එංගලන්ත ක්‍රිකට් ආයතනයට වෙනස්ම ප්‍රශ්නයක්!

177
ECB

එංගලන්ත ආරම්භක පිතිකරු ඇන්ඩෲ ස්ට්‍රව්ස් විශ්‍රාම ගැනීමෙන් පසු වසර අටක කාලය තුළ එංගලන්තයේ ඉදිරි පෙළේ පිතිකරණය විසඳිය නොහැකි ප්‍රහේලිකාවක් ලෙස පෙනෙන්නට තිබේ. 

යුවරාජ් සහ ශාස්ත්‍රි twitter හි හාස්‍යජනක සටනක

“අපි ජාතියක් විදියට ආඩම්බර වූ මොහොතක්. අපේ ජ්‍යේෂ්ඨයන් 1983 දී ලෝක

කෙසේ වෙතත් එංගලන්ත ක්‍රිකට් ආයතනයට තම ක්‍රීඩාව සඳහා දිගු කාලීනව සුභවාදී හැඟීම් සඳහා හේතු කිහිපයක් ඇති බව පෙනෙන්නට ඇත. පෙර නොවූ තේරීම් උභතෝකෝටිකයක් සමඟ එංගලන්තය ලබන මාසයේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ටෙස්ට් තරගාවලියට සූදානම් වෙමින් සිටී

එංගලන්තය මෙන්ම ලොව ඕනෑම ක්‍රීඩා ආයතනයක් සෑම තරගාවලියකටම පෙර විසඳුම් සොයන එක් ප්‍රශ්නයක් ඇත. ‘අපි තෝරා ගන්නේ කවුද?’ යන ප්‍රශ්නයයි. 

ස්ට්‍රව්ස්ගේ විශ්‍රාම යාමේ සිට ජොනතන් ට්‍රොට් විශ්‍රාම යාම දක්වාම එංගලන්තය ද මුහුණ දුන් ගැටලුව එය විය. එහෙත් එංගලන්ත ක්‍රිකට් ආයතනය මෙම තරගාවලිය සඳහා එයට වඩා බැරෑරුම් ප්‍රශ්නයකට මුහුණදී සිටී. ඔවුන්ගේ ප්‍රබලම ගැටලුව වනු ඇත්තේ ‘අපි කවුද ඉවත් කරන්නේ? යන්නයි. 

එඩ් ස්මිත්, ජේම්ස් ටේලර් සහ ක්‍රිස් සිල්වර්වුඩ්ගෙන් සමන්විත වන එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව මූලික වශයෙන් රෝරි බර්න්ස්, ඩොම් සිබ්ලි, ජෝ ඩෙන්ලි සහ සැක් ක්‍රෝලි අතරින් දෙදෙනෙකු පළමු ටෙස්ට් තරගය සඳහා තෝරා ගැනීමට උනන්දු වනු ඇත. 

පසුගිය තරගාවලි කිහිපය තුළ ඉහළ මට්ටමේ දක්ෂතා පෙන්නුම් කළ රෝරි බර්න්ස්, තේරීම් කමිටුවේ ප්‍රධාන තේරීම වන්නට විශාල ඉඩක් ඇත. පසුගිය කාලය තුළ ඉහළ මට්ටමේ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ තම ස්ථානය තහවුරු කර ගැනීමට රෝරි බර්න්ස් සමත්ව සිටියේය. 

පසුගිය මාස දහඅට තුළ ක්‍රීඩා කළ තරග වලදී ශතක දෙකක් තම නම ඉදිරියේ සටහන් කරගැනීමට බර්න්ස් සමත් විය. දකුණු අප්‍රිකානු සංචාරයේ දී පාපන්දු ක්‍රීඩා කිරීමේ දී ඇති වූ ආබාධයෙන් ඔහු මේ වන විට පූර්ණ සුවය ලබා සිටී. ඔහු එංගලන්තය වෙනුවෙන් පිතිකරණය ආරම්භ කිරීම අනිවාර්ය වනු ඇත. 

ක්‍රෝලි, සිබ්ලි සහ ඩෙන්ලි යන සෑම ක්‍රීඩකයෙකුටම කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවන් තිබේ. දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරග 3 ජයග්‍රහණ කිරීම සඳහා එංගලන්තයට උදව් කළ හොඳම තිදෙනා ඔවුන් විය. සිබ්ලි එම තරගමාලාවේ දී ඔහුගේ මංගල ටෙස්ට් ශතකය රැස් කළේය. 

ක්‍රෝලි නවසීලන්තයේ දී තම ටෙස්ට් දිවිය ආරම්භ කළ අතර ඉන්පසුව සෑම ඉනිමක දීම ඔහුගේ දක්ෂතා තව තවත් වැඩි දියුණු කරගැනීමට සමත් විය. ඩෙන්ලි මේ දක්වා ඔහුගේ ටෙස්ට් තරග 14 තුළ ලකුණු 30ක සාමාන්‍යයක් රඳවා ගෙන ඇත. එංගලන්තයේ මුල් පෙළේ පිතිකරණය තරමක් අසාර්ථක වන විට එය ස්ථාවර කළ හැකි නැංඟුරමක් ලෙස ඩෙන්ලි ඔහුගේ කාර්‍යභාරය ඉතා හොඳින් ඉටුකර ඇත.  

