මලල ක්‍රීඩාවට අළුත් පුහුණුකරුවෙක්

59

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස වයි. කේ. කුලරත්න මහතා පත්කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ. එම ධූරය දිගු කලක සිට පුරප්පාඩුව පැවති අතර මෙම පත්කිරීම සඳහා තවමත් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අනුමැතිය හිමිව නැත. 

SAG ගැන පසු විපරමක් කරන්න විශේෂ කමිටුවක්!

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ගැන පසු විපරමක් කරන්න විශේෂ කමිටුවක් පත් කිරීමට “ක්‍රීඩා සහ තරුණ කටයුතු…

කුලරත්න මහතා 2008, 2009 සහ 2010 වසර වලදී ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර ඔහුගේ අත්දැකීම් සහ දක්ෂතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට කළ සේවය අතිමහත්ය. 

පසුගියදා නිමාවූ 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පුහුණුකරු ලෙසද කුලරත්න මහතා කටයුතු කළේය. එම ක්‍රීඩා උළෙලේ දී මලල ක්‍රීඩා ආධිපත්‍යය තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ ඉන්දීය කණ්ඩායම අබිභවා යමිනි. 

1980 වසරේ දී ක්‍රීඩා නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවයට පිවිසි කුලරත්න මහතා, 2017 වසරේ මාර්තු මාසයේ දී විශ්‍රාම යන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරියෙකු ලෙස සේවය කළේය. 1957 වසරේ මාර්තු මස 10 වනදා උපත ලැබූ ඒ මහතා තම මූලික අධ්‍යාපනය සඳහා ඇතුළත් වූයේ වැවහමඩුව වනිගසේකර විද්‍යාලයටය. ඉන් අනතුරුව මාතර සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වන ඒ මහතා තම අධ්‍යාපනය නිමා කළේ මාතර රාහුල විද්‍යාලයෙනි. එහිදී කුලරත්න මහතා තම මලල ක්‍රීඩා අංශය සුනිල් ජයවීර මහතා යටතේ පුහුණුවී ඇත. 

මීටර 400 සහ මීටර 800 තරග ඉසව්වන් වලදී කැපී පෙනෙන දස්කම් දක්වන කුලරත්න මහතා 1974 වසරේ දී පාසල් වර්ණ දිනා ගැනීමට සමත් විය. තම වෘත්තීය ලෙස පුහුණුකාරීත්වය තෝරාගැනීමෙන් අනතුරුව විදෙස් පාඨමාලා කිහිපයකට සහභාගී වන කුලරත්න මහතා IAAF පස්වන අදියර ද සම්පූර්ණ කර ඇත. 

රට හරහා දිවීමේ දකුණු ආසියානු තරගාවලිය ශ්‍රී ලංකාවේ දී

දෙවන දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. මෙම තරගාවලිය එළඹෙන පෙබරවාරි 15 වැනිදා…

තම පුහුණුකරු වෘත්තීයට නැවත එළඹෙන කුලරත්න මහතා, මලල ක්‍රීඩා ජාතික පුහුණුකරු ලෙස හැකි ඉක්මණින් තම කාර්‍යයන් ආරම්භ කිරීමට සූදානමින් සිටියි. එළඹෙන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී පදක්කමක් දිනා ගැනීම ඒ මහතාගේ ප්‍රධානම බලාපොරොත්තුවක් වනු ඇත. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම 2010, 2014 සහ 2018 වසර වලදී සහභාගී වූ ආසියානු මලල ක්‍රීඩා තරගාවලි වලදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූයේ නැත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<