ගාල්ලෙන් රග්බි පිටිය ආක්‍රමණය කරන ඇලෝසියස් රග්බි කණ්ඩායම

149

එතරම් දීර්ඝ රග්බි ඉතිහාසයකට හිමිකම් නොකීවද සාන්ත ඇලෝසියස් කණ්ඩායම මෙරට රග්බි ක්‍රීඩාව තුල පෙරළිකාරයන් වීමට පටන්ගත්තේ මීට වසර කීපයකට පෙරය. 

පසුගිය වසරේ දී පාසල් රග්බි පිටියේ C කාණ්ඩයේ සිට B කාණ්ඩය  දක්වා උසස් වීමක් ලබන සාන්ත ඇලෝසියස් කණ්ඩායමේ මෙවර සූදානම පිළිබඳව ThePapare.com කරන විමසීමකි මේ. 

B කාණ්ඩයේ පෙරමුණට ඒමට වෙර දරන තර්ස්ටන්වරුන්

2020 ඩයලොග් අන්තර් පාසල් රග්බි තරගාවලිය පසුගිය දා ආරම්භ විය. මෙවර තරගාවලිය අන් කවරදාකටත් …

පසුගිය තරග වාරය 

සාන්ත ඇලෝසියස් කණ්ඩායම වසර කීපයක් පාසල් රග්බි පිටියේ C කාණ්ඩය නියෝජනය කළ අතර ඔවුන් පසුගිය වසරේ දී සහභාගි වූ තරග සියල්ල ජයග්‍රහණය කරමින් B කාණ්ඩය දක්වා පැමිණීමට සමත් විය. 

එම කාණ්ඩය තුල පැවති තරගවල දී ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලය ලකුණු 48-05ක් ලෙස පරාජය කරමින් පසුගිය තරග වාරය ආරම්භ කළ සාන්ත ඇලෝසියස් කණ්ඩායම දෙවන තරගයේ දී නාලන්ද විද්‍යාලය පරාජය කළේ ලකුණු 12-00ක් ලෙසිනි. 

මොරටුව මහා විද්‍යාලය ලකුණු 40-03ක් ලෙසත්, ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය ලකුණු 35-10ක් ලෙසත් පරාජය කිරීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් විය. පසුගිය වසරේ C කාණ්ඩයේ අවසන් තරගය සඳහා පියරත්න විද්‍යාලය සමඟින් ක්‍රීඩා කළ සාන්ත ඇලෝසියස් කණ්ඩායම එම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 45-14ක් ලෙසිනි. 

ටී. වී. සුමනසේකර අභියෝගතා කුසලානය 

ගාලු පුරවරයේ මහා රග්බි සංග්‍රාමය ලෙස විරුදාවලිය ලත් ඇලෝසියස් රිච්මන්ඩ් සටන පසුගිය වසරේ පැවැත්වුණේ 26 වැනි වරටය. ටී. වී. සුමනසේකර කුසලානය ලෙස පැවැත්වෙන එම තරගය පසුගිය වසරේ දී ලකුණු සමවීමෙන් නිමා විය. 

මෙතෙක් පැවති තරග 26 අතරින් දෙපිළම තරග 10 බැගින් ජයග්‍රහණය කරමින් මෙවර තරගයට පිවිසෙති. තරගමාලාවේ තරග 4ක් විසඳුමකින් තොරව නිමා වී ඇති අතර වසර දෙකක දී තරග පවත්වා නැත.

පාසල් දෙකේ රග්බි ඉතිහාසය සියවසක් ඈතට ඇදී ගිය ද, මෙම වාර්ෂික මහා තරග ඉතිහාසය ඉතා කෙටි වන්නේ විද්‍යාලය දෙකම රග්බි ක්‍රීඩාව අඛණ්ඩව පවත්වා ගෙන යෑමට අපොහොසත් වීම හේතුවෙනි. 

කෙසේ වෙතත් දකුණු ලකට රගර් ක්‍රීඩාව හඳුන්වා දුන් පොලිස් රග්බි ක්‍රීඩකයන් හේතුවෙන් මෙම තරගය ආරම්භයේ දී “ගාලු පොලිස් කුසලානය” ලෙසින් හැඳින්වූ බැව් ද පැවසේ.

සාන්ත ඇලෝසියස් – රිච්මන්ඩ් මහා රග්බි තරග ඉතිහාසයේ පළමු තරගය ආරම්භ වන්නේ 1992 වසරේ දී ය. එවර සාන්ත ඇලෝසියස් කණ්ඩායම මනෝරා ජයවර්ධනගේ නායකත්වයෙන් පිටියට පිවිසි අතර රිච්මන්ඩ් විද්‍යාලය නිශාන්ත පෙරේරාගේ නායකත්වයෙන් පිටියට පිවිසුණි. 

තරගයේ ජයග්‍රාහකයන් වන්නේ රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමයි. තරග ඉතිහාසයේ සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය කණ්ඩායමක් පළමු වරට ජය ලබන්නේ 1994 වසරේ දී ය. ඒ රුෂාන් විමලසේනගේ නායකත්වයෙනි. පරාජිත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබුණේ රෝනක වීරරත්න වෙත ය.

මලියදේවයින්ට සුපිරි ආරම්භයක්

2020 ඩයලොග් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩය යටතේ ඊයේ (06) කුරුණෑගල මලියදේව …

මෙවර තරග වාරය 

සාන්ත ඇලෝසියස් කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා IB කාණ්ඩය නියෝජනය කරන අතර එයට සහිරා විද්‍යාලය, මලියදේව විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය හා මහානාම විද්‍යාලය ඇතුලත් වේ. 

මෙවර තරගාවලිය සඳහා සහභාගි වන සාන්ත ඇලෝසියස් රග්බි කණ්ඩායම 

එච්. එම්. වී. එස්. බණ්ඩාර, ආර්. ඩී. පී. සුබසිංහ, එච්. පී. සඳරුවන්, කේ. එල්. කුමාර, එච්. ජේ. ශාමින්ද, ඒ. එල්. ධනංජය, ටී. එන්. ඩිල්ශාන්, ඕ. එස්. තුඩුවේවත්ත, ඒ. කේ. ගුණතිලක, එච්. ආර්. කුමාර, එම්. එච්. මාලිංග, ඩබ්ලියු. එම්. ජී. නවෝද්‍ය, ඒ. සී. ඕශධ, එච්. ආර්. ලසිත්, ඩබ්ලියු. ආර්. වීරසිංහ, එච්. එස්. මධුලංක, බී. පී. මධුශංක, ආර්. සී. මිහිරාන්, එම්. සී. සත්සර, එම්. එස්. ගුණසේකර, ඒ. බී. මනහර, ඒ. කේ. පීරිස්, පී. වී. ප්‍රවීන්, එච්. ආර්. බණ්ඩාර 

සාන්ත ඇලෝසියස් රග්බි කණ්ඩායමේ මෙවර තරග කාලසටහන 

  • පළමු තරගය – මලියදේව විද්‍යාලය 
  • දෙවැනි තරගය – සහිරා විද්‍යාලය 
  • තුන්වැනි තරගය – ලුම්බිණි විද්‍යාලය 
  • සිව්වැනි තරගය – මහානාම විද්‍යාලය 
  • පස්වැනි තරගය – වේල්ස් කුමර විද්‍යාලය 

මෙවර B කාණ්ඩය යටතේ තරග වදින සාන්ත ඇලෝසියස් විද්‍යාලයට සිය බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකි වේවායි ThePapare.com අප සුබ පැතුම් එක් කරන්නෙමු.

මෙවර පාසල් රග්බි තරග වාරයේ A කාණ්ඩයේ තරග මෙන්ම B කාණ්ඩයේ තරග ද ඔබ වෙත සමීප කිරීමට ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සූදානමින් සිටි. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<