දේශප්‍රිය ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතයන්ට ජය ගෙනේ

159

එංගලන්ත, ඉන්දියා සහ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (08) ගෝවෙ නගරයේ දී පැවති තරගයෙන් ලකුණු 78ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම, ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත….

කාසියේ වාසිය දිනූ එංගලන්ත දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 260ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් එංගලන්ත දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 182ක් පමණි.  

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළේ නායක චන්දන දේශප්‍රිය ය. ඔහු පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 99ක් ලබා ගත්තේ ය. ඔහු තරගයේ වීරයා ලෙසින් ද සම්මාන දිනා ගත්තේ ය.

ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි පන්දු වාරය වෙද්දී කඩුලු 2ක් දැවී ලකුණු 14ක් ලෙසින් අසරණව සිටිද්දී දේශප්‍රිය කණ්ඩායමේ බර තම කර මතට ගත්තේ ය. තෙවැනි කඩුල්ල වෙනුවෙන් ආරම්භක පිතිකරු එස්. සම්පත් සමඟ එක් වූ දේශප්‍රිය ලකුණු 102ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් විය. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා වැය කළේ පන්දු 49ක් පමණි. සම්පත් පන්දු 26කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟ ලකුණු 37ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව දේශප්‍රිය සහ කේ. කුමාර අතර 4 වැනි කඩුල්ලට එක්වූ ලකුණු සබඳතාව 58කි. එහි දී කේ. කුමාර පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා ගන්නේ ය.

19න් පහළ ආසියානු කුසලානයේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට

ආසියානු කලාපයේ යොවුන් ශූරයන් කවුරුන් ද යන්න තේරීම වෙනුවෙන් හත්වැනි වරටත්…..

ශ්‍රී ලංකා ඉනිම නිමා වෙන විට ප්‍රියන්ත කුමාර පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 29ක් ලබා සිටියේ ය. ඔහු සමඟ අනෙක් අන්තයෙන් ඩී. මතුගම (05) පිටියේ රැඳී සිටියේ ය.

පන්දු යැවීමේ දී එංගලන්ත නායකයා ශ්‍රී ලංකා ඉනිම පාලනය කිරීම වෙනුවෙන් පන්දු යවන්නෝ 9 දෙනෙක් යොදා ගත් අතර ඒ අතරින් සාර්ථක වූයේ එම්. ඩීන් ය. ඔහු ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත්තේ ය. ඊට අමතරව ජේ. හොලිංග්ස්වරත්, ඊ. හසෙල් සහ එල්. සුග් කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ලට ලකුණු 65ක් එක් කිරීමට එම්. ඩීන් සහ ඩී. ෆීල්ඩ් සමත් වූහ. එහි දී පළමු කඩුල්ල ලෙසින් ඩී. ෆීල්ඩ්, ඩී. මතුගමගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ලකුණු 19කට දැවී ගියේය. ඔහු ඒ වෙනුවෙන් පන්දු 24ක් වැය කර තිබුණි.

ආරම්භක පිතිකරු එම්. ඩීන් එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් තෙවැනි කඩුල්ල ලෙසින් පන්දු 34කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟ ලකුණු 48ක් ලබා ගත්තේ ය.

එංගලන්ත ඉනිමේ දෙවැනි, තෙවැනි, සිව්වැනි සහ පස්වැනි කඩුලු පන්දුවාර 4ක් තුළ දවා ගනිමින් එංගලන්ත ක්‍රීඩකයන්ගේ ඉනිමේ ගමන් මග වෙනස් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙණුනි. ඒ වෙද්දී එංගලන්ත ලකුණු පුවරුව කියැවුණේ පන්දුවාර 13ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 113ක් ලෙසිනි.

ඉතිරි පන්දුවාර 7 දී එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 69ක් ලබා ගැනීමට සමත් වූහ. එහි දී එස්. මුරේ පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 30ක් අතර එස්. සුග් පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තේ ය.

මෙන්ඩිස් සහ මධුශංකට ‘බෝනස්’ චාන්ස් එකක්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය…..

එංගලන්ත ඉනිමට එරෙහිව ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ද 9 දෙනෙක් යොදා ගත් අතර ඒ අතරින් සාර්ථක වූයේ ඩී. මතුගම ය. ඔහු පන්දුවාර 4ක් යවමින් ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත්තේ ය. ඊට අමතරව ඩී. මදුවන්ත ද කඩුල්ලක් දවා ගත්තේ ය. එංගලන්ත ඉනිමේ කඩුලු 4ක් ම දුවද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 7ක් දැවී 260 (20.0): එස්. සම්පත් 37, චන්දන දේශප්‍රිය 99, කේ. කුමාර 22,  ප්‍රියන්ත කුමාර නොදැවී 29, එම්. ඩීන් 2/22

එංගලන්ත දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 7ක් දැවී 182 (20.0): එම්. ඩීන් 48, ඩී. ෆීල්ඩ් 19, එම්. මරේ නොදැවී 30, එල්. සුග් 22, ඩී. මතුගම 2/31

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහභාගී වෙන මීළඟ තරගය ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමඟින් මේ මස 10 වැනිදා ගෝවේ නගරයේ දී පැවැත්වීමට නියමිත ය. එම තරගයේත් උණුසුම් පුවත් සමඟින් යාවත්කාලීන වීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<