බොහෝදෙනාගේ මතය වී ඇත්තේ ඩොම් සිබ්ලි සහ රෝරි බර්න්ස් එංගලන්ත පිතිකරණය ආරම්භ කරනු ඇති බවයි. කෙන්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනා වන ජෝ ඩෙන්ලි සහ සැක් ක්‍රෝලි අතරින් එක් අයෙකු අංක 3 පිතිකරුවා ලෙස සම්බන්ධ වීමට වැඩි ඉඩක් ඇත. 

කණ්ඩායමේ ස්ථාන සඳහා වන අවසන් තෝරා ගැනීම නිසැකවම එංගලන්තය සවුත්හැම්ප්ටන් හිදී සහභාගී වන පූර්ව පුහුණු කඳවුරේ දී අත්හදා බැලීමට නියමිතය. 

“තේරීම් කමිටුව තවමත් තීරණයක් අරන් ඇති කියලා මට දැනෙන්නේ නැහැ.” යයි ක්‍රෝලි පැවසීය. 

“ඊළඟ සති කිහිපය තුළ අපි පුහුණු දැල්වල පුහුණුවීම් හා ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම වලට සහභාගී වෙනවා. මගේ දක්ෂතා පෙන්වීමට වගේම මගේ පළමු පාදය ඉදිරියට තැබීමට එය හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා.” 

“මම හිතන විදිහට තේරීම් කමිටුව ඉදිරි සති කිහිපය තුළ ඔවුන් දකින දෙයින් හොඳම ක්‍රීඩකයින් තිදෙනා තෝරා ගනීවි. ඉදිරි සති කිහිපය තුළ මම හොඳ රිද්මයක හිටියොත් මට හොඳ අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. මම එතරම් හොඳ තැනක හිටියේ නැත්නම් මට අඩු අවස්ථාවක් තියෙන්නේ. මම මගේ ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කරලා හොඳ සම්බන්ධතාවයක් ඇතිකර ගන්න උත්සාහ කරනවා. එවිට ඔවුන් දකින දේ ගැන පැහැදීමක් ඇතිකර ගෙන මාව කණ්ඩායමට ගනීවි.” 

ක්‍රෝලි සහ ඩෙන්ලි ඔවුන්ගේ වෘත්තියේ විවිධ අවස්ථා කිහිපයක දී හොඳ මිතුරන් වී ඇත.  34 වන වියේ පසුවන ඩෙන්ලි පළපුරුදු ක්‍රීඩකයෙකු වන අතර ඔහුගේ දෙවන සහ අවසාන එංගලන්ත ආගමනය මෙය වේ. එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඔහු සිය වෘත්තිය තුළ ඉහළ සහ පහළ මට්ටම් තුළ අසීරු ගමනක් පැමිණ ඇත. 

තරග පාවාදීමේ නීති ඉන්දියාවේ ලොකු වෙනසක් කරාවි

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුල පවතින අඳුරු පැතිකඩක් වන තරග පාවාදීම්

“මම ජෝ සමඟ හොඳින් සම්බන්ධකම් පවත්වපු ක්‍රීඩකයෙක්. මම ඔහුට සෑම අතින්ම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා. අපි දෙදෙනාට දිගු කාලයක් එකට ක්‍රීඩා කරන්න ලැබේවි කියලා මම හිතනවා. ඔහු එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන්න ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මමත් එහෙමයි. ඉදිරි සති කිහිපය තුළ කුමක් සිදුවුනත් අපි හොඳ මිතුරන් විදියට ඉන්නවා. අපි දෙදෙනාම නිසැකවම සෙල්ලම් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.”  

එංගලන්තයේ මුල්පෙළ තරගය පිළිබඳව අදහස් දක්වමින් නායක ජෝ රූට් පවසා සිටියේ එම තරගය ක්‍රීඩකයන් සිව්දෙනාම ඉහළ මට්ටමකට ගෙන යනු ඇති බවයි. 

ජූලි මස 01 වනදා ඇරඹෙන අභ්‍යන්තර සංචිතයේ පුහුණු තරගය මුල්පෙළේ ස්ථාන සඳහා වන පරීක්ෂණයක් ලෙස දැකිය හැක. නමුත් තේරීම් කමිටු සාමාජික එඩ් ස්මිත් පවසා සිටියේ පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ එකම පදනම එක් තරගයක් නොවන බවයි.  

“ක්‍රිකට් යනු කුමක්දැයි ඔබ දන්නවා. යමෙකුට නරක තීරණයක් ලැබෙන්න පුළුවන්. නැත්නම් හොඳ පන්දුවක් ලැබෙනවා. මේ නිසා හදිසියේම ඔවුන්ට අඩු ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා එක් තරගයකින් යමෙකු විනිශ්චය කිරීම තරමක් අපහසුයි.” යනුවෙන් ක්‍රෝලි පැවසීය. 

