‘ශ්‍රී ලංකා Greats XI’ සහ ‘Team ශ්‍රී ලංකා’ ගැටෙන දිනය තීන්දුයි

192

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා Greats XI’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන  පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ‘Team ශ්‍රී ලංකා’ කණ්ඩායම් අතර අරමුදලක් රැස්කිරීම අරමුණු කරගනිමින් ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

2021 මැයි මස 04 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මෙම තරගයෙන් උපයා ගනු ලබන සියලුම මුදල් COVID-19 වසංගතයට එරෙහිව සටන වෙනුවෙන් බැර කිරීමට නියමිතයි.

1996 ලෝක ශූරතාව දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද ඇතුළත් ‘ශ්‍රී ලංකා Greats XI’ හිටපු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත වනවා. 

තවත් ක්‍රිකට් පුවත්:

‘Team ශ්‍රී ලංකා’ කණ්ඩායම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ද ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින, නැගීඑන සහ සංවර්ධන සංචිත නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගෙන් සමන්විත වෙනවා.

විස්සයි-විස්ස තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ලබන මැයි 04 වැනි අඟහරුවාදා රාත්‍රී. 7.00ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර එය ලොව පුරා සජීවීව විකාශය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබෙනවා.

ශ්‍රී ලංකා Greats XI කණ්ඩායම

සනත් ජයසූරිය (නායක), අරවින්ද ද සිල්වා, සමන් ජයන්ත, නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, තිලාන් තුෂාර මිරැන්ඩෝ, අජන්ත මෙන්ඩිස්, උපුල් තරංග, උපුල් චන්දන, චාමර කපුගෙදර, මලින්ද වර්ණපුර, චාමර සිල්වා, ඉන්දික ද සේරම්, ෆර්වීස් මහරූෆ්, රසල් අර්නෝල්ඩ්

Team ශ්‍රී ලංකා කණ්ඩායම

දසුන් ශානක (නායක), කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, අශේන් බණ්ඩාර, තිසර පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, ඉසුරු උදාන, මොහොමඩ් ශිරාස්, විජයකාන්ත් වියස්කාන්ත්, ධනංජය ලක්ෂාන්, මහීෂ් තීක්‍ෂණ, ශිරාන් ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම.

සැ.යු – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ සංචිතයන් තවමත් නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කර නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <