හසරංග කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වෙයි

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය

1623

කොදෙව් දූපත් හි ක්‍රිකට් සැණකෙළිය හෙවත් කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලිය එළඹෙන අගෝස්තු 26 වැනිදා සිට සැප්තැම්බර් 15 වැනිදා දක්වා කැරිබියන් දූපත් හිදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වීමට නියමිතව සිටි 24 හැවිරිදි වනිඳු හසරංග හට ඉන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

St Kitts & Nevis Patriots කණ්ඩායම විසින් ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගව පසුගිය අප්‍රේල් මාසයේ දී පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසියේ හරහා සිය කණ්ඩායමට එක් කර ගත්තා. 

ඒ වන විට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන (සැප්තැම්බර් 2-14) තහවුරු වී නොතිබුණු නමුත්, පසුගිය දා එම තරගාවලියේ තරග කාලසටහන නිල වශයෙන් තහවුරු වීම නිසා වනිඳු හට 2021 CPL තරගාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ. ඔහු දැනටමත් ඒ බව St Kitts & Nevis Patriots සිය කණ්ඩායමේ කළමනාකාරීත්වය වෙත දැනුම් දී තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

මෑත කාලය තුල ඉතාමත් හොඳින් දස්කම් දැක්වූ ඔහු පසුගිය දා නිමා වූ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලියේ තරගාවලි වීරයා ද වුනා. එසේම ඔහු දැනට ලොව විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ ද සිටිනවා.

ඊට අමතරව එම වෙන්දේසියේ දී අලෙවි වුනු අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනා වුනු තිසර පෙරේරා සහ ඉසුරු උදාන යන දෙදෙනාම මෑතක දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළා. ඒ නිසා ඔවුන් දෙදෙනාම මේ තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි. ඔවුන් දෙදෙනා පිළිවෙළින් Barbados Royals (පැරණි නම – Barbados Tridents) සහ Trinbago Knight Riders කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<