ඒ නිසා එක් එක් පුහුණු සැසිය, එක් එක් පන්දු රැකීමේ පුහුණුවීම්, සෑම ව්‍යායාම සැසියක්ම තේරීම් කමිටුවට අපිව විනිශ්චය කරන්න අවස්ථාවක් වෙනවා. මම හිතන්නේ ටෙස්ට් තරගය දක්වා පැවැත්වෙන පුහුණු සති තුනම ඔවුන් අපි ගැන බලන නිර්ණායක වේවි.” යයි ක්‍රෝලි තවදුරටත් පැවසීය.  

“ක්‍රීඩාවේ දී අපි ලබාගන්නා ලකුණු ගණන අපේ ප්‍රධාන නිර්ණායකය නොවේවි. නමුත් මම සිතන්නේ ඔවුන් පුළුල් අනාගතයක් දෙස බලලා තීරණයක් ගනීවි.”  

ටෙස්ට් තරග පිතිකරුවෙකු ලෙස ක්‍රෝලිගේ පුළුල් දැක්ම සෙසු ක්‍රීඩකයන් දිරිගන්වන සුළුය. ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී ඔහුගේ පළමු ඉනිම පහේ දීම ඔහු ඉගෙනීමට සහ අනුවර්තනය වීමට හැකියාවක් ඇති ක්‍රීඩකයෙකු බවට ඔප්පු කළේය. ඔහු වොන්ඩරර්ස් හිදී පැවති සිව්වන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී සිය පළමු අර්ධ ශතකය වාර්තා කළේය. 

“මුල් තරග වලදී පන්දුවට පහර දීමට යන විට මම ගොඩක් නොසන්සුන් වෙලා හිටියේ. මගේ ජීවිතයේ කිසිම අවස්ථාවක එතරම් නොසන්සුන් වෙලා නැහැ. ඒ පීඩනය කේප් ටවුන්හි ටිකක් අඩු වුනා. අපි ජොහැන්නස්බර්ග් වෙත යන විට මට මගේ සුවපහසුව දැනෙන්නට පටන් ගෙන තිබ්බා. එය අහම්බයක් යැයි මම හිතන්නේ නැහැ. එය මගේ මානසික තත්වයත් එක්ක ආව දෙයක් කියලා මම හිතනවා.”  

පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගාවලියට ද ක්‍රෝලි ඇතුළත්ව සිටියේය. ඔහු එම සංචාරය ප්‍රබල ලෙස ආරම්භ කළේය. COVID-19 වසංගතය නිසා තරගාවලිය අවලංගු වීමත් සමඟින් ක්‍රීඩකයින් නැවත එංගලන්තයට පැමිණීමට පෙර පැවති පුහුණු තරග දෙකේ දී ක්‍රෝලි ලකුණු 43, 91 සහ 105ක් වාර්තා කළේය. 

කෝප වූ ගේල් අංක එකේ T20 පන්දු යවන්නා මට්ටු කළ හැටි

විස්සයි විස්ස තරග ආකෘතිය උඩුයටිකුරු කළ සුවිශේෂී චරිත අතළොස්ස අතුරින් කොදෙව් ආරම්භක

“මම ඒ පුහුණු තරග වලදී ලකුණු ගත්තේ නැත්නම් නම් ඒ ටෙස්ට් තරගාවලිය ගැන මම කලකිරීමට පත්වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ දී මට ක්‍රීඩා කරන්න හොඳ අවස්ථාවක් තිබෙන බව පෙනෙන්නට තිබුනා.” ඔහු පැවසීය. 

“එය මම අතිශයින්ම කලකිරුනු සංචාරයක්. නමුත් නිසැකවම ඒ තීරණය නිවැරදි තීරණයක් වුනා. නමුත් මම මුළු ශීත කාලයටම ආදරය කළා. එය හොඳ අත්දැකීමක් වුනා. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා මට හිතුනා.” 

මෙම ශීත සෘතුවේ දී මුල්පෙළේ පිතිකරුවන් හතර දෙනා පිළිබඳව එංගලන්තය බොහෝ දේ ඉගෙන ගත්තේය. දිගු කලක් තිස්සේ එංගලන්තයේ පැවති දුර්වලතාවයක් මඟ හරවා ගැනීමට එංගලන්තයට අවස්ථාව උදාවන ආකාරයක් පෙනෙන්නට තිබේ. නමුත් මෙය ගණිතඥයන් පිළිකුල් කරන බොරු වලවල් වලින් එකක් ද, නැතිනම් අවසාන වශයෙන් පුළුල් පිළිගැනීමකට ලක්වන විසඳුමක් ද යන්න කාලය විසින් කියනු ඇත. 

CRICBUZZ වෙබ් අඩවිය ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<