මාර්කස් ස්ටොනිස් ඉන්දීය සිහිනය බිඳ දමයි

212
Australia's Marcus Stoinis bowls during the fifth One Day International (ODI) cricket match between England and Australia at Old Trafford cricket ground in Manchester, northwest England on June 24, 2018. (Photo by Oli SCARFF / AFP) / RESTRICTED TO EDITORIAL USE. NO ASSOCIATION WITH DIRECT COMPETITOR OF SPONSOR, PARTNER, OR SUPPLIER OF THE ECB

බ්‍රිස්බන් ක්‍රිකට් පිටියේ දී අද (21) ආරම්භ වූ එංගලන්ත – ඉන්දියා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 4ක් ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

වසර 4කට පෙර කැන්ගරුවෝ කළ දේ මෙදා දකුණු අප්‍රිකානුවන් කරති

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය නිමා කරමින් අද (17) කරාරා පිටියේ පැවති පළමු හා එකම විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 21කින් ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු…

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පන්දුවාර 17කට සීමා වූ තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 158ක් ලබා ගත්තේ ය. පිළිතුරු ලෙසින් හඹා යන ඉනිමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම ලබා ගත්තේ කඩුලු 7ක් දැවී ලකුණු 169ක් පමණි. එහෙත් ඒ වෙද්දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඔවුන් ඉලක්කය වී තිබුණේ ජයග්‍රහණය සඳහා ලකුණු 174කි.

ඕස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුල්ල අමාරුවෙන් ලබා ගත් ලකුණු 24කින් යුක්ත විය. ඒ වෙනුවෙන් ඔවුන්ට පන්දු 17ක් ම වැය විය. ඩී. ආර්චි ෂූට් පන්දු 12ක දී ලකුණු 7ක් සිටිය දී එම අවස්ථාවේ දැවී ගියේය.

ඊට පසුව අනෙක් ආරම්භක පිතිකරු වූ නායක ඒරොන් ෆින්ච්ට එක් වෙන්නේ ක්‍රිස් ලේන් ය. ඔවුන් දෙදෙනා එක් ඕස්ට්‍රේලියා ඉනිම ලකුණු 64ක් දක්වා වර්ධනය කරන්නේ පන්දු 26ක දී ලකුණු 40ක් එක් කරමිනි. එවර කඩුල්ල අහිමි කර ගන්නේ ඒරොන් ෆින්ච් ය. ඔහු පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තේ ය.

එතෙක් සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටි ක්‍රිස් ලේන් තෙවැනි කඩුල්ල ලෙසින් පන්දු 20ක දී හතරේ පහක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටිය දී දැවී ගියේය.

අනතුරුව එළඹි කඩුල්ලේ දී ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වාර්තා විය. ඒ ග්ලේන් මැක්ස්වෙල් සහ මාර්කස් ස්ටොයිනිස් එක්ව වාර්තා කළ ලකුණු 78යි. ග්ලේන් මැක්ස්වෙල් පන්දු 24ක දී හයේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ද විය.

සඳුන් වීරක්කොඩිගෙන් Emerging පිටියට ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (21) ආරම්භ වූ අතර එහි දී එස්. එස්. සී. ක්‍රීඩා සමාජයේ සඳුන්…

ඉනිම අවසන් වෙන විට මාර්කස් සිටොයිනිස් පන්දු 19ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා සිටියේ ය. අනෙක් අන්තයෙන් බෙන් මැක්ඩමට් නොදැවී ලකුණු 2ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී කුල්දීප් යාදෙව් ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත්තේ ය. ඊට අමතරව ජසිප්‍රීට් බුම්රාහ් සහ කේ. කාලීඩ් අහමඩ් කඩුල්ල බැගින් බෙදා ගෙන තිබුණි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දිය ක්‍රීඩකයෝ තරගයට හොඳ ආරම්භයක් ලබා ගත්හ. ඔවුන්ගේ පළමු කඩුල්ලේ ලකුණු සබඳතාව 35කි. එසේ වෙද්දී රෝහිත් ෂර්මා ලබා සිටියේ ලකුණු 7කි. අනතුරුව ලෝකේෂ් රාහුල් ද පන්දු 12ක දී ලකුණු 13ක් ලබා සිටිය දී දැවී ගියේය. එහෙත් ලෝකේෂ් සහ ෂිකර් ධවාන් අතර දෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 46කි. එය ඉනිමේ දෙවැනියට හොඳම ලකුණු සබඳතාව විය.

