Red Stars දෙවැනි ජය ලබද්දී FA කුසලාන ශූරයන්ට තියුණු පරාජයක්

Vantage FFSL President's Cup 2020

355
FFSL

Vantage FFSL President’s Cup 2020 තරගාවලියේ අද (14) පැවති තරගවලින් ජයග්‍රහණය හිමි කරගැනීමට Serendib, Red Stars සහ Sea Hawks සමත් වූ අතර තියුණු සටනකින් අනතුරුව Saunders සහ Defenders අතර තරගය සමව අවසන් විය.

Serendib FC – Ratnam SC

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ආරම්භ වී 5 වැනි මිනිත්තුවේ දී මුල්ම ගෝලය රැස් කිරීමට Serendib නායක මොහොමඩ් ආසීර් සමත් වූ අතර එම ගෝලයට පිළිතුරු වශයෙන් තරගයේ 6 වැනි මිනිත්තුවේ දී ගෝල රාමුවෙන් පිටත සිට එල්ල කළ අලංකාර පහරක් ගෝලයක් බවට පරිවර්තනය කරගනිමින් ගෝල තත්වය සම කිරීමට Ratnam ක්‍රීඩක Rajkumar Santhan සමත් විය.

තරගයේ 9 වැනි මිනිත්තුවේ දී Serendib ක්‍රීඩකයන්ට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් දෙවන ගෝලය ලබා දීමට Evens Asante සමත් වූ අතර පළමු අර්ධය ගෝල 2-1ක් ලෙස අවසන් විය.

Serendib වෙනුවෙන් 48 වැනි මිනිත්තුවේ දී තුන්වැනි ගෝලය රැස්කර දීමට හේමන්ත සමත් විය. තරගයේ 67 වැනි මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් සිය දෙවැනි ගෝලය ලබා ගැනීමට Evens Asante සමත්වූයේ සිය කණ්ඩායමට අවශ්‍ය පරතරය ද ලබා දෙමිනි.

රත්නම් ක්‍රීඩකයන් වෙනුවෙන් 74 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය රැස් කර දීමට චිත්‍රකුමාර් සමත්වූවත් තරගයේ 91 වැනි මිනිත්තුවේ දී Evens සහ 96 වැනි මිනිත්තුවේ දී රියාස් ලබා ගත් ගෝල දෙකත් සමඟින් දැවැන්ත ජයක් ලබා ගැනීමට Serendib ක්‍රීඩකයන් සමත් විය.

අවසන් ලකුණු තත්වය: Serendib FC 06 (02) – 02 (01) Ratnam SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Serendib FC: මොහොමඩ් ආසීර් 5’, Evens Asante (9’,67’&90+1’), හේමන්ත ජයවීර 48’, රියාස් අහමඩ් 90+6 ‘
  • Ratnam SC: Rajkumar Santhan 6’, චිත්‍රකුමාර් 74’

Police SC – Sea Hawks FC

තුරඟ තරග පිටියේ පැවති මෙම තරගයේ ගෝල වාර්තා කරන්නට ආසන්න අවස්ථා කිහිපයක් කණ්ඩායම් දෙකේම ගෝල රකින්නන් විසින් වැළැක්වූ නිසාවෙන් පළමු අර්ධය ගෝල රහිතව අවසන් විය.

තරගයේ 57 වැනි මිනිත්තුවේ දී Sea Hawks ක්‍රීඩක මොහොමඩ් අස්මීර් ලබා ගත් ගෝලයත් සමඟින් වර්තමාන FA කුසලාන ශූරයන්ව පරදවමින් තරගාවලියේ මුල්ම ජය ලබා ගැනීමට Sea Hawks ක්‍රීඩකයන් සමත් විය.

අවසන් ලකුණු තත්වය: Police SC 00 (00) – 01 (00) Sea Hawks FC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

Sea Hawks FC:  මොහොමඩ් අස්මීර් 57’

තවත් කියවන්න: 


Super Sun SC – Red Stars FC

සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ආරම්භයේ සිටම පාලනය තමන් වෙත නතු කරගැනීමට Red Stars ක්‍රීඩකයන් සමත් වූ අතර 36 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබා ගැනීමට Super Sun ක්‍රීඩකයන්ට තිබූ ආසන්නම අවස්ථාවක් Red Stars ගෝල රකින්නාගේ සාර්ථක වැළැක්වීමක් නිසාවෙන් මගහැරුනි.

