විස්ඩන් 21 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන්

560

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුල රනින් බැබළ වූ ක්‍රීඩකයන් කීපදෙනෙකු සිටී. අර්ජුන රණතුංග, සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි නම් අතර නිතැතින්ම කියැවෙන නාමයක් පවතී. ඒ මුත්තයියා මුරලිදරන්ය.

ආචර් දෙවැනි COVID පරීක්ෂණයෙන් සමත්

දෙවන වතාවටත් COVID-19 පරීක්ෂණයෙන් සමත් වූ එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජෝෆ්රා ආචර් හට, බටහිර…

ටෙස්ට් කඩුලු 800ක්, එක්දින කඩුලු 538ක් සමඟින් කිසිවෙකුටත් සම කළ නොහැකි වාර්තා කීපයකම හිමිකරුවා මුරලි ය.

ලොව වැඩිම ටෙස්ට් හා එක්දින කඩුලු ලාභියා වන මුත්තියා මුරලිදරන් 21 වැනි සියවසේ වටිනාම ක්‍රීඩකයා (Most Valuable Player of the 21st Century) ලෙස විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව නම් කර තිබේ.

ලොව ක්‍රිකට් සඟරා අතරින් ප්‍රමුඛතම ක්‍රිකට් සඟරාව වන විස්ඩන් සඟරාව ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් විශ්ලේෂණ සමාගමක් වන CRICVIZ සමඟ එක්ව 21 වැනි සියවසේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයින් 30 දෙනා නම් කර ඇති අතර ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් එම ලැයිස්තුවේ ඉහළින්ම සිටී.

විස්ඩන් ක්‍රිකට් අලෙවිකරණ අධ්‍යක්ෂ සෑම් ස්ටෝ මෙම විශේෂ අතිරේකය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, අපි 2000 වසරේ සිට එක්රැස් කළ දත්ත මේ සඳහා යොදාගෙන තිබෙනවා. ඒ නිසා මේ ක්‍රීඩක ලැයිස්තුගත කිරීම් 2000 සිට 2020 කාලය දක්වා වලංගු වෙනවා.”

මුරලිගේ ටෙස්ට් කඩුලු 800න්, ඔහු තරග 85ක දී ලබා ගත් කඩුලු 573ම ලබාගෙන ඇත්තේ 2000 ජනවාරි 1 සිට 2010 දක්වා කාලය තුල දී. මෙම කාලය තුළ ඔහුට ඉදිරියෙන් සිටින්නේ ජේම්ස් ඇන්ඩර්සන් පමණයි. ඔහු කඩුලු 584ක් ලබාගෙන තිබෙනවා. නමුත් ඔහු ඒ සඳහා තරග 151ක් (2000-2020) ක්‍රීඩා කරලා තියනවා.” සෑම් ස්ටෝ තවදුරටත් පවසා සිටියා.

Cricviz විසින් සැකසූ තරග සඳහා වන බලපෑම පිළිබඳව වන ආකෘතිය, ක්‍රීඩකයෙකුගේ දායකත්වය පිළිබඳ නව මානයක් හෙළි කිරීමට සමත් වන බව එම ආයතනය පවසා සිටී. ශ්‍රී ලංකා හිටපු දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් 21 වැනි සියවසේ මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වටිනාම ක්‍රීඩකයා ලෙස නම් කිරීම සඳහා මෙම තරග බලපෑම් ආකෘතිය යොදාගෙන තිබේ. මුත්තයියා මුරලිදරන් එම කාලය තුල දැක්වූ දක්ෂතා අසමසම වන අතර එයට සම කළ හැකි කිසිවෙක් මෙතෙක් බිහි වී නොමැත.

CricViz පවසන ලෙස ඔවුන්ගේ ආකෘතිය ටෙස්ට් ක්‍රීඩාව පිළිබඳව ගැඹුරින් සොයා බැලීමට ඉඩ සලසන අතර පසුගිය වසර 20 තුළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට මුත්තයියා මුරලිදරන් දැක්වූ අසමසම බලපෑම පිළිබඳව ද කියා පායි.

T20 ලෝක කුසලානයේ අවසන් තීන්දුව ලබන මාසයේ

2020 වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට්…

මුරලි සහ ග්ලෙන් මැක්ග්‍රාත් මෙම විශ්ලේෂණයේ දී වඩාත් ඵලදායී පන්දු යවන්නන් දෙදෙනා ලෙස අපි හඳුනා ගත්තා.  මෙම පරීක්ෂණයේ දී අපි විශ්ලේෂණය කරන්නේ ක්‍රීඩකයන්ගේ බලපෑම පිළිබඳව. හොඳම පන්දු යවන්නා කවුද කියන එක පිළිබඳ අපි අවධානය යොමු කළේ නෑ. දඟපන්දු යවන්නෙකු ලෙස ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගවල ආධිපත්‍යය දැරීමට වැඩි දායකත්වයක් මුත්තයියා මුරලිදරන් සැපයූවා.”

CricViz හි ක්‍රීඩා විශ්ලේෂක ෆ්‍රෙඩී වයිල්ඩ්, ක්‍රීඩකයන් තෝරාගත් ආකාරය පැහැදිලි කළේය.

1972 මහනුවර දී උපත ලැබූ මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පිවිසෙන්නේ 1992 වසරේ දී ය. ඒ 52 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙසිනි.

එංගලන්ත ක්‍රිකට් ආයතනයට වෙනස්ම ප්‍රශ්නයක්!

එංගලන්ත ආරම්භක පිතිකරු ඇන්ඩෲ ස්ට්‍රව්ස් විශ්‍රාම ගැනීමෙන් පසු වසර අටක කාලය තුළ එංගලන්තයේ ඉදිරි…

මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය වෙනුවෙන් බිහි කළ වාර්තා ප්‍රමාණය අතිමහත්ය. ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා ලෙස වැඩිම කාලයක් සිටීමේ වාර්තාව ද මුරලිදරන් සතු වේ. දින 1711ක්, තරග 214ක් පුරා ඔහු අංක එකේ ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කළේය.

2007 වසරේ දෙසැම්බර් මාසයේ දී ශේන් වෝන් සතුව පැවති වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවට හිමි වාර්තාව තමන් සතුකර ගැනීමට මුරලිදරන් සමත් විය.

වසීම් අක්‍රම් සතුව පැවති වැඩිම එක්දින කඩුලු සංඛ්‍යාවට හිමි වාර්තාව පසුකර යාමට මුරලිදරන් සමත්වූයේ 2009 වසරේ දී ය. 2010 වසරේ දී ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගන්නා විට මුරලිදරන් ලබාගෙන තිබූ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 800කි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<