IPL වෙන්දේසියට පෙර කණ්ඩායම් රඳවා ගත් ක්‍රීඩක ලැයිස්තුව

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

522

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන ක්‍රීඩක වෙන්දේසියට පෙර එහි දැනට සිටින කණ්ඩායම් 8 රඳවා ගන්නා ක්‍රීඩකයන් පිළිබඳව තොරතුරු ඊයේ (30) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කර තිබුණා.

මීළඟ ක්‍රීඩක වෙන්දේසියට පෙර 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් විසින් රඳවා ගන්නා ක්‍රීඩකයින් පිළිබඳව දැනුවත් කිරීමට එක් එක් කණ්ඩායම්වලට ලබා දී තිබූ කාලය ඊයේ (30) රාත්‍රියෙන් අවසන් වුනා.

මේ කණ්ඩායම් තෝරාගැනීම සඳහා එක් එක් කණ්ඩායමට ලැබෙන මුළු මුදල ඉන්දීය කෝටි 90ක් වන අතර ඔවුන්ට වෙන්දේසිය පෙර ක්‍රීඩකයන් හතරක් රඳවා ගැනීමට අවස්ථාව හිමිවන්නේ උපරිම ඉන්දීය ක්‍රීඩකයන් තුනක්, විදේශීය ක්‍රීඩකයන් දෙකක් හෝ ජාතික කණ්ඩායම් වරම් නොලැබූ ක්‍රීඩකයන් දෙකක් යන සීමාවන්ට යටත්වයි.

ඒ අනුව දැනට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් වන Chennai Super Kings (CSK), Delhi Capitals (DC), Kolkata Knight Riders (KKR) සහ Mumbai Indians (MI) ක්‍රීඩකයන් හතර බැගිනුත්, Rajasthan Royals (RR), Royal Challengers Bangalore (RCB) සහ Sunrisers Hyderabad (SRH) ක්‍රීඩකයන් තුන බැගිනුත් රඳවා ගෙන ඇති අතර Punjab Kings (PBKS) රඳවා ගෙන ඇත්තේ ක්‍රීඩකයන් දෙදෙනෙක් පමණයි.

ඒ අනුව මෙවර වෙන්දේසිය සඳහා වැය කළ හැකි ඉහළම වටිනාකම ලෙස ඉන්දීය කෝටි 72ක් Punjab Kings (PBKS) කණ්ඩායමට ඉතිරිව ඇති අතර අවම වටිනාකම සහිත කණ්ඩායම වන Delhi Capitals කණ්ඩායමට ඉතිරිව ඇත්තේ ඉන්දීය කෝටි 47.50ක් පමණයි.

රඳවා ගත් ක්‍රීඩකයන්, ඔවුන්ගේ වටිනාකම් සහ කණ්ඩායම්වලට ඉතිරි වටිනාකම් පහත පරිදි වේ.

සියලූම වටිනාකම් ඉන්දීය කෝටිවලින් දැක්වේ

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<