42 වැනි මිනිත්තුවේ දී ගෝල රාමුවෙන් පිටත සිට අලංකාර පහරක් එල්ල කරමින් තරගයේ මුල්ම ගෝලය රැස්කිරීමට Red Stars ක්‍රීඩක රහමන් සමත් වූ අතර එම ගෝලය නිසාවෙන් පළමු අර්ධය ගෝල 1-0ක් ලෙස අවසන් කිරීමට Red Stars ක්‍රීඩකයන්ට හැකි විය.

දෙවැනි අර්ධය ආරම්භයේ පටන්ම එම අර්ධය ද සිය පාලනයට ගනිමින් ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කිරීමට Red Stars ක්‍රීඩකයන් සමත් වූ අතර 60 වැනි මිනිත්තුවේ දී ගෝල රාමුව තුළට ලැබූ පන්දුවක් නිවැරදිව ස්ථානගත කරමින් කණ්ඩායමට දෙවැනි ගෝලය රැස්කර දීමට Red Stars ක්‍රීඩක විජයසිංහ සමත් වීමත් සමඟ තරගය ගෝල 2-0ක් ලෙස ජය ගනිමින් තරගාවලියේ දෙවන ජය ලබා ගැනීමට Red Stars ක්‍රීඩකයන් සමත් විය.

අවසන් ලකුණු තත්වය: Super Sun SC 02 (01) – 00 (00) Red Stars FC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Red Stars FC – රහමන් 42’, විජයසිංහ 60’

Saunders SC – Defenders FC

තුරඟ තරග පිටියේ දී පැවති මෙම තරගය Saundersට Red Stars හමුවේ පෙර තරගයේ ලැබූ පරාජය නිසාවෙන් ඉතා වැදගත් තරගයක් වූ අතර 06 වැනි මිනිත්තුවේ දී පැතිපහර අවස්ථාවක් සාර්ථක කරගනිමින් Defenders ක්‍රීඩක Shaib Manzook පළමු ගෝලය වාර්තා කරන්නට සමත් විය.

29 වැනි මිනිත්තුවේ දී තරගයේ දෙවැනි ගෝලය රැස් කරගැනීමට Defenders ක්‍රීඩක සජිත් කුමාර සමත් වූ අතර එම ගෝලයත් සමඟින් පළමු අර්ධය ගෝල 2-0ක් ලෙස අවසන් කිරීමට Defenders ක්‍රීඩකයන් සමත් විය.

පළමු අර්ධයේ සිදු වූ පසුබෑමෙන් පසු ඉතා ශක්තිමත්ව දෙවන අර්ධයට පිවිසි Saunders වෙනුවෙන් 59 වැනි මිනිත්තුවේ දී චලන චමීර යොමු කළ පන්දුවක් නිවැරදිව ස්ථානගත කරමින් මුල්ම ගෝලය වාර්තා කරන්නට මොහොමඩ් නලීම් සමත් විය.

එම ගෝලයෙන් අනතුරුව තරගයේ 63 වැනි මිනිත්තුවේ දී Saunders ක්‍රීඩකයෙකු එල්ල කළ පන්දුවක් දඬුවම් රාමුව තුල සිටි Defenders ක්‍රීඩක පී. සිල්වාගේ අතෙහි දැවටීම නිසාවෙන් ලද දඬුවම් පහර සාර්ථකව අවසන් කරමින් ලකුණු තත්වය සමකර දීමට සුන්දරාජ් නිරේෂ් සමත් විය. ඉන්පසුව කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයන්ට ගෝල ලබාගැනීමට නොහැකි වූ නිසාවෙන් තරගය ගෝල 2-2ක් ලෙස සමව අවසන් විය.

අවසන් ලකුණු තත්වය: Saunders SC 02 (00) – 02 (02) Defenders FC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Saunders SC: මොහොමඩ් නලීම් 59’, සුන්දරාජ් නිරේෂ් 63’ (P)
  • Defenders FC: Shaib Manzook 6’, සජිත් කුමාර 29’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<