Kohli ඇතුළු පිරිසක් වේලාසන එංගලන්තයට

ටෙස්ට් ලෝක ශූරතාවය 2022-23

445

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමෙන් පසු ඉන්දීය සුපිරි ක්‍රීඩක Virat Kohli ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් අද (23) එංගලන්තය බලා පිටත්ව තිබෙනවා. ඒ ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයට සූදානම් වීමටයි.

එම පිටත්ව ගිය ක්‍රීඩක පිරිසට Kohliට අමතරව Mohammed Siraj, Axar Patel, Umesh Yadav, Shardul Thakur සහ R Ashwin ඇතුළත් වන අතර ඔවුන් ටෙස්ට් තරගය ඉලක්ක කරමින් පුහුණුවීම් වල නිරත වීමට නියමිතයි.

ඉන්දීය සංචිතයට ඇතුළත් ව ආබාධයකට ලක්ව සිටින වේගපන්දු යවන ක්‍රීඩක Jaydev Unadkat ඔහුගේ ප්‍රතිකාර අවසන් වී සම්පූර්ණ සුවය ලැබූ පසුව කණ්ඩායමට එක් වීමට නියමිතව තිබෙනවා.

Jaydev Unadkat පුහුණු දැල් තුළ පන්දු යැවීම දැන් ආරම්භ කරලා තියෙන්නේ. අපි හිතනවා ඔහු වෙලාවට කලින් සුවය ලබයි කියලා,” යැයි ඉන්දීය ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කළා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර ආබාධයට ලක් වූ Umesh Yadav නැවතත් සංචිතයට එක්ව තිබෙන අතර විශේෂ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස Mukesh Kumar කණ්ඩායමට එක් වීමට නියමිතයි.

එමෙන්ම ඉන්දීය නායක Rohit Sharma, Shubman Gill, Ajinkya Rahane, KS Bharat, Ravindra Jadeja, Mohammad Shami සහ Ishan Kishan යන සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් සහ ආදේශක ක්‍රීඩකයින් වන Suryakumar Yadav සහ Ruturaj Gaikwad ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසානයේ එංගලන්තය බලා පිටත් වීමට සූදානමින් සිටිනවා.

ගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරග සඳහා එක්ව සිටින Cheteshwar Pujara ද සංචිතය සමඟ එක්ව පුහුණුවීම් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

වේගපන්දු යවන්නන්ට හිතකර එංගලන්ත ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීම සඳහා සූදානම් වන කණ්ඩායම් දෙකෙහි වේගපන්දු යවන්නන්ගේ සූදානමේ ද කැපී පෙනෙන වෙනසක් දක්නට ලැබෙනවා.

ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් වන Pat Cummins සහ  Mitchell Starc ටෙස්ට් ලෝක ශූරතාවය සහ අළුබඳුන තරගාවලිය ඉලක්ක කර ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වූ අතර ඔවුන් ටෙස්ට් තරග සඳහා ඉහළ සූදානමකින් පසු වෙනවා.

නමුත් ඉන්දීය කණ්ඩායමේ පන්දු යවන්නන් දීර්ඝ විස්සයි විස්ස තරගාවලියක් ක්‍රීඩා කර අවසන් කරන නිසා ඔවුන්ට රතු පන්දුවට හැඩ ගැසීමට හිමි වන්නේ ඉතා කෙටි කාලයක් පමණයි.

ටෙස්ට් සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර රතු පන්දුවෙන් පුහුණුවීම් කිරීමට සැලසුමක් සකස් කර තිබෙන බව ද මීට පෙර වාර්තා වුනා.

“මෙවර තරගාවලියේ බොහෝ ගමන් කිරීම් තියෙන නිසා ක්‍රීඩකයින්ට විවේකය ඉතා වැදගත්. ඒ නිසා තවත් අමතර පුහුණුවීම් කරන්න තියෙන අවස්ථාව ඉතාම අඩුයි,” යැයි කණ්ඩායමක සහය පුහුණුකරුවෙක් ප්‍රකාශ කළා.

ලෝක ටෙස්ට් තරග පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<