ආර්. අයි. ටී. අලස් සමරු කුසලානය කොළඹට

346

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ පැවති තවත් සුහද කාණ්ඩයේ තරග දෙකක් ඊයේ (10) නිමාවට පත්විය.

එහි දී ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය ඉනිමකින් හා ලකුණු 37කින් පරාජය කළ ඩී. එස්. සේනානායක විද්‍යාලය ආර්. අයි. ටී. අලස් සමරු කුසලානය ජයග්‍රහණය කරන ලදි.

කනිෂ්ක මදුවන්ත පන්දු යැවීමෙන් සුපිරි දස්කම් දක්වයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් …

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය

ආර්. අයි. ටී අලස් සමරු කුසලානය වෙනුවෙන් 8 වන වතාවටත් පැවැත්වූ මේ ක්‍රිකට් තරගය මත්තේගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දී ඉකුත් දා (9) ආරම්භ විය. කාසියේ වාසිය දිනා ගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් චමත් යටවර, සොනාල් ජයසේන හා මුදිත ලක්ෂාන් ලබාගත් ලකුණු නිසාවෙන් සියල්ලන්ම දැවී ලකුණු 208ක් ලබා ගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාල සමත් විය. පන්දු යැවීමේ දී පිට දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මනුෂ්ක සමිත් ඩී. එස්. සේනානායක විද්‍යාල පිතිකරුවන් හට දැඩි අභියෝගයක් බවට පත්වූයේ ලකුණු 50ක් තුල කඩුලු 7ක් බිඳ හෙලීම නිසයි.

එයට පිළිතුරු දුන් සාන්ත ඇලෝසියස් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 97ක් වැනි ඉතාමත් අවම මට්ටමේ ලකුණකි. ඒ නිසාවෙන් ඉනිමක ජයක් අපේක්ෂා කළ සත්කාරක ඩී. එස්. සේනානායක කණ්ඩායම නැවත වතාවක් පන්දුවට පහර දීමේ අවස්ථාව සංචාරක සාන්ත ඇලෝසියස් විද්‍යාල කණ්ඩායමට හිමිකරදුන් නමුත් ඒ අවස්ථාවෙන් ද නිසි ඵල ප්‍රයෝජන ලබා ගැනීමට සාන්ත ඇලෝසියස් විද්‍යාල ක්‍රීඩකයෝ අසමත් වූහ.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් තරගය පුරාවට වැඩිම ලකුණු ලබාගත් උමාල් සංචිත ලකුණු 23ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී තරගය පුරාවට සිය තුන් ඉරියව් දස්කම් දැක්වූ මුදිත ලක්ෂාන් කඩුලු 7ක් දවා ගත් අතර මෙතුශාන් කුමාර කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම – 208 (57.5): චමත් යටවර 45*, සොනාල් ජයසේන 42, මුදිත ලක්ෂාන් 40, මනුෂ්ක සමිත් 7/50, කවිඳු දිල්හාර 2/38.

සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම –  97 (33.1): ගිම්හාන ආශිර්වාද 20, චමත් යටවර 4/21, මෙතුශාන් කුමාර 3/15.

සාන්ත ඇලෝසියස් විද්‍යාල දෙවන ඉනිම (F/O) –  74 (40.5): උමාල් සංචිත 23, මුදිත ලක්ෂාන් 6/16, මෙතුශාන් කුමාර 3/33.

දශකයකට පසුව නවසීලන්තය ඉන්දියාවෙන් වාඩුව ගනී

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම …


වේල්ස් කුමර විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය

කොළඹ රාජකීය පිටියේ දී ජය පරාජයෙන් නිමා වූ මේ තරගයේ වැඩි ගෞරවය දිනා ගැනීමට සංචාරක වේල්ස් කුමර විද්‍යාලය සමත් විය. ඊයේ (9) දිනයේ ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජකීය විද්‍යාලයේ ආරාධනය පිළිගත් වේල්ස් කුමරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 237ක් ලබාගත්තේය.

