T20 ලෝක කුසලානයේ අවසන් තීන්දුව ලබන මාසයේ

232
ICC

2020 වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අවසන් තීරණයක් ගැනීමට තවත් කල් යනු ඇති බව වාර්තා වේ. 

එංගලන්ත ක්‍රිකට් ආයතනයට වෙනස්ම ප්‍රශ්නයක්!

එංගලන්ත ආරම්භක පිතිකරු ඇන්ඩෲ ස්ට්‍රව්ස් විශ්‍රාම ගැනීමෙන් පසු වසර අටක කාලය තුළ

පසුගිය පෙබරවාරි-මාර්තු කාලය තුල ලොව පුරා වසංගතයක් ලෙස පැතිර ගිය නව කොරෝනා වයිරසය නිසා ලොව පුරා සියලු ක්‍රිකට් තරග මෙන්ම සෙසු තරග ද අවලංගු කිරීමට සිදු විය. 

එවන් වටපිටාවක් තුල ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂ අවධානයක් යොමු වූයේ 2020 වසරේ ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳවය.

මෙම ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව විටින් විට කතාබහට ලක්වූවද ඒ පිළිබඳව නිල වශයෙන් අවසන් තීරණයක් ජූලි මස මැද භාගයේ පැවැත්වෙන වාර්ෂික මණ්ඩල රැස්වීම පැවැත්වෙන තෙක් බලා සිටීමට සිදු වනු ඇති බව හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි.  

පසුගිය මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුව අප්‍රේල් මාසය දක්වා කල් දැමුණු අතර ඉන්දීය රජය විසින් ගත් අගුළු දැමීමේ ක්‍රියාමාර්ග සමඟින් එය දින නියමයක් නොමැතිව කල්දැමීමට සංවිධායකයන් තීරණය කළේය.

හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළ ආකාරයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මෙම ලෝක කුසලානය පිළිබඳව ගන්නා අවසන් තීරණය මත පදනම්ව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම සඳහා ඉඩප්‍රස්ථාවක් සොයා ගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වෙන් පසු වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයින් පසුගිය බ්‍රහස්පතින්දා වීඩියෝ සම්මන්ත්‍රණයක් හරහා දෙවන වරටත් රැස්වූ නමුත් එම සාකච්ඡාවේ දී එළඹෙන ඔක්තෝබර්-නොවැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳව තීරණයක් ගෙන නොමැත. 

තරග පාවාදීමේ නීති ඉන්දියාවේ ලොකු වෙනසක් කරාවි

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුල පවතින අඳුරු පැතිකඩක් වන තරග පාවාදීම්

දෙසතියකට පෙර පැවති මණ්ඩල රැස්වීමෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවසා සිටියේ 2020 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා අඛණ්ඩ සැලසුම් හා විකල්ප ගණනාවක් ගවේෂණය කරන බවයි. තරගාවලි නියමිත ලෙස පැවැත්වීම ඔවුන්ගේ මූලික සැලැස්ම බවත් ඔවුන් පවසා තිබුණි.  

ඕස්ට්‍රේලියාව කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කළ රටක් බවට පත්ව ඇති නමුත් තරගාවලිය සඳහා සහභාගී වන සෙසු රටවල පවතින වසංගත තත්ත්ව මධ්‍යයේ මේ වසරේ ලෝක කුසලානය පැවැත්වීම කළ නොහැක්කක් ලෙස සහ යථාර්ථවාදී සැලසුමක් නොවන බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පසුගිය දා පවසා තිබුණි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ ආකාරයට ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙම වසරේ ලෝක කුසලාන තරගාවලිය කල්දැමීම පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටී. ඒ එමඟින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම සඳහා අවස්ථාව සලසා ගැනීමටය. 

ඔක්තෝබර් – නොවැම්බර් මාසවල දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට තීරණය වුවහොත් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවලංගු කිරීමට සිදු වනු ඇත. 

යුවරාජ් සහ ශාස්ත්‍රි twitter හි හාස්‍යජනක සටනක

“අපි ජාතියක් විදියට ආඩම්බර වූ මොහොතක්. අපේ ජ්‍යේෂ්ඨයන් 1983 දී

එසේ නොවන්නේ නම් ලෝක කුසලාන තරගාවලියට පෙර ඉන්දියාවෙන් පිටත ස්ථානයක දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම වඩාත් ඵලදායි වනු ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය සුබවාදී ප්‍රතිචාරයක් දක්වා නැත. 

විස්සයි විස්ස තරගාවලි දෙකේම විකාශන අයිතිය දරන විකාශකයින් පවා මේ වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට හැකි අවස්ථාවක් සොයා ගැනීමට උනන්දු වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය දා පවසා තිබුණි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<