ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ අවසන් මහා තරග අද (18) කොළඹ MAS රාජකීය බොක්සිං අංගනයේ දී අවසන් විය. එහි දී “දක්ෂතම ක්‍රීඩකයා” හට හිමිවන ලේටන් කුසලානය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එන්. ජීවන් කුමාර සමත් විය. දක්ෂතම ක්‍රීඩිකාව වශයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා චන්ද්‍රිකා ගුරුගේ සම්මාන ලැබීම ද කැපී පෙනිණි.
තරග ඇරඹුණේ පස්වරු 3.00ට පමණ ය. පසුගිය වසර වලට සාපේක්ෂව තරගාවලිය හොඳ මට්ටමක තිබිණි. එහි දී වැඩි දස්කම් පාන්නට යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ අතර ආසියානු තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් මීට සහභාගී වූයේ නැත.
ප්‍රේක්ෂක විශ්වාසය ඉහළ නංවමින් සිව්වැනි දිනය නිමා වෙයි
77 වැනි ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ (17) කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී
දක්ෂතම ක්‍රීඩකයාට හිමිවන “ලේටන් කුසලානය” දිනා ගත්තේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එන්. ජීවන් කුමාර විසිනි. කි. ග්‍රෑම් 49 ලයිට් ෆ්ලයිවෙයිට් බරපන්තියේ අවසන් මහා තරගයේ දී ඔහු විසින් තියුණු තරගයකින් අනතුරුව පරාජය වූයේ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ සංජීව නුවන් ය. දෙදෙනාම පහරිට පහර එල්ල කළත් ජීවන් කුමාර තමන්ගේ දස්කම් ප්‍රකට කළේය. ඊයේ (17) පැවති අවසන් පූර්ව තරගයේ දී ඔහු විසින් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ අයි. පෙරේරා හට දරුණු අභියෝගයක් එල්ල කරමින් ජය ගනු ලැබිණි. 2017 තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගත් ඔහු මේ වසරේ ලේටන් කුසලානයේ හිමිකරුවා වී තිබේ.
ThePapare.com හමුවේ විශේෂයෙන් අදහස් පළකළ ජීවන් කුමාර මෙසේ පැවසුවේය.
“සතුටුයි. ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියා මේ ජයග්‍රහණය. මහන්සි වුනා. කැපකිරීම් කළා. ගුවන් කොමදෝරු වීරකෝන් සර්, කණ්ඩායම් කපිතාන් කොස්තා සර්, පින්නවල සර්, වීරක්කොඩි සර් ඇතුළු මට උපදේශකත්වය දීපු හැම නිලධාරියෙක්ම මේ වෙලාවේ මතක් කරනවා.”
දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ පළමු යුධ හමුදා කාන්තා බොක්සිං ක්‍රීඩිකාව සේ සැලකෙන චන්ද්‍රිකා ගුරුගේ ය. ඇය විසින් කි. ග්‍රෑම් 57 ෆෙදර්වෙයිට් බරපන්තියේ අවසන් මහා තරගයේ දී MAS යුනිචෙලා ක්‍රීඩා සමාජයේ එන්. පුෂ්පකුමාරි කෙරෙනු ලැබිණි. කල්පනාකාරීව ක්‍රීඩා කළ ඇය හට තරුණ ක්‍රීඩිකාවගෙන් ලැබුණු අභියෝගය හොඳ එකක් විය. ඊයේ (17) පැවති අවසන් පූර්ව තරගයේ දී ඇය විසින් පරාජය වුණේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ සී. පස්යාල ක්‍රීඩිකාව යි.
ThePapare.com වෙත විශේෂයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාව, චන්ද්‍රිකා මෙසේ පැවසුවාය.
“ගොඩක් සතුටුයි. මේ රටේ පළවෙනි කාන්තා බොක්සිං ක්‍රීඩිකාව හැටියට තවමත් දක්ෂතම ක්‍රීඩිකාව වෙන්න ලැබීම ගැන සතුටු වෙනවා. මම ක්‍රීඩා කළේ අනූෂා කොඩිතුවක්කු නංගිටත් කලින්. අවුරුදු 5ක් මං ක්‍රීඩාවෙන් ඈත්වෙලා හිටියා. නමුත් මගේ රටට ජාත්‍යන්තර පදක්කමක් ගෙන සිහිනය මට තියෙනවා. මේ ජයග්‍රහණය පිටිපස්සේ ඉන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ පුහුණුකරුවන්, මගේ පවුල, යාළුවෝ තමයි.”
ලේටන් කුසලානයේ තෙවන දිනයත් සාර්ථකව නිමා වෙයි
77 වන ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ තුන්වැනි දිනය ඊයේ (16) කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ
අනෙකුත් තරගවල ශූරයන් සහ ශූරියන් මෙසේයි.
කාන්තා
කි. ග්‍රෑම් 48 – ලයිට් ෆ්ලයිවෙයිට්
MAS ලීනියා ක්‍රීඩා සමාජයේ කව්මිණි ගමගේ පරාජය කළ MAS තුරුලී ක්‍රීඩා සමාජයේ අනුත්තරා රණසිංහ එහි ශූරිය බවට පත්විය.
කි. ග්‍රෑම් 51 – ෆ්ලයිවෙයිට්
MAS යුනිචෙලා ක්‍රීඩා සමාජයේ කේ. නිල්මිණි විසින් එම ක්‍රීඩා සමාජයේම ආර්. කෞෂල්‍යා පරාජය කරමින් එහි ශූරතාවය දිනා ගැනීමට සමත් විය.