Photos: Royal College vs Prince of Wales College | Singer U19 Cricket Tournament 2018/19

එහි දී වේල්ස් කුමර විද්‍යාල ඉනිම සවිබලගැන්වූ දෙවක පීරිස් පසිඳු පැතුම් හා එක්වෙමින් ඉතාමත් සාර්ථක පිතිකරණ නිරත වූයේ ඉතාමත්  ලෙසයි. ඊට අමතරව ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළ විනුජ රන්පුල් හා තරිඳු ගිමන්ත ලකුණු අතරට පිවිසීමට වරම් දිනා ගත්තේය. පන්දු යැවීමේ දී ගිශාන් බාලසූරිය ලකුණු 80කට කඩුලු 5ක් දවා ගන්නා විට කාමිල් මිශාර කඩුලු 3ක් තමන් සතු කරගන්නා ලදි.

වේල්ස් කුමර විද්‍යාලයේ පළමු ඉනිමට එරෙහිව පිළිතුරු ඉනිම දියත් කළ රාජකීයන් පන්දුවාර 82කුත් එක් පන්දුවක් අවසානයේ සියල්ලන්ම දැවී වාර්තා කර ගත්තේ ලකුණු 229ක් වන අතර ඒ අතරින් වැඩි ලකුණු ප්‍රමාණයක් වාර්තා කර ගත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ පසිඳු සූරියබණ්ඩාර ලකුණු 98ක් ලබාගෙන සිටිය දී කෞමාල් නානායක්කාර යොමු කළ පන්දුවක් හමුවේ දැවී ගියේය. කමිල් මිශාර  ලකුණු 47යි. රාජකීය පිතිකරුවන් ඉතාමත් හොඳින් පාලනය කළ කෞමාල් මෙවර තරග වාරය තුල තවත් කඩුලු 5 අවස්ථාවක් සාර්ථක කර ගැනීමට සමත් විය.

ලකුණු 8ක පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට පැමිණි වේල්ස් කුමර විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් ඉතාමත් සාර්ථක ආරම්භයක් ගොඩනංවා ගත්තේ නායක  සුවත් මෙන්ඩිස් (ලකුණු 85) ලබා ගත් වටිනා අර්ධ ශතකයත් සවියක් කරගෙනයි. නැවතත් සාර්ථක වූ ගිශාන් ලකුණු 56කට කඩුලු 2ක් දවා ගන්නා ලදි. කඩුලු 3ක් දැවී ලකුණු 122ක් ලබා සිටි වේල්ස් කුමර විද්‍යාලය රාජකීය විද්‍යාලයට ලකුණු 131ක ඉලක්කයක් හිමිකර දෙමින් සිය ඉනිම අත්හිටවූ නමුත් එය හඹා යාමට තරම් ප්‍රමාණවත්  පන්දුවාර ප්‍රමාණයක් ඉතිරිව නොතිබූ නිසා තරග නවතා දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම – 237 (84.4): දේවක පීරිස් 55, පසිඳු පැතුම් 45, විනුජ රන්පුල් 38, තරිඳු ගිමන්ත 33, ගිශාන් බාලසූරිය 5/80, කමිල් මිශාර 3/16.

රාජකීය විද්‍යාල පළමු ඉනිම –  229 (82.1): පසිඳු සූරියබණ්ඩාර 98, කමිල් මිශාර 47, අහන් සංචිත 24, කෞමාල් නානායක්කාර 5/70, කවිඳු ඩිල්ශාන් 2/27, සුවත් මෙන්ඩිස් 2/63.

වේල්ස් කුමර විද්‍යාල දෙවන ඉනිම – 122/3d (31.3): සුවත් මෙන්ඩිස් 85, ගිශාන් බාලසූරිය 2/56.

සිංගර් කුසලාන පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආනන්ද විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන තරගය අද (11) උදෑසන 9.30 සිට සජීවීව ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<