නායක විරාත් කෝලිට අද ලබා ගත හැකි වූයේ ලකුණු 4ක් පමණි. ඒ සඳහා ඔහු පන්දු 8ක් වැය කළේය. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව එතෙක් ඕස්ට්‍රේලියා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් සිටි ෂිකර් ධවාන් ද වැඩි වේලාවක් නොසිට කඩුල්ල හැර ගියේ ය. ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තේ ය. ඔහු අද රැස් කළේ තම විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 9 වැනි අර්ධ ශතකයයි.

පරීක්ෂණය අසමත් වූ චන්දිමාල් වෙනුවට වෙනත් අයෙක් සංචිතයට

ශ්‍රී ලංකා නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් මේ මස 23 වැනිදා කොළඹ SSC පිටියේ දී ආරම්භ වන තෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා සුදුසු මට්ටමක සිටී ද යන්න පරීක්ෂා කිරීම වෙනුවෙන් ඊයේ…

ඉන්දිය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වාර්තා වූයේ ඊට පසුව ය. 5 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ රිෂාබ් පන්ට් සහ දිනේෂ් කාර්තික් එක්ව ලකුණු 51ක් තම කණ්ඩායමට එක් කළහ. එහි දී පන්ට් පන්දු 15කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහර බැගින් එල්ල කරමින් ලකුණු 20ක් ලබා ගත්තේ ය. දිනේෂ් කාර්තික් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 30කති. ඒ වෙනුවෙන් ඔහු පන්දු13ක් වැය කළ අතර හතරේ පහර 4ක් සහ හයේ පහරක් තම ඉනිමට එක් කළේය.

ඉන්දීය ඉනිමේ අවසන් පන්දු වාරයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු තවත් ලකුණු 13ක් අවශ්‍ය විය. ඒ වෙද්දී ඉන්දියාව සතුව තවත් කඩුලු 5ක් ඉතිරිව තිබුණි. ඉන්දීය පිතිකරු බලඇණියට එය ඉතා ලෙහෙසි ඉලක්කයක් වූවද මාර්කස් ස්ටොනිස් පිට පිට පන්දු දෙකක දී කඩුලු දෙකක් දවා ගනිමින් ඔවුන් ගේ සිහිනය බිඳ දැම්මේ ය. ඔහුට ගොදුරු වූයේ කුරුනාල් පාන්ඩ්‍යා (02) සහ දිනේස් කාර්තික් (30)ක් ය. ඔහු එම කඩුලු දෙක දවා ගැනීම සඳහා ලකුණු 27ක් පූජා කළේය.

ඉන්දීය ඉනිම අවසන් වන විට බුවනේෂ්වර් කුමාර් (01) සහ කුල්දීප් යාදව් (04) නොදැවී පිටියේ රැඳී සිටිය හ.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඇඩම් සම්පා ලකුණු 22කට කඩුලු දෙකක් දවා ගත් අතර ඔහු තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි.  

ඕස්ට්‍රේලියාව; කඩුලු 4ක් දැවී 158 (17): ඒරොන් ෆින්ච් 27, ක්‍රිස් ලේන් 37, ග්ලේන් මැක්ස්වෙල් 46, මාර්කස් ස්ටොනිස් නොදැවී 33, කුල්ඩීප් යාදව් 2/24

ඉන්දියාව; කඩුලු 7ක් දැවී 169 (17): ෂිකර් ධවාන් 76, රිෂාබ් පන්ට් 20, දිනේෂ් කාර්තික් 30, ඇඩම් සම්පා 2/22, මාර්කස් ස්ටොනිස් 2/27

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ දෙවැනි තරගය මේ මස 23 වැනිදා මෙල්බර්න් හිදී රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<