රුහුණු නිල් මහා සටනට පෙර විපරමක්

324

දකුණු නිල් මහා සටන නැතහොත් රුහුණු නිල් මහා සටන ලෙස ක්‍රීඩාලෝලී ඔබ සැමදෙනාගේම අවධානය දිනා ගත් මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය, 117 වන වරටත් හෙට (24) සිට 26 වැනිදා දක්වා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී තෙදින තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව ඇත.

රන් සටනේ රන් පදක්කම වෙනුවෙන් කොළඹ උණුසුම් වෙයි

11 වන වරට සංවිධාන කෙරෙන රන් සටන සඳහා කොළඹ මහානාම විද්‍යාලය මෙවර පිවිසෙන්නේ වඩාත් ශක්තිමත් ලෙස දිස්වන කණ්ඩායමක් සහ ජයග්‍රහණය සඳහා වැඩි වාසියක් ද සමඟයි..

සනත් ජයසූරිය, රුචිර පල්ලියගුරු, ඉන්දික ද සේරම් හා ප්‍රභාත් නිස්සංක වැනි අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් ජාත්‍යන්තරයට රැගෙන ගිය ගමනේ මුල් අඩිතාලම වූ මෙම මහා සටන ශ්‍රී ලංකා පාසල් මහා ක්‍රිකට් තරග ඉතිහාස තුළ දෙවෙනි වන්නේ කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර පැවැත්වෙන ක්‍රිකට් මහා ක්‍රිකට් තරගයට පමණි.

තරග ඉතිහාසය

1900 වර්ෂයේ දී ආරම්භ වී ඇති මෙම රුහුණු මහා සටන නොකඩවා වසර 116ක් මේ වන විට පවත්වා අතර, එයින් තරග 32ක් මාතර සාන්ත තෝමස් විද්‍යාලය ජයග්‍රහණය කරන විට, තවත් තරග 27ක් ජයග්‍රහණය කළේ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය යි. තරග 57ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

මෙවර තරග සමය

මේ වන විට සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු කාණ්ඩයේ පසුවන අතර, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පමණක් පරාජයට පත්කරමින් ලකුණු 85.64ක් ලබාගෙන ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැඳී සිටියි.

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන කාණ්ඩයෙන් තරග වදින අතර, ඔවුන් විසින් යාපනය සාන්ත ජෝන් විද්‍යාලය, දෙබරවැව ජාතික පාසල, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා කොළඹ කේරි විද්‍යාලය පරාජයට පත්කරමින් ලකුණු 107.36ක් ලබාගෙන එම කාණ්ඩයේ පෙරමුණේ පසුවෙයි. තවද ලබන වසර තුල ඔවුන් පළමු කාණ්ඩය දක්වා උසස් වීමක් ද ලබා ගෙන සිටියි.

සාන්ත තෝමස් විද්‍යාලය

කණ්ඩායමේ කඩුලු රකින්නා මෙන්ම, ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන නායක නිපුන අචලංක සාන්ත තෝමස් කණ්ඩායම මෙහෙය වනු ඇත. ශතක දෙකක් සමඟින් ලකුණු 1000 සීමාව පසු කර ඇති වමතින් පිත්ත හසුරුවන රමින්ද ප්‍රවිනාත් පිතිකරණ අංශය සතු ප්‍රබල තුරුම්පුවක් වේ. පන්දු යැවීමේ අංශය දෙස බලන විට, වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් මදුෂාන් කඩුලු 80ක් ලබාගෙන පෙරමුණේ පසුවෙයි.

අපේක්ෂිත කණ්ඩායම – නිපුන අචලංක (නායක), හෂින් දිල්මාන් (උපනායක), ප්‍රවීන් මදුෂාන්, අකිල තිවංක, හසිත සුනෙත්, ඉශාන් ජයවර්ධන, හිරන්ත ලක්ෂාන්, මිශාල් අමෝද, ලහිරු ගිම්හාන, ලහිරු ඩිල්ශාන්, රමින්ද ප්‍රවිනාත්, මලීශ ද සේරම්, සඳුන් චමින්ද, කවිදු රිද්මල්, ගිෂන්තික ජයවීර, අවිදු නිමන්ත, නිමන්තක භාෂාන, සංජය මදුරංග, සචින්ත ගිම්හාන්, ජේ.පී.හරිදු, හිරුෂ ජීවදිත්, වොෂිත අමරසිංහ, සිනෙත් දිසානායක, සචිර රශ්මික, නිපුන රැචිර  

සාන්ත සර්වේසස් විද්‍යාලය

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ඩේල් ස්ටේන් යන අනුවර්තන නාමයෙන් හඳුන්වනු ලබන තිලිණ ප්‍රශාන් 5 වන වසරේ වර්ණ ලාභියෙක් වෙයි. දෙවන වසරේ වර්ණ ලාභියෙක් වන සාන්ත සර්වේසස් කණ්ඩායම් නායක ඉසුරු උදයංග හා සඳරු නෙත්මින සර්වේසස් විද්‍යාලය සතු අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වේ.

අපේක්ෂිත කණ්ඩායම – ඉසුරු උදයංග (නායක), සඳරු නෙත්මින (උප නායක), තිලාන් ප්‍රශාන්, සුපුන් කාවින්ද, ශසික දුල්ෂාන්, චලන අනුරාධ, දිලක්ෂන කාවින්ද, ශෙහාන් දිල්හාර, කවිශ්ක හර්ෂන, රුවින්ද රෝචන, දිනුක සංදීප, පසිදු මනප්ප්‍රිය, මුදිත හශාන්, පුශ්පිත ඩිල්ශාන්, කේෂර නුවන්ත, ඩිල්ශාන් මදුරංග, කවිදු දුල්ක්ෂිත, ඉමන්ක මදුෂාන්, හිරැන අංජන, ශානක දිදුලන්ත, නෙතුම් සත්සර, දිනුර දිල්මින, අශේන් දිනුත්තර

සාරාංශය

සාන්ත තෝමස් විද්‍යාලය දැනට හොඳ රිද්මයක පසුවෙමින් සිටින අතර, ඔවුන් මෙම මහා තරගය සඳහා හොඳ මානසිකත්වයකින් යුතුව අවතීර්ණ වෙනු ඇත. එසේම සාන්ත සර්වේසස් විද්‍යාලයට ද අත්දැකීම් බහුල කණ්ඩායමක් ඇත. ඉතිහාසය දෙස බලන විට සාන්ත තෝමස් විද්‍යාලයට වැඩි වාසිය ඇති බවත් කිව යුතුමය.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට