා කණ්ඩායම 2019 වසරේ ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය තෙක් පැමිණි අතර එම වටයේ දී සත්කාරක එංගලන්තය හමුවේ පරාජය වීම නිසා ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ඕස්ට්‍රේලියාව පරාජය කළ එංගලන්තය අවසන් තරගයේ දී නවසීලන්තය පරාජය කරමින් තම පළමු ලෝක කුසලාන ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. 

ක්‍රිකට් කතුවැකි පාලනය කර ඇති ඕස්ට්‍රේලියා ක්‍රිකට් මහජන සම්බන්ධතා අභ්‍යාසයක් ලෙස මෙම චිත්‍රපටය භාවිතා කළ බව විශාල වශයෙන් පිළිගැනීමට ලක්වූ මෙම වාර්තා චිත්‍රපටයට චෝදනා එල්ල වී තිබේ. 

නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාව අත්හිටුවීමත් සමඟ රූට් එය නැරඹීමට තීරණය කළේය. 

“අපි තරගාවලිවල ක්‍රීඩා කරමින් සිටිය දී (සංචාරයේ යෙදී සිටිය දී) මට නැරඹීමට අවශ්‍ය වූ චිත්‍රපට බොහොමයක් මම මේ දවස්වල නරඹලා අවසන් කළා.” යැයි ඔහු වාර්තාකරුවන්ට පැවසීය. 

“නැවත පැමිණ පුහුණු වීමට, බයිසිකලයට නැගීමට, එය මා දිරිගැන්වීමේ ක්‍රමයක් ලෙස භාවිතා කිරීමට හොඳ පෙළඹවීමක් වුනා.”  

“තාමත් බැලුවේ ලෝක කුසලානයේ ආරම්භය වෙනකන් පමණයි. එහි ඉතිරි කොටස දිග හැරෙන ආකාරය බලන්න ආසාවෙන් ඉන්නවා.”  

ලෝක ටෙස්ට් ශූරතාවයේ වැදගත්කම පිළිගත් රූට්, ඕස්ට්‍රේලියාවේ අළු බඳුන තරගාවලිය එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ අසීරුම පරීක්ෂණය ලෙස දිගටම පවතින බව ද පැහැදිලි කළේය. 

ඔහුගේ නායකත්වය යටතේ 2017/18 අළු බඳුන තරගාවලියේ දී එංගලන්තය තරග 4-0ක් ලෙස පරාජයට පත්විය. නමුත් දකුණු අප්‍රිකාවට එරෙහි සිව්වන ටෙස්ට් ජයග්‍රහණය එංගලන්තය වාර්තා කළ අතර ඔවුන්ගේ වේගවත්ම පන්දු යවන්නා වන මාක් වුඩ් එහි තරගාවලියේ වීරයා බවට පත්විය. ඔහු වැනි ක්‍රීඩකයන්ගේ හැකියාවන් එංගලන්ත ප්‍රහාරයට ප්‍රබල සාධකයක් එක්කළ බව රූට් පැවසීය. 

“දකුණු අප්‍රිකාවේ දී අපි යම් කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. විදේශ තත්වයන් යටතේ කඩුලු 20ක් දවා ගැනීමට අපි ක්‍රමයක් සොයාගෙන තිබෙනවා.” 

ශ්‍රී ලංකා තරගාවලිය අවලංගු වුන නිසා බලාපොරොත්තු සුන් වුන ජෙනිංග්ස්

2019-20 තරග වාරය කීටන් ජෙනිංග්ස්ගේ සිහිනවලට එතරම් හොඳ කාලයක් බව පෙනෙන්නට නොතිබුණි…

ඉහළ පෙළේ නැගී එන තරු වන ඩොම් සිබ්ලි සහ ඔලී පාප් පිළිබඳව අදහස් දක්වමින් රූට් තවදුරටත් මෙසේ පැවසීය. 

“අපට තරුණ සටන්කරුවන් ගණනාවකටම අත්දැකීම් ලබා දිය හැකි නම්, ඔවුන්ට ක්‍රීඩා කාලය ලබා දෙන්න පුළුවන් නම් එවිට අපිට විශ්වාසයෙන් යුත් කණ්ඩායමක් ගොඩ නැගීමට පුළුවන්. ඕස්ට්‍රේලියාව අප වෙත එල්ල කරන අභියෝග සඳහා අපිට සූදානම්ව ඉන්න ඒක ලොකු අවස්ථාවක් වේවි.”  

අළු බඳුන තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමෙන් පසු එංගලන්තය දකුණු අප්‍රිකාවේ දී තරග 3-1ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් විය. ඉන් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය නව කොරෝනා වෛරස අවදානම හේතුවෙන් අවලංගු කිරීමට තීරණය කළේය. 

ඔහුගේ ප්‍රාදේශීය ෂෙෆීල්ඩ් ළමා රෝහලේ අනුග්‍රාහකයෙකු වන රූට් පැවසුවේ ඔවුන් ගැන සැලකිලිමත් විය යුතු තවත් වැදගත් දේවල් තිබෙන බවයි. 

“නමුත් ක්‍රිකට් දෘෂ්ටි කෝණයකින් බලන විට අපි ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙක සඳහා හොඳින් සූදානම් වෙමින් සිටියා. අපි දකුණු අප්‍රිකාවේ දී විශාල දියුණුවක් ලබා ගත්තා.” 

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව තාවකාලික විරාමයක් ලබා සිටින අවස්ථාවේ දී එය සමතුලිත කර ගැනීම සඳහා ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් වැටුප් කප්පාදු කිරීම පිළිබඳව සාකච්ඡා කරන බව පිළිගත් රූට්, “එය මගේ විෂය ක්ෂේත්‍රය නොවේ” යැයි පැවසීය. 

එහෙත් 2020 සමය මුළුමනින්ම අතහැර දැමීමේ අපේක්ෂාව නියත වශයෙන්ම සිදුවිය හැකි බව ඔහුට සිතෙන බව ඔහු පැවසීය. 

“සමහරවිට ඒ මගේ බිරිඳ මට පිටුපස වත්තේ වැඩ කරන්න කියන නිසා වෙන්න ඇති. නමුත් දැන් දේවල් දරුණු වෙනවා. සියල්ල පහව යනතුරු අපිට වාඩිවෙලා බලාගෙන ඉන්න වේවි.” යනුවෙන් රූට් පැවසීය. 

අනුරාධපුරයේ පවුල් 450කට සුරංග ලක්මාල් සහනයක් වෙයි

ශ්‍රී ලංකා ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ශ්‍රී ලාංකිකයක්ට ඉතාමත් අපහසු අවස්ථාවක් මෙම…

ඔහුගේ බිරිඳ ඔහුට ව්‍යායාම ලබා දෙන්නේ දැයි ඇසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. 

“තවම නැහැ. මම බොහෝ පන්දු රැකීම් කර, ඇල්ෆිට (රූට්ගේ පුතා) විසි කිරීම් රාශියක් කියලා දුන්නා. ඒ වගේම ව්‍යායාම ටිකක් මෙහි පැතලි ධාවන පථයක කරන්න කියලා දුන්නා.  මම තවම පිත්තක් අල්ලලා නෑ. එබැවින් මට විශ්වාසයි යම් අවස්ථාවක දී මම නිවසේ ගරාජයේ පුහුණුවීම් පටන්ගනීවි.”  

නමුත් රූට් අවධාරණය කළේ ඕස්ට්‍රේලියා වාර්තා චිත්‍රපටයේ මෙන් පුහුණු කාමරයේ පරිසරය කෘත්‍රීමව ප්‍රතිනිර්මාණය කළ නොහැකි බවයි. 

“ඔබ සාමූහිකව යමක් සඳහා වැඩ කිරීමට බොහෝ කාලයක් ගත කරනවා. එය නැවත පැමිණි විට එය ඉතා සුවිශේෂී දෙයක්.”  

“සමහර විට ඔබට එය සුළුකොට තැකිය හැකියි. විශේෂයෙන් ඔබ අප තරම් ක්‍රීඩා කරන විට.”  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<