කි. ග්‍රෑම් 54 – බැන්ටම්වෙයිට්
පොලිස් ක්‍රීඩා සමාජයේ පී. රත්නායක පරාජය කළ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එස්. කුරේ එහි ශූරිය බවට පත්විය.
කි. ග්‍රෑම් 60 – ලයිට්වෙයිට්
පොලිස් ක්‍රීඩා සමාජයේ එන්. සඳරුවනි හට දෙවැනි ස්ථානය ලබා දෙමින් යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එස්. ඉමන්දි එහි ශූරතාවය දිනා ගත්තාය.
කි. ග්‍රෑම් 64 – ලයිට් වෙල්ටර්වෙයිට්
යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කේ. සුමුදු විසින් යුනිචෙලා ක්‍රීඩා සමාජයේ පී. අතපත්තු පරාජය කරමින් මෙහි ශූරතාවය දිනා ගන්නා ලදි.
කි. ග්‍රෑම් 69 – වෙල්ටර්වෙයිට්
යුනිචෙලා ක්‍රීඩා සමාජයේ එල්. උදයංගනී විසින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එස්. දිලිනිව පරාජය කොට එහි ශූරතාවය දිනා ගන්නා ලදි.
කි. ග්‍රෑම් 75 – මිඩ්ල්වෙයිට්
යුනිචෙලා ක්‍රීඩා සමාජයේ එස්. චන්ද්‍රසේකර විසින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එන්. කළුආරච්චිව පරාජය කොට මෙහි ශූරතාවය දිනා ගන්නා ලදි.
කි. ග්‍රෑම් 81 – ලයිට් හෙවිවෙයිට්
පොලිස් ක්‍රීඩා සමාජයේ එම්. ජයවර්ධනව පරාජය කළ යුනිචෙලා ක්‍රීඩා සමාජයේ එච්. ජයදේව හට මෙහි ශූරතාවය හිමි විය.
යුධ හමුදා ක්‍රීඩකයින් සාර්ථක මෙහෙයුමක
මේ දිනවල කොළඹ රාජකීය MAS බොක්සිං කවයේ දී පැවැත්වෙන 77 වන ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ දෙවන දිනය
පිරිමි
කි. ග්‍රෑම් 52 – ෆ්ලයිවෙයිට්
යුධ හමුදා ක්‍රීඩා සමාජයේ පී. ධර්මසේන විසින් යුධ හමුදා ක්‍රීඩා සමාජයේම මහේෂ් උදයකුමාරව පරාජය කොට මෙහි ශූරතාවය දිනා ගනු ලැබිණි.
කි. ග්‍රෑම් 56 – බැන්ටම්වෙයිට්
ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ කේ. අමරවංශ හට පරාජය අත්කර දෙමින් යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ටී. වීරක්කොඩි මෙහි ශූරයා බවට පත්විය.
කි. ග්‍රෑම් 60 – ලයිට්වෙයිට්
යුධ හමුදා ක්‍රීඩා සමාජයේ විමුක්ති කුමාර විසින් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ භානුක ජයම්පති පරාජයට පත්කොට මෙහි ශූරතාවය දිනා ගනු ලැබිණි.
කි. ග්‍රෑම් 64 – ලයිට් වෙල්ටර්වෙයිට්
යුධ හමුදා ක්‍රීඩා සමාජයේ බී. රාජකරුණා විසින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ සී. උදයකුමාරව පරාජය කොට මෙහි ශූරතාවය දිනා ගත්තේය.
කි. ග්‍රෑම් 69 – වෙල්ටර්වෙයිට්
ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ අයි. රාජපක්ෂව පරාජයට පත්කරමින් යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. මධුරංග මෙහි ශූරයා බවට පත්විය.
කි. ග්‍රෑම් 75 – මිඩ්ල්වෙයිට්
නාවික හමුදා ක්‍රීඩා සමාජයට දිනයේ එකම රන් පදක්කම හිමිකර දෙමින් ආර්. කුමාර ජය ගත්තේ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ඒ. ගුණසේකරව පරාජය කරමිනි.
කි. ග්‍රෑම් 81 – ලයිට් හෙවිවෙයිට්
යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ආර්. සඳකැලුම් විසින් ඔහුගේ ක්‍රීඩා සමාජයේම එම්. මුදන්නායකව පරාජය කොට මෙහි ශූරතාවය ලැබීය.
කි. ග්‍රෑම් 91 – හෙවිවෙයිට්
ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එච්. අබේසිංහ විසින් මෙහි ශූරතාවය දිනා ගත්තේ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එස්. බණ්ඩාරව පරාජය කරමිනි.
කි. ග්‍රෑම් 91 + – සුපර් හෙවිවේයිට්
ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ බී. රත්නදිවාකර මෙහි දී පරාජය වූයේ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඊ. තිලකරත්න හට ශූරතාවය ලැබී ය.
තරගාවලියේ දක්ෂතම පරාජිතයාට හිමි සම්මානය ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ආර්. රාජපක්ෂ හට හිමි විය. දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස MAS යුනිචෙලා ක්‍රීඩා සමාජයේ ආර්. කෞෂල්‍යා සම්මාන දිනා ගත්තාය.
දින පහක් පුරා පැවැත්වුණු තරගාවලිය පෙරට වඩා ප්‍රශංසනීය ය. ශ්‍රී ලංකාවට වැදගත් මීළඟ බොක්සිං තරග කිහිපය එළඹෙන සති දෙක ඇතුළත පැවැත්වෙන්නේ ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල තුළ දී යි. ඔබේ විශ්වසනීය බොක්සිං පුවත් සහ රූප සපයන්නා ThePapare.com සමඟින් එක්ව සිටින්න.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<