දෙවන පරාජය ගැන Kohli දැඩි සිත්තැවුලෙන්

IPL 2021

115

මෙවර IPL තරග වාරය ජයග්‍රහණ පෙළකින් ආරම්භ කරමින් ශක්තිමත්ව ඉදිරියට ඇඳෙන Royal Challengers Bangalore හට ඊයේ (30) දිනයේ දී Punjab Kings කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 34ක පරාජයක් අත්විඳීමට සිදු වූයේ තරගාවලිය තුල ක්‍රීඩා කළ තරග 7න් පරාජයට පත්වූ දෙවන තරගය ලෙස එය සටහන් කරමිනි.

කාසියේ වාසිය හිමි කර ගත් RCB නායක Virat Kholi ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Punjab Kings පිතිකරුවන් හට ආරාධනා කළ අතර ඉන් උපරිම ඵල නෙලා ගත් නායක KL Rahul ඇතුළු පිතිකරණ බලඇණිය ඉනිම අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක ඉලක්කයක් ප්‍රතිවාදීන් වෙත ලබා දීමට සමත් විය. නායක Rahul නොදැවි රැස් කළ ලකුණු 91ක අගනා ඉනිම PK ලකුණු පුවරුව සවිබල ගැන්වීමට වඩාත් ඉවහල් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි RCB ක්‍රීඩකයින් හට නියමිත පන්දුවාර 20 අවසානයේ රැස් කර ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 145ක් පමණි. තරගයෙන් අනතුරුව තම කණ්ඩායම අතින් සිදු වූ අත්වැරදීම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ නායක Virat Kholi පෙන්වාදී සිටියේ පන්දු යැවීමේ අංශයෙන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ලකුණු 25ක පමණ වාසියක් ප්‍රතිවාදීන් හිමිකරගත් බවයි.

තවද තම කණ්ඩායමට පිත්තෙන් සාර්ථක වීමට කිසිදු ඉඩප්‍රස්තාවක් ලබා නොදී, තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වීමට Punjab පන්දු යවන්නන් වඩාත්  උපායශීලී වූ බව ඔහු සඳහන් කර තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්:

ඔවුන් මුලින්ම පන්දුවට පහර දෙද්දී ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගත්තා වුනත් අපිට හැකි වුනා හොඳ සටනක් ලබා දෙන ගමන් ක්‍රමයෙන් තරගයට අවතීර්ණ වෙන්න. නමුත් අපි ලකුණු 25ක් විතර වැඩිපුර ඔවුන්ට ලබා දුන්නා කියලා මට හිතෙනවා මොකද 160ක වගේ ඉලක්කයක් ලැබුණා නම් තරගය මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.”

අපි අන්තිම මොහොත වෙනකන් අපේ සැලැස්ම අනුව පන්දු යැව්වත්, අවසාන පන්දුවාර කිහිපයේ දී රිද්මය ගිලිහිලා ගියා. පිතිකරණය ගැන කතා කළොත් අපිට අවශ්‍ය කරලා තිබුණ ඉලක්කයන් සපුරා ගන්න බැරි වුනා. ඇත්තටම ඔවුන් ඉතාමත් හොඳින් යැව්වා. ඒ පීඩනය හසුරවා ගන්න නොහැකි වීම තමයි අපේ පරාජයට ප්‍රධානතම හේතුව.”

RCB ආරම්භක සබඳතාව ලකුණු 19කට සීමා කරමින් Devdutt Padikal නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට Riley Meredith සමත් වූ අතර ඉන් අනතුරුව නායක Kohli සමඟ එක්වූ Rajat Patidar ඉනිමට යම් ජීවයක් එක් කිරීමට උත්සාහ කළ ද ඔවුන් දෙදෙනාටම Punjab Kings තර්ජනාත්මක පන්දු යැවීම හමුවේ හිස නැමීමට සිදු විය. පිතිකරුවන් හට එතරම් සහයෝගයක් නොදැක්වූ එම තණතීරුවේ තීරණාත්මක සාධකය බවට පත් වූයේ පිතිකරණ සබඳතා බව Kohli වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

පිතිකරුවන් විදියට ආරම්භයේ දී අපිට යම් වෙනස් උපායමාර්ගයක් අනුගමනය කරන්න තිබුණා. තණතිල්ලෙන් ලොකු සහයෝගයක් තිබුණේ නැති නිසා මම උත්සාහ කළේ කඩුල්ලේ රැඳී ඉඳලා අවසානයට ලොකු පහරවල්වලට යන්න. නමුත් මට අවශ්‍ය දේ කරගන්න බැරි වුනා වගේම අපිට තීරණාත්මක සබඳතා කිහිපයක් මඟ හැරී ගියා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<